ඔව් මම ගොඩයෙක් !

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඔව් මම ගොඩයෙක් !

    ඔව් මම ගොඩයෙක් !
    දවසක් රන්ඩුවකදී මට සමීපතම කෙනෙක් මට කියනවා “ඔයා ඉතින් ගොඩයෙක් නේ … ඔයගොල්ලෝ ඕවා ගැන දන්නේ නැහැනේ ” කියල. නිකමට කල්පනා කරනකොට හිතුන ඔව මම ගොඩයෙක් කියලා .. කොහොමද මේ “ගොඩයා” කියන වචනේ හැදෙන්න ඇත්තේ ? “ගොඩේ ස්ටයිල්” , “ගොඩේ කෑම”, “ගොඩයන්ට මැජික්”…. මට හිතෙනවා මේක යටත් විජිත ලංකාවේ ඇති වීමත් එක්ක හැදෙන්න ඇති කියල. සුද්දෝ වෙරළබඩ ප්‍රදේශ අල්ල ගත්තම “වෙරළ” කලාපයක් (සුදු ජාතිකයන් ගේ අලුත් පන්නයට හැඩගැහෙන) හා “ගොඩ” කලාපයක් (සම්ප්‍රදායික , නුගත් හා පරණ පන්නයේ) ඇතිවෙන්න ඇති කියන එකයි මගේ හැගීම. අද ගොඩයන්ගේ ප්‍රතිවිරුද්ධ පැත්ත “පොෂ්” අයනේ !
    ගොඩේ කම , නැත්තම් ගොඩයෝ ගැන කල්පනා කරනකොට මට මතක වෙන සංකල්පයක් තමයි Othering කියන එක. මේක අර්ථ දක්වල තියෙන්නේ “Othering is a way of defining and securing one’s own positive identity through the stigmatization of an “other.” කියල. දන්නා සිංහලෙන් කියනවා නම් “තමන් ගේ ධනාත්මක අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස අන් අය පහත් කොට දැක්වීම.”. උදාහරණයක්‌ වශයෙන් යටත් විජිත වාදය සලකා බලමු. එහිදී පෙරදිග රටවල් ආක්‍රමණය කරන්න සුද්දන් දෙන excuse එක “පෙරදිගයෝ නොදියුනුය , නුගත්ය , උන් හික්මවීම දෙවියන් අපට පවරන ලද වගකීමක්ය” යන්නයි. මේ මත තමන් පෙරදිගයන් හට වැඩිය උගත්ය , බලවත්ය යන ලෙස ස්වයං රෝපණය කරගත් මතවාදය උඩ මුළු පෙරදිගම ඔවුන් ආක්‍රමණය කරනවා..

    පොෂ් අය හා ගොඩයන් ඇතිවී ඇත්තේද මේ අනුවමයි. “පොෂ්” කුලකයේ අය අනිත් පාර්ශවය “ගොඩේ” ලෙස ලේබල් කරද්දී “ගොඩයන්” අනිත් කුලකය “පොෂ්” ලෙස හංවඩු ගහනවා.. “අලයෝ / ජෙප්පෝ (පේරාදෙණියේ නම් “බතලයෝ”) , “නිර්ධන / ධනපති” , “කල්ලෝ / සුද්දෝ”, “උඩරට / පහතරට” මේ ඔක්කොම ඇතිවෙන්නේ මේ සංකල්පය උඩ කියලයි මට හිතෙන්නේ..

    මමත් බැලුවම ඉතින් ගොඩයෙක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ගමේ මම ඉපදුනේ. මගේ දෙමවුපියෝ මටත් වඩා “ගොඩේ” .. අම්මා හම්බන්තොට උඩයාල ගමේ … තාත්තත් ඉපදුනේ වීරකැටියේ පස්මන් හන්දියේ මම ඉපදුන තැනමයි. මගේ මවු පරම්පරාවේ සියා ඉඩම් හිමි වැවිලි කරුවෙක්. මගේ අම්මගේ අම්මා ගුරුවරියක් (එත් ඉගැන්නුවේ “ගොඩේ” ඉස්කෝලෙක). මගේ තාත්තගේ පැත්තේ අයත් එහෙමම තමා.

    මම ඉපදුනේ 1982 දෙසැම්බර් මාසේ. එතකොට මගේ තාත්තා ගුරුවරයෙක්. අම්මා දන්ත චිකිත්සකවරියක්. තාත්තා ඉගැන්නුවේ වලස්මුල්ල , බෙලිඅත්ත, වීරකැටිය වගේ ප්‍රදේශවල. අම්මත් ඒ පැත්තේ පාසැල් දන්ත සායන වල වැඩ කරා …

    පොඩි දරුවෙක් විදියට මගේ ජිවිතේ පළමු මතකයන් තියෙන්නේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ. අපි නැවතිලා හිටියේ එහේ ගුරු නිවාසයේ.. මට තාම හොදට මතකයි මල් වගා කරපු ලස්සන ගෙයක්.. ඒ දවස්වල හිතුනේ ඒ “අපේ ගෙදර” කියලයි. මට තාම හොදින් මතකයි පොඩි කාලේ තණකොළ පිට්ටනියේ බිම දිගා වෙලා අහසේ වලාකුළු වල “රූප” බලපු හැටි. අහසේ වලාකුළු පා වෙනකොට ඒ අස්සෙන් මම සිංහයන් , මකරු , විවිධ සත්තු දකිනවා … පොඩි කාලේ එහෙම නිදහසේ අහස දිහා බලන් හිටියට පස්සේ එහෙම හිටපු කාලයක් මට මතක නැහැ. (ඔබ කවදා හරි අහසේ වලාකුළු දිහා බලන් ඉදල තියනවද ? )..

    තවත් හොදටම මතක දෙයක් තමයි ගුරු නිවසේ නාන කාමරේ.. එක හද්ද පරණ එකක්. මට හොදට මතකයි එකේ වවුල්ලු හිටියා …මගේ ප්‍රියතම ක්‍රීඩාව තමයි වතුර ඉහලා වවුල්ලු එලවන එක. ගෙදර හිටපු බල්ලා “සිබා” තවත් හොදින්ම මතක සතෙක්. මම ඒ දවස් වල හිතන් හිටියේ බල්ලෝ බිත්තර දානවා කියලයි ! :) සීබා වලක් හාරන් එකේ ලගින කොට මම ඌව එලවනවා “බිත්තර” බලන්න…

    මගේ ගොඩේ ජීවිතය පටන් ගත්තේ එහෙම තමයි.

    ගොඩේ කම , නැත්තම් ගොඩයෝ ගැන කල්පනා කරනකොට මට මතක වෙන සංකල්පයක් තමයි Othering කියන එක. මේක අර්ථ දක්වල තියෙන්නේ “Othering is a way of defining and securing one’s own positive identity through the stigmatization of an “other.” කියල. දන්නා සිංහලෙන් කියනවා නම් “තමන් ගේ ධනාත්මක අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස අන් අය පහත් කොට දැක්වීම.”. උදාහරණයක්‌ වශයෙන් යටත් විජිත වාදය සලකා බලමු. එහිදී පෙරදිග රටවල් ආක්‍රමණය කරන්න සුද්දන් දෙන excuse එක “පෙරදිගයෝ නොදියුනුය , නුගත්ය , උන් හික්මවීම දෙවියන් අපට පවරන ලද වගකීමක්ය” යන්නයි. මේ මත තමන් පෙරදිගයන් හට වැඩිය උගත්ය , බලවත්ය යන ලෙස ස්වයං රෝපණය කරගත් මතවාදය උඩ මුළු පෙරදිගම ඔවුන් ආක්‍රමණය කරනවා..

    පොෂ් අය හා ගොඩයන් ඇතිවී ඇත්තේද මේ අනුවමයි. “පොෂ්” කුලකයේ අය අනිත් පාර්ශවය “ගොඩේ” ලෙස ලේබල් කරද්දී “ගොඩයන්” අනිත් කුලකය “පොෂ්” ලෙස හංවඩු ගහනවා.. “අලයෝ / ජෙප්පෝ (පේරාදෙණියේ නම් “බතලයෝ”) , “නිර්ධන / ධනපති” , “කල්ලෝ / සුද්දෝ”, “උඩරට / පහතරට” මේ ඔක්කොම ඇතිවෙන්නේ මේ සංකල්පය උඩ කියලයි මට හිතෙන්නේ..

    ඉතින් කවුරු හරි ඔබට “ගොඩයෙක්” කිවුවොත් තරහ ගන්න එපා. එයාගේ අවශ්‍යතාවය ඔබව පහත් කරලා ඔවුන් උසස් ලෙස දැක්වීමයි.. ඉතින් ඒ වගේ කෙනෙක් ගේ මානසික සහනයට මොහොතකට “ගොඩයෙක්” වෙන්න ..

    කොහොම වුනත් “ගොඩයෙක්” වීම මට ආඩම්බරයක් !
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එළ
    මේකටත් ඌරෙක් රිංගලා නේ? ඕකුන් වැදගත් thread වලට රිංගුවොත් ගද තියලම තමයි යන්නේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඔය ලෝකයේ ඉන්නවා නේ පැලන්ති කිහිපයක්. ඉතා ධනවත් ම පැලැන්තිය, ඊට පස්සේ upper middle class , middle class, lower middle class, poor , කියල. ලංකාවෙත් එහෙමයි.

    ඔය රිච්, upper middle class හෝ සමහර විට middle class පැලැන්තියේ අය පොෂ් කියන ගණයට අයත් වෙනවා.

    ලංකාවේ පොෂ් කියන්නේ නවීන පන්නයේ විලාසිතාවට අඳින, නවීන බටහිර සින්දු අහන, ඉංග්‍රීසි යෙන් කතා කරන අයට. කොටින්ම කියනවනම් පොෂ් කෙනෙක් දැක්කම කියන්න පුළුවන්.:):)

    මම මේ ඉහත කියපු ඒවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුළුවන්. මට හිතෙන දේයි මම කිව්වේ.


    තව එකක්. සුදු ජාතිකයෙක් වුන පලියට පොෂ් වෙන්නෙත් නෑ. මෙහෙත් ඉන්නවා ගොඩේ සුද්දෝ.:P:P




     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Othering is a way of defining and securing one’s own positive identity through the stigmatization of an “other.”
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මම ගොඩේ ඉපදුනේ. ඒත් දැන් කොළඹ ඇව්ත් ජොබ් කරනව.
    එහෙම කරා කියල මගේ වචන වල වත් පොෂ් ගතියක් නෑ..
    ඇඳුම් පැළඳුම් චාම් තමයි..
    එක්කො මම පොෂ් වෙන්න දන්නෙ නෑ..
    එක්කො මම පොෂ් වුනත් පේන්නෙ නෑ..

     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    manussayek godayek wenne a miniha thamangena karana boru purajeruwen, kaiwaru gehillen misak game ipaduna ekinwath, salli nethi kaminwath nemei. anith eka anunta godaya kiyamin hema welema dagalanne mokak hari aduwak thiyena, eka hadaganna unanduwak nethi, eka eliwenawata baye inna minissu thamai...
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    coollogo_com-178711966.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වීරකැටියෙ උන් පොෂ් වෙන්න ගිහින් තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ....ඉන්න විදියට ඉන්නෙ නැතුව....