සර්ව ආගමික පූට්ටුව කියල අර්ථකථනය කරන්නේ
ප්‍රශ්න විසදගමු , එහෙම ප්‍රශ්න ඇති නොවෙන්ඩ හරි හමන් ක්‍රමයක් හදා ගමු , හම්බයෝන්ට ගහල උන්ට ගහල මුන්ට ගහල එලවනවා කියන එක ප්‍රයෝගික වැඩක් නෙවෙයි , මේ ප්‍රශ්න ඇති නොවෙන්ඩ නම් ක්‍රමවත් විසදුමක් ඕනි කියන එකටද ?
මුස්ලිම් අන්තවාදය සහ සිංහල අන්තවාදය දෙකම හොද නැහැ , එකට ඉඩ නොදී ඉමු කියන එකටද ?
හම්බයන්ව මරන්ඩ ඕනි එතකොටයි විසදෙන්නේ කියල හිතාගෙන ඉන්න උන්ට එකෙන් කිසිම දෙයක් විස දෙන්නේ නැහැ කියල කියනවටද ?
මම විරුද්දයි බුදුදහමට කරන බලු වැඩ වලට ,
එත් එකට විරුද්දව නැගිටිනවා කියල , එක පිටින් දාල , ආගම වලට කුණුහරප කියාගෙන සත්තු වගේ හැසිරෙන එකට විරුද්ද වෙනවටද ?
නැගිටපන් බන් හරි විසදුමක් වෙනුවෙන් ! එකට කව්රුත් ගහ මාර ගන්ඩ ඕනි නැහැ ,
මේකේ කියන විදිහට ගත්තොත් මමත් ජාති වාදියෙක් තමයි , එත් "මිනීමරු මානසිකත්වය " "නොහැදියව" "වැරදි වැඩ " වහන්ඩ මේ ජාතිවාදය පාවිච්චි කරන්ඩ එපා ,
බුදුදහම වයිරක්කාරයෝ බිහිවෙන ආගමක් කරන්න එපා , එක එහෙම ආගමක් නෙවෙයි , උබත් වෛරක්කාරයෙක් නම් එහෙම උනේ බුදු දහම නිසා කියල බුදු දහමට අපහස කරන්ඩ එපා !
බුදුදහමෙන් ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු හැටියට හොදින් ජිවත් වෙන විදිහ වෛර කරන්න නෙවෙයි ,
ඉතිහාස කතා වල තියනවා එක එක දේශපාලනික වීර චරිත ඒවගෙන් ඉගෙන ගන්න පුළුවන් යුද්ද කරන හැටි , යුද්ද වලදී කල වීර කම් ගැන
එත් බුදු දහමේ තියනවා දස රාජ දර්මය ,එකෙන් ඉගෙන ගන්න පුළුවන් රටක ට ප්‍රශ්න ඇති වෙන විදිහ බලල එකට විසදුමක් දෙන විදිහ , එහෙම නැත්තම් ප්‍රශ්න ඇති නොවී ජිවත් වෙන්න හොද පරිසරයක් හදාගන්නේ කොහොමද කියන එක
මේකෙන් මොකක්ද තොර ගන්න ඕනි ?