තෙපානිස්ගෙ අවතාරයෙ පලිගැනීම
වස පුරාම හොඳට අඑඟ වෙහෙසල වැඩ පොල කරල ඇඟේ අමාරුව යන්නත් එක්ක හැන්දෑවට රා වීදුරුවක් දෙකක් බොන එක ගමේ ගොඩේ හුග දෙනෙක්ගෙ සිරිත. ඒත් ඒක ඒ හැටි වැරැද්දක් හැටියට ගනං ගැනෙන්නෙ නෑ.. ගුණේරිස්ගෙ රා පොළ බොහොම ප්රසිද්ධ තැනක්. ගංතුලානෙ හිටපු හුඟ දෙනෙක්ම ගුණේරිස්ගෙ ස්ආමාජිකයො වෙලා හිටිය.
රා විදුරුවක් බොනව නං ගුණේරිස්ගෙන්ම බොන්න ඕනෙ. ආයෙ කටක් ඇරල නරකක් කියන්න බැරි රා. කෙලින්ම කිතුල් ගහෙන් බාන එව්ව නෙව..
හුඟ දෙනෙක් ගුණේරිස්ගෙ රා පාරට්ටු කලේ එහෙමයි..
බබානිස් ඒ කාලෙ ගමේ හිටපු හොඳ හැඩි දැඩි ඉලන්දාරියෙක්... හැඩි දැඩි ව්අගේම උන්දැ නාහෙන නාහන හාදටෙක්.. හිතුවෙ මොකක්ද ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒදේ කලා කලාමයි.. බබානිස් එක්ක බයනිසා කවුරුත් කතා බහ කළෙත් වැඩකටයුතු කලෙත් බොහොම පරිස්සමින්..
ඩිංග ඩිංග එහා මෙහා වුණොත් සක්කරයගෙ වුනත් මූනට දෙක තුනක් අනින්න බබා නිසා පසුබට වුනේ නෑ.. ඔය නිසා බබානිස්ගෙ නම පොලිස් පොතෙත් දෙතුන් වතාවක්ම ලියවිලා තිබුන.. හැමදාම හැන්දෑවට ගුණ්රිස්ගෙ රා පොළට බබානිස් සේන්දු වෙන්න අමතක කලේ නැහැ.. බබානිස් වගේ චන්ඩියෙක් එක්ක ආරවුල් ඇති කරගන්න එක ඇඟට ගුණ නැති හින්ද ගුණේරිස් සල්ලි තිබුණත් නැතත් බබානිස්ගෙ රා ටික නම් වැරැද්දුවෙ නෑ..
රා පොලේදි ඇතිවූවද පුංචි නෝක්කාඩුවක් තියන ගමේ හිටපු තෙපානිසුයි බබානිසුයි අතරෙ ආරවුලක් ඇතිවූනා.. ගුණේරිස්ගෙ මැදිහත් වීමෙන් රා පොලේ හබේ එතැනින් නතර වුනා වගේ පෙනුණට බබානිස් ඒක නතර කලේ නෑ.. තෙපානිස් පුරුද්දක් හැටියට රෑට ගිං ගඟේ දැල් දාල මාළු අල්ලන්න යනව. වීසි දැන කියන්නෙත් ඕං ඒකටම තමයි.. තෙපානිස් ඉන්දැගෙ පුංචි ඔරුවෙන් ගඟ මැද්දට ගෙහුන් රෑට දැල ගහල මාළු අල්ලනව.
බබානිස්ගෙයි තෙපානිස්ගෙයි හබෙත් සතියකට විතර පස්සෙ දොහක මාළු අල්ලන්න ගිය තෙපානිස් ගෙදර ආවෙ නෑ.. පහු වෙනිද ගමේ ගොඩේ උන්දැල ඔක්කොම එකතුවෙලා තෙපානිස් හොයන්න පටං ගත්ත. ඒත් තෙපානිස් හොයාගන්න බැරි වුනා.. කොයි කවුරුත් අඬල දොඩල තෙපානිස් ගැන කතාබහ කලා.
කොයි කවුරුත් රහසින් තෙපානිස්ගෙ අතුරුදන්වීම පිටිපස්සෙ ඉන්නෙ බබානිස් බව සැක කලත් ඒක එලිපිට කියන්න තරම් ජගතෙක් ගමේ හිටියෙ නෑ. නැති ආරවුල් ඇති කොරගන්නෙ මොකටද ? තෙපානිස් නැති වුණා.. ඉන්නෙ බබානිස් නෙව..
බබානිසුත් තෙපානිස් ගැන එකම එක වචනයක්වත් කතා කලේ නෑ.. කොතන හරි තෙපානිස්ගැන කතා වෙනව ඇහුණොත් බබානිස් එතනින් හිමින් සීරුවෙ ලිස්සල ගියා මිසක් ඇහුණු වගක්නම් ඇඟෙව්වෙ නෑ..
පුරුදු විදියටම ගුණේරිස්ගෙ රා පොළට යන එක බබානිස් නතර කරල තිබුණෙ නෑ.. එද ඒවගේ දවසක්. ගොම්මං වෙලාවෙ ගුණේරිස්ගෙ රා පොලට ඇදුන බබානිස් රා සප්පායම පටං ගත්ත.. බබානිස් මලය. පුංචි කටගැස්මක් තියෙනව. කැමති නං දෙන්න පුළුවන්
ගුණේරිස් කිව්වෙ කට කොණකිං හිනා වෙලා.
ලුණු ඇටයක් දෙකක්, උම්බලකඩ කෑල්ලක් වගේ දෙයක් එක්ක රා ගිලදාන එකට වැඩිය කට ගැස්මක් තිබුණොත් කොච්චර අගේද
කට ගැස්මක් යස අගෙයිනොවැ. මොනවද ගුණේරිස් අය්යෙ
වල් ඌරුමස් කෑල්ලක් දෙන්ට පුළුවනි
වල් ඌරුමස් ? ආයෙ කියන්ටත් කාරියක්ද බං ? රජ කෑමක් නොවැ.. ගෙනෙන් ගෙනෙන්. විගැහින් ගෙනෙන්..
වල් ඌරුමස් කිව්ව ගමං බබානිස් පරල වුණා වගෙයි, ගුණේරිස්ට පෙනුනෙ.. පොල්කටුවකට දාපු වල් ඌරුමස් කෑලි දෙක තුනක් ගෙනත් බබානිස් ලඟින් තියපු ගුණේරිස් කතා කලේ ටිකක් සද්ද බද්ද අඩු කරල
යස වල් ඌරුමස් ටික බං. ඔය වගේ කෑමක් ඉතින් කාලෙකින් නෙවැ හම්බු වෙන්නෙ.
කොයින්ද උඹට/
බබානිස් ඇහුවෙ සුල මුල දැනගන්න හිතාගෙන
ඇත්තම කියන්නම් මලේ. මම ඉඳල හිටල දඩයම් යනව නොවැ. ඒත් ඉතිං හරි හමං සතෙක් එලා ගන්න ලැබෙන්නෙ කලාතුරකිං... ඊයෙ රෑ නම් කාලෙකට පස්සෙ වල් ඌරෙක් මුලිච්චි වුනා..
ඉති උඹට නරකයි අපටත් කෑල්ලක් දෙකක් දෙන්න
බබානිස් කිව්වෙ ගුණෙරිස් දුන්නු ඌරුමස් කෑල්ලක් රස කරන ගමන්
ඇයි ඒකනෙ ඉතිං උඹට දුන්නෙ
මේක මොකක්ද. කටට දැනෙන්න කන්න නම් කෑලි හත අටක්වත් එපායැ.. මීට වඩා පිදේනි තට්ටුවකටත් මස් තියනව නොවැ බං...
බබානිස් හිනා වුනා.. ගුණේරිසුත් වල් ඌරුමස් වලට බබානිස් තියෙන පෙරේතකම නොදන්නව නොවෙයිනෙ..
හොඳා හොදා හිටින්කො.. ඕකට ආඩපාලි කියන්ට කාරියක්යැ.. උඹ යමින් ගමන මම උඹට උයපු ඌරුමස් ටිකක් දෙඤ්ඤංකො ගෙදර ගෙහුං කන්ට..
ඒක නේන්නම්
වෙනදා රෑ හත අට වෙනකොට පදමට සප්පායම් වෙලා ගුණේරිස්ගෙ රා පොලෙන් බබානිස් හීං සැරේම මාරුවෙන එකයි සිරිත. ඒත් එදා නම් එහෙම ව්උණේ නෑ.. ඌරුමසුත් එක්ක හිතේ හැටියට රා බීපු බබානිස්ගෙ පදමෙ රතු කට්ටත් පැනලයි තිබුණෙ...
හැබෑට කොහෙන්ද ගුණේරිස් අයියෙ උඹට මේ ඌර හදි ගැහුණෙ ? මම මේ කොච්චරවත් කැලේ කලේ හක්කොලං කරනව.. මේ ගමේදි එක වල් ඌරෙක්වත් හදිගැහිල නෑ නෙව බොලං..
බබානිස් අඑහුවෙ ඌරුමස් ටිකක් රස වැටුණු තරම නිසාමයි
එව්ව ලැබෙන්න පින තියෙන්ට ඕනැ මලේ.
ගුණේරිස් හිනා වුනේ ඔච්චමට වගේ
හොඳයි හොඳයි උඹ පිං කාරල නෙව.. අපි පව් කාරයො, බේබද්දො මිනීමරුවො..
මම එහෙම කිව්වැයි මලේ.
හරි හරි ඒක අල්ලලදාපංකො. මට කියාපං මේ වල් ඌර උඹට හදිගැහුණෙ මොන ඉසව්වෙදිද කියල..
මේකත් දඩයම පටන් ගන්න වගෙයි හදන්නෙ. හැබැයි ඉතින් මූ තුවක්කුවක් අතට ගත්තොත් සත්තු විතරක් නෙමේ මිනිස්සුත් දඩයම් කරන්න බැරි නෑ. තෙපානිස්ට වුනේ මොකක්ද කියල එලි නූනට ඒක මේකගෙ කෙරුවාවක් කියල අපි නොදන්නවයැ.. කොහොම වුණත් නොකියත් බෑනෙ..
මොකද ගුණේරිස් අය්යෙ කල්පනාව...
නෑ මලේ.. මට මතක් වුණේ වල් ඌර හදිගැහුණ හැටි. ඌ මට හදිගැහුනෙ බිං කනත්තෙදි.
බිං කනත්ත කියන නම ඇහෙද්දි එක පාරටම බබානිස් ගැස්සුණ හැටි ගුණේරිස්ට අපූරුවට පෙනුනා.. කොටින්ම බබානිස්ගෙ මූනට මොකක්ද බයක් ඇතිවුණා වගෙයි.. ගුණේරිස්ට හැඟුනෙ
බිං කනත්තෙ කොහෙද බං වල් ඌරො
බබානිස් කිව්වෙ කොඳූරනව වගේ සද්දෙකින්. ඒ වෙනකොට නම් ගුණේරිස්ට හොඳටම බබානිස්ගෙ වෙනස තේරිලයි තිබුණෙ. මොකක් හරි රහසක් තියෙනවා කියල ගුණේරිස්ට හිතුනා..
තව රා පොල්කටුවක්පෙව්ව නං ඒඛත් අහගන්න තිබුණා
බිං කනත්ත කියන්නෙ ගිං ගඟ අයිනෙ තිබූන පාලු ඉසව්වක්. බිං කනත්තට අයිතිකාරයෙක් හිටියෙ නෑ. රූස්ස ගස් කොලන් වැවිල තිබූණු බිං කනත්ත එහෙම පිටින්ම කැලෑවක්. ගමේ උදවිය ව්ඇටට ඉන්නක් කපාගන්න ඕනෙ වුනොත් හරකෙක් දිගේලි කරන්න ඕන වුනොත් රිංගන්නෙ ඔය ඉසව්වට තමයි
ගං ඉවුරෙ තිබුණු රීස්ස නුග ගහ නිසා බිං කනත්ත එහෙම පිටින්ම වගේ අඳුරු ගුහාවක් වගේ පෙනුණේ.. කොහොම වුනත් ඔය ඉසව්ව අයිනෙත් වැටුණු පාරදිගේ ගොම්මන් වෙලාවටත් මද්දහනෙවත් ගැමියන් ගමන් කලේ බොහොමචකිතෙන්. ගමේ පැතිරිලා තිබූනු කතාවල හැටියට ඔය නුගගහ ලඟ මහසෝනගෙ අවතාරෙ වරදින්නෙම න්
බිව් කනත්තෙ නුගගහ යටදි තමයි ගුණේරිස්ට වල් ඌර හදි ගැහුණෙ. වල් ඌර නුගගහ යටදි එලාගත්ත යැයි ගුණේරිස් විස්තර කරද්දි බබානිස් ඇස් දෙක ලොකු කරගෙන බලන් උන්නා මිසක් අඩුම තරමේ ගුණේරිස්ගෙ කතාවට උන්දෑ හූමිටි තිබ්බෙවත් නෑ
...බබානිස් හැසිරුණු පිලිවෙල ගැන ගුණේරිස්ගෙ හිතේ ඇතිවුණේ ලොකු සැකයක්.. ඒ නිසාම ගුණේරිස් අතින් පයින්දාල ඒ ඌරට වෙඩි තිබ්බ හැටි බොහොම හරබර ඇතුව විස්තර කලේ බබානිස්ගෙ කටින් මොනව හරි කියවෙයිද බලන්නම තමයි...................
උඹනං යකෙක් බං.. මම නම් ඔය බිං කනත්ත පැත්ත පලාතෙවත් යන්නෑ.. මගෙ අම්මප. මම නොවෙයි ඔය පැත්තවත් හැරිල බලන්නෙ.
බිං කනත්තෙ මහසෝණ ඉන්නව කියන කතාවනං මාත් අහල තියෙනව. ඒත් ඉතිං උඹ වගේ එකෙක් ඒ ගැන ඔච්චර තකනව කියල මට නං තුන්හිතකින්වත් හිතුවෙ නෑ බබානිස්.. කොටින්ම මම හිතං හිටියෙ උඹනම් යකාටවත් මායිම් කොරන්නෙ නෑ කියලයි..
ගුණේරිස් ඔච්චමට වගේ හිණාවුනා......
නෑ බං. මම ඔය මහසෝනට නම් බය නෑ.. ඔය බිං කනත්තෙ නුගගහ යට මහසෝන විතරක් නෙමේ.. තෙපානිසුත් ඉන්නව. උන්දැගෙ අවතාරෙ මගෙ දෑසින්ම දෙතුන් වතාවක් දැකල තියෙනව..
බබානිස් කිව්වෙ කොදුරනව වගේ..
තෙපානිස් ? අර අතෘදන් වුණ තෙපානිස් ? ඒ කොහොමද බොලං උගෙ අවතාරෙ ඔතන තියෙන්නෙ.. මම ඔය කතාව ඇහුවමයි
බබානිස් ගුණේරිස්ගෙ දිහා බැලුවෙ අමුතු විදිහකට
උඹ මේ කතාව කාටවත් හෙම කියනව නෙවෙයි ගුණේරිස්.. ඔය තෙපානිසා බිං කනත්තෙ නුග ගහ යටදි මගේ අතින් එලොව ගියා. මම උගේ මළකුණ ඔය නුග ගහ යට තමයි වැලලුවෙ...
දෙය්යෝ ස්ආක්කි
ගුණේරිස්ටකියවුනා.. ගුණේරිස් බබානිස් දිහා බැලුවෙ පුදුමෙන්......
මම ඌව මරන්න හිතාගෙන නෙවෙයි උගෙ ඔරුවෙ හබල උදුරගෙන ඌට පතබෑවෙ.. කොටින්ම ඒ හබල් පාරට උගේ තුනටිය කැඩුණ. ඌ පොලොව දිගේ බඩගාන්න ගත්ත.. මට හොඳටම භය හිතුණ මේක පොලීසියෙ මහත්තුරුන්ගෙ කනට ගියොත් මට හිරේ යන්න වේවි කියල. මම තවත් හබල් පාරවල් දෙකතුනක් ඔළුවට ගහල වැඩේ එකලහක් කලා.. ඊට පස්සෙ උගේ මිනිය ඔය නුගගහ යට වලලලා දැම්ම.. සොහොන උඩින් කුරුඳූ පඳුරක් ඉන්දුව..
හත් ඉලව්වයි
ගුණේරිස් ඔලුවෙ අත ගහ ගත්තා..
මොකද ගුණේරිස්.
ඔය කුරුඳූ පදුරයට තමයි බං ඒ වල් ඌර ලැගල හිටියෙ. එක වෙඩිල්ලෙන්ම ඌ එහෙම මියැදුනා.. ව්එන ඌරො වෙඩිකාගෙන දුවනවා නෙව.. මූ අඩියක්වත් හෙලවුනේ නෑ.. කුරුඳූ ගහක් විකාගෙන මියැදිලා හිටිය
බබානිස් කිසිම දෙයක් කිව්වෙ නෑ. දිග සුසුමක් හෙළුවා විතරයි. වාඩි ව්එලා හිටපු බංකුවෙන් නැගිට්ට
උඹ යන්නද
නැතුව මෙතන ටැක් ගැහෙන්නයැ
ගුණේරිස් උයාපු වල් ඌරුමස් ටිකකුත් ඔතලා බබනිස්ට ගෙනත් දුන්නෙ ගෙදර ගෙහුං කන්නයි.. ඒකත් අතට ගත්තු බබානිස් පාරට බහින්න හැදුවා..
තිත්ත කරුවලයි නෙව ගුණේරිස්.. මට හුළුඅත්තක් බැඳල දීපංකො......
හුළු අත්තකුත් ගුණේරිස්ගෙන් ඉල්ලාගත්තු බබානිස් පාර දිගේ වැනි වැනි යන හැටි ගුණේරිස් දිග සුසුමකුත් හෙලාගෙන උන්දැගෙ පැලට ගොඩවුනා///
කාලකණ්ණිය එහෙනම් ඌම තමයි අර අහිංසකය මැරුවෙ.. ඕව පලදෙන කරුම
බබානිස් හුළු එලිය අරගෙන පාරදිගේ ගියා.. තෙපානිස් මරපු හැටි බබානිස්ට මතක් වුනා. අන්තිම හබල් පාර ගහන්න හදනකොට තෙපානිස් අහිංසක විදිහට මූන බලපු හැටි බබානිස්ට මතකයි
ඌ විහින් නැහුණෙ.. ඌ මොකටද මට පාහර කතා කිව්වෙ.
බබානිස් හිත හෑල්ලු කරගන්න උත්සාහ කලා.. ඌරුමස් පොදියත් අරගෙන පාර දිගේ වැනි වැනි ආපු බබානිස්ට මහවත්ත ඉසව්ව පහු කරල බිං කනත්තට ලං වෙද්දි දැනූණෙ කවදාවත් නැති මහා දෙගිඩියාවක්.... ඒත් කරන්න දෙයක් තියේයැ. ගෙදර යන්න ඕන නම් බිං කනත්ත පහු කොරය යන්ට එපැයි. ඉක්මනට ගිහිං බිං කනත්ත පහු කොරන්න විනාඩි හත අටක් ගතවෙනව.
ඕන කෙං ගෙඩිය. මැරිච්ච තෙපානිසාට පුළුවන්ද මට හදි කොරන්ඩ.. ඌ මලානෙව
බබානිස් හිත ටිකක් තද කරගෙන හුළුඅත්තත් හොඳට වන වන ඉස්සරහට ගියා. හරියටම දෙමැද්දන් ජාමෙ. ගඟේ වතුර ගලා බහින සද්දෙ ඇරුණු කොට වෙන කිසිම සද්දයක් ඇහුණෙ නෑ./ ස්ඇරින් සැරෙ ඇහුණු කොල අතු හෙල්ලෙන සද්දෙ ගඟේ සද්දෙට ඉහලින් ඇඳී ආව.ඌරුමස් පොදියත් කිහිලි ගහගෙන ගිනිහුලත් වන වනා ගිය බබානිස් බිං කනත්ත ඉසව්වට අඩිය තිබ්බා විතරයි එක පාරට මහ වැස්සක් කඩාවැටෙන සද්දයක් ආව
හත් ඉලව්වයි ඒ පාර වැස්සකුත් පටන්ගත්තා හේමයි
බබානිස් තමාටම කියාගත්ත
ඒත් බබානිස්ට පුදුමේ උහුලා ගන්න බැරුවුණේ වැස්ස වැටෙන ස්අද්දෙ ඇහුණට එක වැහිබිංදුවක්වත් ඇඟට නොවැටුණ නිසා..... තවත් අඩි දෙක තුනක් ඉස්සරහට ගිය බබානිස් ආයෙම එක පාරටම වැටෙන වරුසාවක් ව්අගේ සද්දෙ ඇහුනා.. ඒ පාරනං වැහිබිංදුවෙනුවට ගල් බොරළු කැට ගොඩකින් බබානිස් නෑවිලා ගියා..
මොන පාහරයද යකෝ වැලි ගහන්නෙ.. බබානිසාගෙ හැටි නොදැනයි වරෙන් යකෝ
බබානිස් එක දිගට කුණුහරුප වැල කියන්න ගත්තෙ ගමේ ගොඩේ උදවිය අදහන විදිහට කුණුහරප කියනවට යක්කු බයයිලු නෙව.. ඒ විතරක් නෙවෙයි. වැලි ගහන්නෙ මහසෝනා කියල කතාවකුත් තියෙනව.. කොහොම වුණත් බබානිස්ගෙ හිත ඒ වෙනකොට කැලඹිලයි තිබුණෙ. ඊට පස්සෙ කිසිම සද්දබද්දයක් ඇහුණෙ නෑ..
සමහර විට මොකෙක් හරි හැංගිලා ඉඳල මාව බය කරන්න වැලි ගහන්න ඇති. උන් හිතුව මදි මේ බබානිසා බර කොරන්න..
බබානිස්ට හිතුන
එකපාරටම අතේ තිබුනු හුළු අත්තේ එලියට බබානිස්ට පෙනුණා පාර මැද්දෙ තියෙනලොකු කලු ගුලියක්. බබානිස් ඉද්දගැසුවා වාගේ නැවතුනා.. නිසොල්මනේ තිබුණු කලු ගුලිය දිහා බබානිස් නොසෙල්වී බලාගෙන හිටිය. ඉස්සරහට යන්නත් හිතට මොකක්ද වගෙයි.. පහත් වෙලා ගල් කැටයක් අරගෙන ගහන්න හිතුණත් බබානිස්ට දැනුණෙ තමන්ට හෙල්ලෙන්නවත් බැරි විදිහට ගෙල්වෙලා වගේ...
බබානිස් එකපාරටම කුණුහරුප වැල කියන්න ගත්තා.. පුදුමෙ කියන්නෙ ඒත් කටින් සද්දයක් නම් පිටවුනේ නෑ.. බබානිස්ගේ මුළු ඇඟම දාඩියෙන් පෙඟිල ගියේ හරියට නෑවා වගේ.. පාර මැද්දෙ තිබුණු කලු ගුලිය නලියන්න පටං ගත්ත. ඊට පස්සෙ එක පාරටම ගැස්සිලාගියා
එතකොටයි බබානිස්ට තේරුනේ පාර මැද්දෙ හිටියෙ කළු ඌරුතඩියෙක් කියල.. ඌරා උගේ ඇස් දෙක බබානිස් දිහාවට හැරෙව්ව.. ඌරගෙ ඇස් දෙක ගිනි පුපුරු දෙකක් වගේ රතුපාටට දිලීසුනා.. ඌරත් එසේ මෙසේ එකෙක් නොවෙයි..
ලොකු මිනිහෙක් තරම් ඇති.. බබානිස්ගෙ ඇඟ සට සට ගාල එවෙඋලන්න ගත්තා.. පස්සට හැරෙන්නත් බෑ.. ඉස්සරහට යන්නත් බෑ.. වෙනදෙයක් වුනාවෙ කියල බබානිස් අතේ තියෙන හුලු අත්ත හයියෙන් වැනුවා. ඒ එක්කම හයියෙන් පස්සට ගියපු ඌරා නොපෙනී ගියා
බබානිස් තවත් අඩි දෙකතුනක් ඉස්සරහට ගියා.. ගෙදර නොගිහින් ආපසු ගුණෙරිස්ගෙ පැලට ගියානම් අහකයි කියල හිතූනත් ඒකත් කරන්න බබානිස්ට හිත දුන්නෙ නෑ..
පහුවෙනිද උදේ වෙනකොට ගුණේරිස් ඔය කතාව ගමපුරා වපුරල තියේවි. මම බිං කනත්ත ලඟින් යන්න බයේ උගෙ පැලේ නිදාගත්තයි කියල. මම කොහොමද ගමේ උන්ගෙ මූණ බලන්නෙ. උන්ගෙ කෝචොක් අහනවට වැඩිය හොඳයි වෙන දෙයක් වුණාවෙ කියල ඉස්සරහට යනව.
එහෙම හිතපු බබානිස් හෙමින් සීරුවෙ ඉස්සරහට යන්න පටං ගත්තා. බිං කනත්ත පැත්තෙ කිසිම හැල හොල්මනක් නෑ
එක අතකට මම මේ ඌරෙකුටනෙ භයවෙලා තියෙන්නෙ. ඌ පාර මැද්දෙ නිදාගන්න ඇති.. පාරෙ නිදාගන්න එපා කියල ඌට කවුරුවත් නීතියක් දාල තියෙනවයැ
බබානිස් එහෙම හිත හිතා ඉස්සරහට ගියා
එකපාරටම උන්දැට දැනුණෙ කිහිල්ලෙ තියෙන ඌරුමස් පොදිය කවුරු හරි පස්සට අදිනවා වගේ.. බබානිස් පස්ස හැරිල බැලුවත් තිත්ත කළුවර මිසක් මෙලෝ දෙයක් පෙනුණෙ නෑ. උන්දැ ආයෙම ඉස්සරහට යන්න ගත්තා..
මෙන්න ආපහු මස් පොදිය කවුදෝ පස්සට අදිනවවා. බබානිස්ට හිතුනෙම මේ ඔක්කොටම හේතුව ඌරුමස් පොදිය නිසා වෙන්න ඇති කියල.පරයා. තොට ඕනෙ ඌරුමස්නේ. ඉඳා.කාපිය.. මේක කාල මට නිවිහැනහිල්ලෙ යන්න ඇරපිය..
බබානිස් ඌරුමස් පොදිය බිං කනත්ත පැත්තට වීසි කරල ආයෙම පිටත් වුනා.. ඒ වෙනකොට බබානිස් බිං කනත්තෙ නුග ගහ තියෙන ඉසව්වට ලං වෙලා හිටිය. නුග ගහ ලඟින් යන එක තමයි බබානිස්ට තියෙන අමාරුම ව්ඇඩේ.. තෙපානිස් මරු විකල්ලෙන් දඟලපු හැටි උන්දැට මැවිල පේනව..
කොහොම වුනත් බබානිස් ඉක්මනට ඒ ඉසව්ව පහු කරන්න හිතාගෙන අඩිය ඉක්මන් කලා
ඒත් ඉතිං යන්න ලැබුනෙ අඩි තුනහතරක් විතරයි.. නිග ගහ ලඟට යන්න හැරෙන තැන පාර මැද්දෙ ආයෙමත් අර ඌර දත් විලිස්සාගෙන බලා ඉන්නහැටි බබානිස්ට පෙනුන.. උන්දැ ඉණ අත ගෑවෙ ඉනේ හැම තිස්සෙම තියෙන කිරිමඩිය අතට ගන්න හිතාගෙන..
ඒත් කිරිමඩිය ඉණේ තිබුනෙ නෑ.. ඒක මගහැලිල. බබානිස්ට දෙයියො සිහිවුනා, අඩුම තරමෙ යකඩ කෑල්ලක්වත් අතේ තිබුණනං ගැලවෙන්න තිබුනැයි කියල බබානිස්ට හිතුණා.. බබානිස් ඉස්සරහට යන්න හිතාගෙන පන්දම වැනුව,,
ඒත් ඌර පාරෙන් අයින් වෙන පාටක් තිබුණෙ නෑ.. බබානිස්ට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් බෑ..පාර මැද්දෙ ගල් ගැහිල වගේ බලාගෙන හිටිය. විනාඩි දෙක තුනක් ගෙවිල යන්න ඇති.. ගිනිහුලත් ඉවර වීගෙන ආවා....
මොකින් මොක කරන්නද කියල බබානිස්ට කිසිම නිනව්වක් තිබුණෙ නෑ.. පාර මැද්දෙ ඉන්න ඌරගෙ ගිනිබෝල දෙකක් වගේඇස් දෙක දැකපු බබානිස් හිටියෙ අවසිහියෙන් වගේ.. ඌරගෙ සුදුපාට දත් වහල්ල දිලිසෙන හැටිත් ඌ සැරින් සැරේ රතුපාර දිව එලියට දාල තොල කට ලෙවකන හැටිත් බබානිස් බලාගෙන හිටියෙ පණ ගැහි ගැහී...
කකුල් 4න් හිටපු ඌර එක පාරටම කකුල් දෙකෙන් නැගිටිනා හැටි බබානිස් පුදුම වෙලා බලාගෙන හිටියා.. එතකොට ඒක මිනිහෙක් තරම් උසට පෙනුනා.. ඒ එක්කම ඌර සුදුපාටට හැරෙන්න ගත්ත.. බබානිස්ගෙ හිත කීරි ගැහිල ගියා..... මුළු ඇඟම පණ නැතුව ගියා වගේ බබානිස්ට දැනුණෙ.
පාර මැද්දෙ හිටගෙන හිටියෙ ඌරෙක් නෙවෙයි.. තෙපානිස් සුදුපාට සරම උඩ අමුණාගෙන අත්දිග මේස් බැනියමක් ඇඳල සුම්බරේ ඔලුවෙ බැඳල යස අගේට තෙපානිස් පාර මැද්දෙ හිටගෙන හිටිය..
අදනම් කිඉස්ම ගැලවුමක් නෑ.. මේක මාව බිල්ලට ගන්නයි හදන්නෙ. හොදයි බලමු
බබානිස් අඩියක් ඉස්සරහට තියද්දිතෙපානිස් අඩියක් පස්සට යනව වගේ බබානිස්ට පෙනුණා
බබානිස් තවත් අඩියක් ඉස්සරහට ගියා.. තෙපානිස් තවත් ඈත්වුනා
හූ තෝ මට බයයි බොල.. තෝ මැරිච්ච එකා.. මම තෝ මැරුව. තොට පුළුවන්ද මා මරන්න. තෝ එලෝ ගිය එකෙක්
පිස්සුවෙන් ව්අගේ කියාගෙන බබානිස් ඉස්සරහට යන්න පටං ගත්තා.. ටිකින් ටික තෙපානිස් පාවෙලා යනව වගේ බබානිස්ට පෙනුණා.. තමන් යන්නෙ කොහෙද කියල බබානිස් බැලුවෙ ඇඟේ කටු අකුල් දැවටෙන කොටයි. වට පිට බලපු බබානිස්ට දෙයියො සිහිවුනා..
උන්දැ හිටියෙ පාරෙ නෙවෙයි.. බිං කනත්තෙ මැද්දෙ. හරියටම කියනවනං මහ නුගේ ඉස්සරහ. තමා බිං කනත්ත මැද්දට ආවෙ කොහොමද කියල බබානිස්ට හිතාගන්න බැරි වුණා.. බබානිස් වට පිට බලද්දි එක පාරටම මහ නුගේ යටින් තෙපානිස් ආයෙම මතුවුණා....
ඒ පාරනං තෙපානිස් හිටියෙ බබානිස්ට ඈතින් එහෙම නෙවෙයි.. අතේ දුරින්. තෙපානිස්ගෙ කොණ්ඩෙ එහෙම පිටින්ම අවුල්වෙලා. අඑස් දෙක ගිනිබෝල දෙකක් වගේ දිලිසුණා.. තෙපානිස්ගෙ මුළු මූණම ලෙයිනනෑවිලා තිබුනා
අනේ තෙපානිස් මම හිතලා කල දෙයක් නෙවෙයි. මට සමාවෙයං. මම උඹට ගැහුවෙ මරන්න නෙවෙයි. ඒක අත්වැරැද්දක්. මට අනතුරක් කරන්න එපා..
බබානිස් කියාගෙන ගියා..
තෙපානිස් තවත් අඩියක් බබානිස්ට ලංවුනා... ටිකකට ඉස්සෙල්ල අපූරුවට තිබුණු තෙපානිස්ගෙ මූණ එහෙම පිටින්ම ඇට සැකිල්ලක් වෙලා තියෙන හැටි බබානිස්ට පෙනුනා..
ඒත් ඒ ඇට සැකිල්ලෙ ඇස්දෙක ගිනිබෝල දෙකක් වගේ දිලිසෙන හැටි දැකපු බබානිස් එක පාරටම අනික් පැත්තට හැරිල දුවන්න හැදුව,.ඒ එක්කම මොකක්දෝ දෙයක් තමුන්ගෙ ඉණ හරියට වැදෙන සැටිත් තමා විසිවී කටු පඳූරක් ඇතුලට ඇද වැටෙන සැටිත් බබානිස්ට දැනුනා..
බබානිස් කෑගහන්න උත්සාහ කලත් උන්දැගෙ කටින් එකම වචනයක්වත් පිටවුණේ නෑ...
ඉස්සරින්ද රෑ ගුණේරිස්ගෙ ගෙදරින් පිටවූන බබානිස් ගෙදර නොගිය නිසා මුළු ගමම එකතුවෙලා බබානිස් හොයන්න පටං ගත්ත.. ගමේ හැම තැනම හෙව්වත් බබානිස් ගැන හාංකවිස්සියක්වත් හොයාගන්න බැරිවුණා..
අපි බිං කනත්තෙ බලමු
ගුණේරිස් කිව්ව..
හිතයට තිබුණ රහස නිසා,, තෙපානිස්ගෙ අවතාරෙ බබානිස්ගෙන් පලිගත්තා වෙන්න බැරිද කියල ගුණේරිස්ට නිකමට හිතිලයි තිබුණෙ.. ඕං ඊට පස්සෙ බිං කනත්ත පුරා බබානිං හොයන්න ගමේ උදවිය කැලෑ ව්ඇදුන..
කොහොමින් කොහොම හරි බබානිස් හොයාගත්තෙ ගුණේරිස්මයි.. ගුණේරිස්ගේ යටි හිතේ පුංචි පහේ සැකයක් තිබූණ බබානිස් බිං කනත්තෙ මහ නුගේ යට ඉන්න පුළුවන් කියල.. ඒ සිතිවිල්ල වැරදිලාතිබුණෙ නෑ....
මහනුගේ යට තිබූනු කුරුදු පඳුර මුල බබානිස් කෙඳීරි ගගා වැටිල හිටියා..
උන්දැගෙ ඇඟපුරාම තුවාල වෙලා.. දල ඌරෙක් බබානිස්ට නොසෑහෙන්න පහරදීපු බව ගම්මුන්ගෙ මතය වුනා.. බබානිස්ගෙ කොන්ද බිඳීල තිබුණා.. ජීවිතේ බේරගන්න පුළුවන් වුනත් බබානිස් මුළු ජීවිතේම ගෙව්වෙ ඇඳ උඩ.. නොසෑහෙන්න විදව විදවා.. තුනටිය කැඩිල තිබුණු නිසා උන්දැගෙ තුනටියෙන් පල්ලෙහා කොටස පණ තිබුණෙ නෑ..
ගමේ උදවිය බබානිස් ගැන දුක් වුණත් ගුණේරිස්ගෙ හිත යටින් නම් දුක් වුනේ නෑ.. එදා රෑ බබානිස් කියපු විදිහට උන්දැ තෙපානිස්ගෙ තුනටියට හබලෙන් ගහල මරාදාපු නිසා ගුණේරිස්ට නම් හිතුණෙ බබානිස් කරපු කරුමෙ විඳොනව කියලයි.. ඒත් තෙපානිස්ගෙ මරණෙ ගැන ගුණේරිස් කට හෙලෙව්වෙ බබානිස් මියැදුණාටත් පස්සෙයි..
උපුටා ගත්තකි.

+6 