ජීවත් වෙනවා කියන එක කියන්නෙම පට්ට කටුවක් කියලා දැන දැනම තව එකෙක් මේ ලෝකෙට ජීවිතයක් ගේන්න තීරණය කරා නම් ඒ ගේන එකා මේ ලෝකේ පණ ගහගෙන ඉන්න හැකියාවක් තියෙන තැනකට ඒනකම් ඌව අරන් යන එක අම්මා තාත්තගේ වගකීමක්.දෙමාපියන් දරුවන්ට කරන්නා වූ උපකාරය කුඩා කඩදාසියක අකුරු කරන්නට තබා සිතන්නටවත් නොහැක.
ඒක මේ දරුවන්ට කරන උපකාරයක්වත් වෙන මොන බම්බුවක්වත් නෙමෙයි.
අම්මා තාත්තා තීරණය කරලානේ ළමයි හදන්නේ, ඒ තීරණය හින්දා ළමයා කොච්චර කටුවක් කනවද ජීවත් වෙන කාලේ.
අපි පොඩි කාලේ උඹ හින්දා මෙහම දුක් වින්දා අපි මෙහෙමයි උඹට ඉගැන්නුවේ කියන එක පට්ට ආත්මාර්ථකාමී කතාවක්. ළමයින් හදන්නේ ඔය හැම දේම කරන්න වෙනවා කියලා නොදැන නෙමෙයිනේ.
අපේ උන් ළමයි හදන්නම නාකි උනාම බලාගන්න එකෙක් ඕන හින්දා මිසක් වෙන ලබ්බකට නෙමෙයි.
අම්මා තාත්තට සලකන එකවත් ගරු කරණ එකවත් වැරදි කියලා නෙමෙයි මම කියන්නේ. ඒක ඕනවට වඩා ඕවරේට් කරන එක වැරදී කියලා.
අපිත් ළමයි හදනවා නම් අනිවා ඔය තැනම ඉන්න ඕන. ඔය වගකීම් ගන්න බැරි නම්, ඔය කටු කන්න බැරි නම් ළමයි නොහදා ඉන්න ඕනේ. හැබැයි හැදුුවොත් මොන කටුව කාලා හරි ඒ ළමයට අපි බැදිලා ඉන්න වගකීම අපි ඉශ්ට කරන්න ඕන. අපිට ඕන හින්දා අපි ළමයෙක් මේ ලෝකෙට ගෙනල්ලා ඒ ගෙනාපු එක වෙනුවෙන් අපි ඒ ළමයගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක මහ #රි වැඩක්