සියලුම හිම කඳු දිය වුණොත් ලෝක සිතියම කෙබඳු වේවි ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    J9AGknA4fSFL2y6A_file-20210128-17-18gdk12.jpg


    දේශගුණික විපර්යාසය ගැන කුමනාකාරයේ මත පළ වුණත්, පෙර නොවූ විරූ පරිදි පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ග්ලැසියර දිය වෙමින් පවතිනවා. වාර්තාගත උණුසුම් කාල වකවානු ලෝකයේ නන් දෙසින් මෑත වසරවල වාර්තා වූ හෙයින්, ඉදිරි දශක කිහිපය අධි අවදානම් වීම වැලැක්විය නොහැකි යි. පෘථිවියේ අයිස් සියල්ල ම දිය වී යාමට මත්තෙන්, ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑමට ආන්තික ලෙස බලපාන සාධක වලක්වා ගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

    ෆොසිල ඉන්ධන දහනයේ පාලනය සහ පරිසර හිතකාමී විකල්ප බලශක්ති ක්‍රම ගැන අප සිතන්නේ නැත්නම්, ගෝලීය උණුසුම හමුවේ සියලු ම ග්ලැසියර දිය වී මුහුදු මට්ටම අඩි 216 කින් පමණ ඉහළ යෑම වැළැක්විය නොහැකි යි. මුහුදු මට්ටම මෙලෙස දැවැන්ත අන්දමින් ඉහළ ගියහොත්, ලෝකයේ භූගෝලීය පෙනුම කෙබඳු වේවි ද?

    නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය ලෝකය පුරා විද්‍යාඥයන් සහ විශ්ව විද්‍යාල සමඟ එක් ව මෙම භූගෝලීය වෙනස්කම නිවැරදි ව නිරූපණය කිරීමේ උත්සාහයක යෙදුණා. ධ්‍රැවාසන්න ප්‍රදේශවල පවතින ග්ලැසියර පමණක් නොව, උස් කඳු මුදුන් මත පවතින අයිස්, සාගර සහ විල් මත පවතින අයිස් පවා දියවීමෙන් එකතු වන ජල ප්‍රමාණය මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. මහාද්වීපික මට්ටමෙන් සිදුවිය හැකි භූගෝලීය වෙනස්කම් ඔවුන් විස්තර කළ ආකාරය ගැන අපි දැන් සලකා බලමු.

    mIDkZA7cTowrbDGA___opt__aboutcom__coeus__resources__content_migration__treehugger__images__2014__01__north-america-sea-level-rise-cities-7c9e6076849942f5b3ead0b1909afc3e.jpg
    ඉහළ යන මුහුදු මට්ටමත් සමඟ එක්සත් ජනපදයට ෆ්ලොරිඩාව අහිමි වේවි. (ලා පැහැති දාර වලින් පෙන්වන්නේ වර්තමාන මායිම යි.
    - treehugger.com

    උතුරු අමෙරිකාවට ෆ්ලොරිඩාව අහිමි වේවි

    ග්ලැසියර දියවීම හමුවේ මුහුදු මට්ටම අඩි 216 කින් පමණ ඉහළ ගියහොත්, ලෝකය පුරා නව වෙරළ තීර නිර්මාණය වෙන්න පුළුවන්. එපමණක් නොව, අභ්‍යන්තර ව පවත්නා මිරිදිය විල්වල වපසරිය පවා වෙනස් වීමේ හැකියාව තිබෙනවා.

    උතුරු අමෙරිකා මහද්වීපය සැලකීමේදී වර්තමානයේ පවතින අත්ලාන්තික් මුහුදු වෙරළ සම්පූර්ණයෙන් ම අතුරුදහන් වේවි. එක්සත් ජනපදයට අයත් ෆ්ලොරිඩා ප්‍රාන්තය සම්පූර්ණයෙන් ම සිතියමෙන් මැකී යන අතර, මෙක්සිකෝ බොක්කට මායිම් වන රටවල් බොහෝමයකට සැලකිය යුතු ලෙසින් ගොඩබිම අහිමි වනු ඇති.

    පැසිෆික් සාගරයට මායිම් වන උතුරු අමෙරිකානු කලාපය සැලකීමේ දී, කැලිෆෝනියා ප්‍රාන්තය විශාල භූගෝලීය පරිවර්තනයකට ලක් වේවි. එහිදී කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රදේශය අවට කඳු ජලයෙන් යටවීම නිසා දූපත් පොකුරක් ලෙස දර්ශනය වනු ඇති.

    කැලිෆෝනියාවට ම අයත් මධ්‍යම නිම්නය සාගර ජලය පිරුණු යෝධ බොක්කක් බවට පරිවර්තනය වනු ඇති බව විද්‍යාඥයන් අනුමාන කරනවා. මධ්‍යම නිම්නය කියන්නේ වර්ග සැතපුම් 20,000 ක් පුරා විහිදෙන ලෝකයේ කැපී පෙනෙන ව්‍යුහාත්මක අවපාතයක්. කැලිෆෝනියා බොක්ක තවදුරටත් උතුරු දෙසට පුළුල් වන අතර, එමඟින් එක්සත් ජනපදයේ සැන් ඩියේගෝ නගරය ලොවට අහිමි වේවි.

    ප්‍රධාන උතුරු අමෙරිකානු භූමියේ මෙතරම් වෙනස්කම් සිදුවෙනවා නම් කැරීබියානු දූපත් කලාපයේ තත්ත්වය සෝචනීය වීම පුදුමයට කාරණයක් නොවේ. අපිත් ආදරය කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සිටින දූපත් සියල්ල ම මුහුදු ජලයෙන් යට වීම වැළැක්විය නොහැකි යි. කියුබාව නම් විශාල දූපත පවා කුඩා කොදෙව්වක් ලෙසින් දර්ශනය වේවි.

    Jln1kvBxcFTxsu5c_ice_melted_south_america_embed.jpg
    ඇමසෝන් සහ පැරගුවේ ගංඟා ද්‍රෝණි හරහා දකුණු ඇමරිකාව තුළට අත්ලාන්තික් සාගරය ප්‍රවේශ වේවි- topicsforseminar.com

    ගංගා මුහුදු ලෙස පෙනෙන දකුණු අමෙරිකාව

    දකුණු අමෙරිකාව කියන්නේ ලෝකයේ විශාල ගංගා කිහිපයකට ම උපත ලබා දෙන භූමියක්. ඒවායේ ජල පෝෂක ප්‍රදේශත් අති විශාල යි. උක්ත සඳහන් මට්ටමින් මුහුදු ජල මට්ටම ඉහළ ගියහොත්, උතුරේ ඇමසන් ගංඟා ද්‍රෝණිය සහ දකුණේ පැරගුවේ ගංඟා ද්‍රෝණිය අත්ලාන්තික් සාගරයේ ප්‍රවේශ ද්වාරයන් බවට පත්වේවි. මෙම ද්‍රෝණි කලාප හරහා අත්ලාන්තික් සාගරය ගොඩබිමට කා වදින අවදානමක් තිබෙනවා.

    දකුණු අමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් මේ නිසා අහිමි වෙනවා. ඒ අතර ආජන්ටිනාවේ හදවත බඳු බුවනෝස් අයර්ස් නගරය සහ උරුගුවේ රාජ්‍යයේ මොන්ටිවීඩියෝ නගරය විශේෂ යි. උරුගුවේ රාජ්‍යයට තම වෙරළෙන් විශාල කොටසක් අහිමි වන අතර, සම්පූර්ණයෙන් ගොඩබිමින් වටවූ පැරගුවේ රාජ්‍යයට පවා භූමියෙන් වැඩි කොටසක් අහිමි වීමේ අවදානමක් තිබෙනවා. කැරීබියානු කලාපයට මායිම් වෙන දකුණු අමෙරිකා කොටසේ කඳුකර ප්‍රදේශය මෙම අනතුරෙන් ගැලවෙන්න පුළුවන්.

    FXHFN6HRkD6zyUyO_2745482607ca7fb27e76c0c234f6d082.jpg
    මුහුදු ගැල්මෙන් අප්‍රිකාවට විශාල හානියක් සිදු නොවුණත්, ගෝලීය උණුසුම හමුවේ ජීවත් වීමට දුෂ්කරම තැනක් වේවි-pinterest.com

    වාසනාවත් අවාසනාවත් අතර සිටින අප්‍රිකාව

    මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ අප්‍රිකාව අනෙක් මහද්වීපවලට වඩා අඩු අවදානමකට ලක්වේයැ යි අපේක්ෂා කරනවා. කෙසේ නමුත්, බටහිර අප්‍රිකානු කලාපයට වැඩි බලපෑමක් සිදුවිය හැකි අතර, එහිදී සෙනගාලයේ ප්‍රධාන නගරය වන ඩකාර් ඇතුළු තවත් රටවල් කිහිපයක ප්‍රධාන නගර රැසක් මුහුදට යටවනු ඇති. ලාගෝස්, ඇක්‍රා, ෆ්‍රීටවුන්, මොන්රොවියා වැනි නගර ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි.

    ඉහළ යන මුහුදු ජල මට්ට්ම හමුවේ අප්‍රිකාව බොහෝ දුරකට සුරක්ෂිත වුණත්, වෙනත් අයුරකින් අප්‍රිකාවට බලපෑමක් එල්ල විය හැකි බව විද්‍යාඥයන් අපේක්ෂා කරනවා. ඉහළ යන ගෝලීය උණුසුම හමුවේ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ ජීවත් වීමට නොහැකි ඉතා ආන්තික පරිසර වීමේ වැඩි ඉඩක් තිබෙනවා. මීට අමතරව ඊජිප්තුවේ ප්‍රධාන නගර වන කයිරෝ සහ ඇලෙක්සැන්ඩ්‍රියා, මධ්‍යධරණී මුහුද බිලිගනු ඇති.

    Wt6kE41mi2P3M2ll_ice-europe.jpg
    ලන්ඩනය, වෙනීසිය, ඩෙන්මාර්කය ඇතුළු යුරෝපයේ ප්‍රදේශ බොහෝමයක් සුන්දර මතක බවට පත්වේවි- hicsuntdra.co

    ලන්ඩනය සුන්දර මතකයක් වේවි

    යුරෝපය සැලකීමේදී එංගලන්තයේ ලන්ඩනය සහ ඉතාලියේ සුප්‍රසිද්ධ වෙනීසිය පහසුවෙන් සාගර ජලයට ගොදුරු වෙමින් අමරණීය මතක බවට පත් වේවි. පහත් භූමියක් ලෙස දීර්ඝ කාලයක් මුහුද සමඟ සටන් කළ නෙදර්ලන්තය නියත වශයෙන් ඉහළ යන මුහුදු මට්ටම හමුවේ පරාජයට පත්වන අතර, ඩෙන්මාර්කය නම් සුන්දර මිනිසුන් සිටින රාජ්‍යයත් ලෝක සිතියමෙන් අතුරුදහන් වේවි.

    මධ්‍යධරණී මුහුදේ ජල ව්‍යාප්තිය ඉහළ යන නිසා අභ්‍යන්තර මුහුදු වන කළු මුහුද සහ කැස්පියන් මුහුද යුරෝපා භූමියේ වැඩි කොටසක් ගිල ගනු ඇති. ස්වීඩනයේ ස්ටොක්හෝම්, ෆින්ලන්තයේ හෙල්සිංකි යන නගර මුහුදු ජලයට නතු වෙමින් නෝර්ඩික් කලාපයට දැඩි බලපෑමක් එල්ල වන බවත් මෙහිදී පෙනී යනවා.

    TJVAQm9mscTSckBo_39bc40f5749c8adbfb5623e71cd1b6bf-%281%29.jpg
    ආසියාවේ තත්ත්වය. වර්තමාන සිතියමත් සමඟ ඔබට වෙනස්කම් හඳුනාගත හැකි ද?-pinterest.com

    ආසියාවේ ජනගහනයෙන් වැඩි කොටසක් අනතුරේ

    දිනෙන් දින වැඩි වන ජනගහනයට ආසියාවෙන් ලබාදෙන දායකත්වය සුළුපටු නැහැ. අධික ජන ඝනත්වයක් පවතින නගර රැසක් ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, ජපානය, ඉන්දුනීසියාව කේන්ද්‍ර කරගනිමින් පිහිටා තිබෙනවා. බරපතල ම කාරණය වන්නේ, මෙම නගර බොහෝමයක් වෙරළබඩව පිහිටා තිබීම යි. මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ චීනයේ ජනගහනයෙන් මිලියන 600 ක් පමණ දෙනා පදිංචිව සිටින භූමි ජලයට යටවනු ඇති. මිලියන 160 ක ජනගහනයක් සිටින බංග්ලාදේශය බෙංගාල බොක්කේ තවත් එක් සමුදුරු කලාපයක් බවට පත්වීමේ සෝචනීය ඉරණමට මුහුණ දේවි. මීකොං ගඟේ ඩෙල්ටාව හරහා ගොඩබිමට කාවදින මුහුදෙන් කාම්බෝජය පවා සාගරයට බිලිවෙන අතර, කාම්බෝජයේ "කාඩමම් කඳුකරය" දූපතක් වශයෙන් ඉතිරි වන බව අනුමාන කෙරෙනවා.

    පාකිස්තානයේ කරච්චි සිට ඉන්දියාවේ මුම්බායි දක්වා වෙරළ කලාපය තනිකර ම සමුද්‍රයක් බවට පරිවර්තනය වී ඇති අයුරු ඔබට සිතියම නිරීක්ෂණය කිරීමෙන් වැටහේවි. එම කලාපය තුළ ඉතිරි වී ඇති දූපත් කොටස වර්තමාන ගුජරාට් ප්‍රාන්තයේ කොටසක් බව ඔබ හඳුන ගත්තාද?

    ආසියාවේ ප්‍රධාන ගොඩබිම මෙතරම් බලපෑමකට ලක්වේ නම් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක තත්ත්වය අති බැරෑරුම් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉහළ යන මුහුදු මට්ටම හමුවේ නැෂනල් ජියෝග්‍රැෆි විසින් අපේක්ෂා කරන සිතියම පරික්ෂාවෙන් බැලූ කල ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තැනිතලාවේ කොටසක් සහ මධ්‍යම කඳුකරය ඉතිරි විය හැකි බව අපේක්ෂා කළ හැකි යි. ගාල්ල, කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය වැනි වාණිජ මෙන් ම ඓතිහාසකික වටිනාකමක් ඇති නගර සදාකාලික මතකයක් වේවි.

    p10Zp96N6nomkD9Z_1uPx8ad-1024x768.jpg
    ඕස්ට්‍රේලියාවේ තත්ත්වය - zmescience.com

    ඕස්ට්‍රේලියාවට අභ්‍යන්තර මුහුදක්!

    මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ ඕස්ට්‍රේලියාවේ අලුත් අභ්‍යන්තර මුහුදක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙනවා. එමඟින් ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තරය තුළ පවතින කාන්තාරයේ විශාල භූ ගෝලීය පරිවර්තනයක් සිදුවිය හැකි යි. ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් බ්‍රිස්බේන්, මෙල්බෝර්න්, සිඩ්නි වැනි සාගරයට ආසන්න නගරවල ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවට එල්ල වන බලපෑමත් සුළුපටු නැහැ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113

    වැඩි බලපෑම ඇන්ටාක්ටිකාවට

    ඉහළ යන මුහුදු මට්ටම හමුවේ ඇන්ටාක්ටිකාවේ සිදු වන වෙනස අදියර දෙකකින් සාකච්ඡා කළ හැකි යි. ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර කොටසේ තිබෙන අයිස් තට්ටුව ඉතා විශාල වන අතර, පෘථිවියේ අයිස්වලින් පහෙන් හතරක් ම අඩංගු වෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ දියවීමට වැඩි ප්‍රතිරෝධයක් දක්වන පෙදෙසක් ලෙස මෙම කොටස හඳුනා ගන්න පුළුවන්. අතීතයේදී පෘථිවිය මුහුණ දුන් උණුසුම් කාල වකවානුවල පවා නැගෙනහිර කොටස නොනැසී පැවතුණා. වර්තමාන ගෝලීය උණුසුම හමුවේ මෙම කොටසේ ඝනකම තරමක් අඩුවී තිබෙනවා. උණුසුම් වායුගෝලය වැඩි වශයෙන් ජල වාෂ්ප රඳවා තබා ගන්නා අතර, ඒවා නැවත හිම බවට පත්වී ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර කොටසට වැටෙන්න ඉඩ තිබෙනවා.

    Wlfr5ezSy4VQHWST_8i3Uqro.jpg
    සියළු ග්ලැසියර දියවී ගියහොත් ඇන්ටාක්ටිකාව මෙලෙසින් දර්ශනය විය හැකි බව අනුමාන කරනවා - zmescience.com
    ඇන්ටාක්ටිකාවේ බටහිර කොටසේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. උත්තර ධ්‍රැවයේ ග්‍රීන්ලන්ත හිමාවරණය මෙන් ඇන්ටාක්ටිකාවේ මෙම කොටසත් පෙර උණුසුම් කාල වලදී දැඩි බලපෑමකට ලක් වුණා. මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටන නිසා බටහිර ඇන්ටාක්ටිකාවේ අවදානම තවත් වැඩි වෙනවා. උණුසුම් වන සාගරය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු පහළින් දිය කිරීමේ අවදානම නිසා භූමිය කඩාවැටීමකට ලක්විය හැකි යි. 1992 වසරේ සිට මෙට්‍රික් ටොන් මිලියන 65ක වාර්ෂික සාමාන්‍ය අගයකින් යුතු අයිස් ප්‍රමාණයක් බටහිර ඇන්ටාක්ටිකාවෙන් ඉවත් වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් මෙම මහද්වීපය කඩ කඩ වූ භූමියක් ලෙස අනාගත සිතියමේ දැක්වේවි.

    ඇන්ටාක්ටික් අර්ධද්වීපය ආසන්නයේ ඇති අයිස් තට්ටුවලට සිදු ව ඇති වෙනස්කම්



    ගෝලීය උණුසුමේ අවදානම සහ භයානකත්වය වෙනස්ම අයුරකින් ඉදිරිපත් කිරීමයි මෙම ලිපියේ අරමුණ වුණේ. ගෝලීය උණුසුමත් සමඟ බැඳුණු තවත් පාරිසරික ගැටලු රාශියක් තිබෙනවා. ඉහළ යන මුහුදු මට්ටම ඉදිරියේ අපේ අනාගත ලෝක සිතියම වෙනස් වන අන්දම, ඒ සියලු ගැටලුවලට ලබාදෙන එක්තරා "හැඩයක්" බඳු යි.


    මූලාශ්‍ර:
    nationalgeographic.com
    ca.water.usgs.gov
    brut.media

    https://roar.media/sinhala/main/geography/allthe-icebergs-melted
     

    Similar threads