මචං...
මම ඉපදුන කාලෙ මං උඹව අදුරන්නෙ නැ මචං..
හැබැයි ඒකාලෙ අපේ අම්මයි අප්පච්චියි නම් උඹව හොදට අදුරනවලු…
ඒ කාලෙ එයාල අපි දෙන්නට එකට සෙට් වෙන්න දුන්නෙම නෑනෙ…
පොඩි කාලෙ ටිකක් ටිකක් උබව දන්නව…
ඕලෙවල් ඒම ලියල ඉවර වෙද්දි වෙන කාලෙ තමා අපි දෙන්න සෙට් වෙන්න ගත්තෙ..
උඹ මට සෙට් උන දා ඉදල මගෙ මුලු ජීවිතේම වෙනස් උනා මචං…
සමහර කාලවලට උඹ එක දිගට මාව හම්බෙන්න එනව දවස ගානෙ..
නිදාගන්නවත් දුන්නෙ නෑ උඹ මට..උඹෙන් තමා මං ලෝකෙ දකින්න පටන් ගත්තෙ..
අම්මයි අප්පච්චිය් නම් අපි දෙන්න හම්බෙනවට කිසිම කැමැත්තක් තිබ්බෙ නැ මුල් කාලෙ..
හැබැයි පහු වෙනකොට එයාල කැමැත්තෙන්ම ඒකට ඉඩ දුන්න..
මොකද උඹෙන් එයාලත් ජීවත් වෙන විදිය ඉගෙන ගෙන තිබ්බ..
අනික් අම්මලාට වඩා මට උඹ එක්ක එකට ඉන්න දුන්න එක ගැන මගෙ අම්මටයි අප්පච්චිටයි සෑහෙන්න පිං..
උඹ හින්ද මං දැන් දන්නව හිස් බඩකට දැනෙන බඩගින්න…
උඹ හින්ද මං දන්නව මනුස්සයෙක් ලගට ඇවිත් මහත්තයො කන්න කීයක් හරි දෙන්න කියද්දි ඒ මනුස්සයගෙ බඩේ තියන ගින්දර කොච්චර සැරද කියල..
උඹ මට ඒක කොච්චර හොදට ඉගැන්නුවද කිවොත් සමහර වෙලාවට මට කන්න තියන සල්ලි වලින් අනික් මනුස්සයොන්ට කන්න අරන් දෙන්න පුලුවන් තැනට මං හැදිල දැන්…
උඹට පිං..
බස් එකට මනුස්සයෙක් නැගල පිළිකාවකට,ලියුකේමියාවට, අරව මෙවට සල්ලි හොයනකට ඒ මනුස්සයගෙ වේදනාව සමහර දේවල් වලින් උඹ මට කියල දුන්න…
මනුස්සයො අසරන වෙන විදිය උනුවෙන හිතකින් බලන්න උඹ මට කියල දුන්න..
හැම දේකම වැරදි පේන මිනිස්සු ඉන්න තැනක ඇයි ඒ මිනිහ ඒ වැරැද්ද කරෙ කියල හිතන්න උඹ මට පුරුදු කරා…
හැම මිනිහෙක්ම වැරැද්දක් කරන්නෙ ඒ මිනිහගෙ ඒ වෙලාවෙ ඉන්න මානසික තත්වය හින්ද කියල හිතන්න මට දැන් තේරෙනව..
තමන්ගෙ ජීවිතේ නැති කරගන්න මිනිස්සුන්ට හිතෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ තියන නිවට කමට නෙමයි එවලෙට ඒ මිනිස්සුන්ගෙ තියන මානසික තත්වය කියන එක මට දැන් තේරෙන්ව…
උඹ නොහිටින්න මමත් අනික් සමහරක් වගේ ඒ වෙලාවට බූරුවෙක් වගේ පොර ටෝක් දෙන්න තිබ්බ...
අනික් උන් අම්මලාගෙන් සල්ලිවලින් ශොපින් කරද්දි ඩෙනිමයි ටී ශර්ට් එකයි බාටා දෙකක් දාගෙන ඔනෙ තැනක යන්න පුලුවන් කියල කියල දුන්නෙ උඹ මට..
අනුන්ගෙ වාහනයක් පැදල ඒකට මොනව හරි වෙනවට වඩා මගෙම කියල වාහනයක් ගන්න වැඩ කරන්න ඉලක්කයක් දුන්නෙ උබ මට…
මුලු ලෝකෙම ඔයා කියන සමහර අයට එක පාර ලෝක පැටලෙනව කියල උඹ මට කියල දුන්න.. සමහර අයට එපා උනාම කරපු හැම දේටම වඩා නොකරපු එක දෙයක් ඇති කියන එක කියල දුන්නෙ උඹ මට..
ලස්සන හිතකට වඩා හිස් වුනු සාක්කුව මිනිස්සුන්ට දැනෙනව කියල මං දන්නෙ උඹ හින්ද..
අවංකවම කීවොත් උඹව හම්බ උනේ නැත්තම් තනිකරම මම මල් බබෙක්…
පොලොවෙ පයගහල ජීවත් වෙන්න මට කියල දුන්නෙ උඹ..
Dr. Problem…
You Make me strong…..
Thank You so Much…
උපුටා ගැනීම බුකියෙන්.

Last edited: