"ඔවුන් නික්ම යනු ඇත....."
දෙවිඳුන් පුදන්නට ඇදුණේ පල්ලියට
දෙවිඳුන් සිහි කරන් ඉන්නැති නිච්චියට
ජීවිතයෙන්ම පැමිණිය බව කෙළවරට
දැන ගත් අපට දෙවියන් සිහි විය යසට
මිනිසුන් කොහේ හිටියත් මිනිසුන් වෙන්නේ
ආගම, ජාතියෙන් නැහැනේ වෙන් වන්නේ
මිනිසුන් මරා කෙලෙසද දිනුමක් ගන්නේ
මේ අප රටද අහලා සිත දුක් වෙන්නේ
පල්ලියේ, හෝටලේ සිටි අය වෙන් වෙන්නේ
නොසිතූ වෙලාවක ජීවිත හැර යන්නේ
අකල් මරණ නොවෙනට අප පින් දෙන්නේ
අද හෙට ඔවුන් අප සැමගෙන් සමු ගන්නේ
අප පිළිගත් දහම කුමක් හෝ වේවා ඒ අනුව අපෙන් සමුගත් අප නොදන්නා හැම දෙනාටම පරලෝ සුවයම අත් වේවා!
දෙවිඳුන් පුදන්නට ඇදුණේ පල්ලියට
දෙවිඳුන් සිහි කරන් ඉන්නැති නිච්චියට
ජීවිතයෙන්ම පැමිණිය බව කෙළවරට
දැන ගත් අපට දෙවියන් සිහි විය යසට
මිනිසුන් කොහේ හිටියත් මිනිසුන් වෙන්නේ
ආගම, ජාතියෙන් නැහැනේ වෙන් වන්නේ
මිනිසුන් මරා කෙලෙසද දිනුමක් ගන්නේ
මේ අප රටද අහලා සිත දුක් වෙන්නේ
පල්ලියේ, හෝටලේ සිටි අය වෙන් වෙන්නේ
නොසිතූ වෙලාවක ජීවිත හැර යන්නේ
අකල් මරණ නොවෙනට අප පින් දෙන්නේ
අද හෙට ඔවුන් අප සැමගෙන් සමු ගන්නේ
අප පිළිගත් දහම කුමක් හෝ වේවා ඒ අනුව අපෙන් සමුගත් අප නොදන්නා හැම දෙනාටම පරලෝ සුවයම අත් වේවා!