ඔස්කාර් සම්මාන උළෙල.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔස්කාර් සම්මාන උළෙල.

    මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ සහ හොඳම නළුවා ඇතුළු සම්මාන 5 ක් The Artist නමැති නිහඬ චිත්‍රපටයට හිමිවුණා.
    නිහඬ චිත්‍රපටයක් සඳහා ඔස්කාර් සම්මාන හිමිවූයේ 1929 වැනි වසරට පසුවයි.


    Oscars-2012-logo.jpg


    මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මයිකල් හසැනවිසියස් (Michel Hazanavicius) විසින්‍.

    the-artist-movie3.jpg


    ඔහු ඔස්කාර් සම්මානයට පාත්‍රවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර චිත්‍රපටයේ රංගනයෙන් දායකවූ අගී සුනඛයාටද ප්‍රණාමය පුද කළා.

    uggi.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම නළුවා සම්මානය දිනාගනු ලැබුවේ ජීන් ඩුජාඩින් (Jean Dujardin) රංගන ශිල්පියා විසින්.

    article-2106986-11EE9EB4000005DC-618_470x633.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    The Artist චිත්‍රපටයට හොඳම සංගීතය සහ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානයද හිමිවුණා.
    මාටින් ස්කෝසීස් (Martin Scorses) විසින් නිර්මාණය කළ Hugo චිත්‍රපයටද ඔස්කාර් සම්මාන 5 ක් හිමිවූ අතර ඉන් බහුතරයක් පිරිනැමුණේ එහි තාක්ෂණික අංශය සඳහායි.
    The Iron Lady චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙරිල් ස්ට්‍රිප් (Meryl Streep) හොඳම නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තා.


    article-2106986-11EEBFE9000005DC-499_964x763.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    17 වතාවක් හොඳම නිළිය සඳහා නිර්දේශ වී ඇති ඇය මෙවර සම්මාන දිනාගත්තේ තුන්වැනි වරටයි.

    සම්මාන උළෙලේදී හොඳම සහය නළුවා ලෙස පිදුම් ලැබුවේ කැනේඩියානු රංගන ශිල්පී ක්‍රිස්ටෝපර් ප්ලමර් (Scristopher Plummer).

    sahaya.jpg


    82 හැවිරිදි ඔහු ඔස්කාර් හොඳම සහය නළුවා සඳහා පිදෙන සම්මානය දිනාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසයට එක්වුණා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    The Help චිත්‍රපටයේ රංගනය සඳහා ඔප්ටේවියා ස්පෙන්සර් (Octabia Spencer) හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තා‍.

    black.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී විදේශීය බසකින් නිර්මාණයවූ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඉරාන චිත්‍රපටයකට හිමිවූ අතර එහි අධ්‍යක්ෂවරයා අස්ගර් ෆාර්හාඩී (Asgehar Farhady).

    iran.jpg



    ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි කොඩැක් රංග ශා‍ලාවේදී මෙම සම්මාන උළෙල පැවති අතර එය මෙවර සංවිධානය වූයේ 84 වැනි වරටයි.
     

    Similar threads