ඔය දෑසේ - Prihan

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සෑමදා නුඹ ‍රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා
මා මතකයේ ඔබ සදා
කෙසේ පවසම් දෝ මේ ආදරේ
සිත් තැවුල් ඇතිවෙයිදෝ
මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා
පෙම් හැඟුම් නුඹට දැනේදෝ
සුළඟේ පවා ‍රැ‍ඳෙන්නේ එපමණයි
ඔබට දැනේදෝ.......

අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උණුසුමින් තුරුළු වී කී වදන් හීනයක් සේ
මා හට දැනුනා ලය ඉන් නිවුනා
සෑමදා ඔබ මගේ ඔබ මගේ ඔබ මගේ

ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා නුඹ ‍රැඳේ..//
මිතුරන් සේ අප ලං වුනා මා මතකයේ ඔබ සදා..//