ඔස්ට්‍රේලියානු බටහිර ප්‍රාන්තයේ Goldfields කලාප&#351

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඔස්ට්‍රේලියානු_බටහිර_ප්‍රාන්තයේ_Goldfields කලාප&#351

    බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපයටත් අලුතින් Skilled Migrant Visa ලැබෙයි.

    skilled_migration_sbs_6.jpg


    ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ මූලික අදියරට තවත් කලාපයක් තෝරාගෙන තිබේ.





    ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Kalgoorlie-Boulder නගරය ඇතුළුව Goldfields කලාපය මෙම DAMA වැඩසටහන සඳහා තෝරාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය


    wa_map_google.jpg




    බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය


    DAMA වැඩසටහනට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය ඇතුලත් කිරීමෙන් එම කලාපයේ විශාල ආර්ථික සංවර්ධනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

    මෙම තීරණයත් සමග DAMA වැඩසටහනේ මූලික අදියරට එක්වන ප්‍රථම කලාප අතරට Goldfields කලාපයද එක්වනු ඇත.

    මීට පෙර Warrnambool ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය සහ Northern Territory මෙම DAMA වැඩසටහනේ මූලික අදියරට එක් කළ කලාප විය.



    ඒ අනුව Goldfields කලාපයේ ඇති පතල්, ඉංජිනේරු, ඉදිකිරීම්, ළමා සුරැකුම් සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ඇති ශ්‍රම හිඟය පිරවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

    Goldfields කලාපයේ DAMA වැඩසටහනට ඉහත ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් 73 ක රැකියා ලැයිස්තුවක් සකසා ඇති අතර ඒ හරහා වසරකට නිපුණතා සංක්‍රමණිකයින් 500 කට අනුග්‍රාහකත්වය සැපයීමට සූදානම් බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman ගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

    Goldfields කලාපය විශාල ශ්‍රම හිඟයකින් පීඩා විඳිමින් සිටින බවත් මේ තීරණය හරහා එම අර්බුදය විසඳීමට හැකි බවත් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරන ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Rick Wilson පැවසීය.

    මේ වන විට Goldfields කලාපයේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා පුරප්පාඩු 1,500 ක් පමණ ඇති බවත් ඒවා ඉක්මනින් පුරවා ගැනීමට මෙය කදිම පියවරක් බවත් Kalgoorlie-Boulder නගර සභාවේ ප්‍රධාන් විධායක නිලධාරී John Walker පැහැදිලි කළේය.



    5_years_plan_sbs_news_4.jpg



    Designated Area Migration Agreement (DAMA)


    ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.

    ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

    මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

    එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය, Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය වෙයි.

    ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න්, පර්ත්, ගෝල්ඩ් කෝස්ට් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට මේ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබේ.

    ඊට අමතරව ඒ ඒ ප්‍රාදේශීය කලාප වල පවතින ශ්‍රම හිඟය පුරවා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමද මෙහි මූලික ඉලක්කය වී තිබේ.

    එමෙන්ම ආර්ථික සංවර්ධනයක් ඇති කරන අතරේම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන පාලනයක් සිදුකිරීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

    DAMA වැඩසටහන යටතේ පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටද ඉඩ සැලසෙන නමුත් මෙය ආරම්භ කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කොට නොමැති බවද වාර්තා වේ.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    Okun horungen pawathena, aadiwasinta mix wuna adukule set ekak:rofl:

    ah mama danne na bro history eka nam....
    mata yaluwek kiwwe...uu talented ekek..mining field eke..
    uuta perth wala job walata daddi intervw waladi kiwwalu oyawa culturaly fit wnne na kiyala me office ekata :growl: passe uu melbourne gihin athal eke innawa
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හද්ද ඩොටේ...යන උන් බලාගෙන යමල්ල...සංකාව හැදීල මැරෙයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    City of Kalgoorlie-Boulder :eek:




    මම අව්රුද්දක් විතර minning field එකේ වැඩ කලා...(FIFO) For BHP Billiton

    හද්ද ඩොටේ වැඩ කරනවානම් සල්ලි හොයගෙන වෙන ජොබක් හොයාගන්න එක ඇඟට ගුණයි....

    ජිවිතේ කියන්නේ සල්ලි ම නෙමෙයි...
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    City of Kalgoorlie-Boulder :eek:




    මම අව්රුද්දක් විතර minning field එකේ වැඩ කලා...(FIFO) For BHP Billiton

    හද්ද ඩොටේ වැඩ කරනවානම් සල්ලි හොයගෙන වෙන ජොබක් හොයාගන්න එක ඇඟට ගුණයි....

    ජිවිතේ කියන්නේ සල්ලි ම නෙමෙයි...

    bro thread ekak dapanko ...interesting wage....:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    bro thread ekak dapanko ...interesting wage....:D

    Thread දාන්න ඔය ඕන තරම් ඉන්නේ බන්...

    මට කරන්න පුළුවන් එකම උදව්ව ජොබක් හොයල දෙන එක විතරයි...But Only for Electrical/Mechanical/Civil Engineers and may be IT...
    PR or VISA තියන ජොබ් නැති උන් CV And cover letter forward කලොත් මම අපේ group එකට යවන්නම්....
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    Thread දාන්න ඔය ඕන තරම් ඉන්නේ බන්...

    මට කරන්න පුළුවන් එකම උදව්ව ජොබක් හොයල දෙන එක විතරයි...But Only for Electrical/Mechanical/Civil Engineers and may be IT...
    PR තියන ජොබ් නැති උන් CV And cover letter forward කලොත් මම අපේ group එකට යවන්නම්....

    na bro oya regional hitapu kaale gana :D