ඔස්ට්‍රේලියාවට සරණාගතයින් 20,000 ක්ගැනීම

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ

වසරක දී ඔස්ට්‍රේලියාවට සරණාගතයින් 20,000 ක් ඇතුළු කර ගැනීමට එරට රජය තීරණය කර තිබේ.

විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් අදාළ කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Code:
sinhala.adaderana.lk
මේ කතාවේ ඇත්ත බොරුව දන්නා කෙනෙක් කියන්නකෝ....
:confused::confused::confused::confused::confused::confused::confused:

Wistharayak dena ganna Bump1k wath dala yanna....
 
Last edited by a moderator:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං මම දන්න විදියට නම් ලංකාවේ ඉදන් ඔය refugee scene එකට apply කරන්න බෑ, මොකද ඔය refugee visa එක ගන්න ක්‍රම දෙකක් තියනවා. ඒ තමයි -

01. offshore request (ලංකාවේ ඉදන්ම refugee visa ඉල්ලන එක)

02. onshore request (මේ කොහොම හරි Aussie වලට ගිහින් එතනින් visa ඉල්ලන එක)

දැන් අපි බලමු අයි මේ ක්‍රම දෙකම කරන්න අමාරු කියලා.

01. Offshore request - මෙතනදී සිද්දවෙන්න ඕනේ තමන්ගේ රටේ තමන්ට ජීවත් වෙන්න හැකියාවක් නෑ කියලා ලංකාවේ Australian High Commission එකට ඔප්පු කරන එකයි. මේක ප්‍රායෝගිකව අමාරුයි වගේම, එහෙම දෙයක් කරන එක සදාචාරාත්මක නෑ. උදාහරණයක් විදියට - අපි කියමු කියනවා ලංකාවේ පවතින ආණ්ඩුවෙන් හෝ යම් දේශපාලන පක්ෂයකින් තමන්ට මරණ තර්ජන තියනවා කියලා. එතකොට අපිට ඒ පිලිබදව සාක්ෂි ලංකාවේ Australian High Commission එකට ඉදිරිපත් කරන්න වෙනවා. අපි වගේ අය ඒ කතා කිව්වට Australian High Commission එක ඒ තරම් ඒ දේවල් ගණන් ගන්නේ නෑ. මොකද එයාලා දන්නවා ලංකාවේ මේ දේවල් හොරට වුනත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මම දන්න අද ඊයේ පොඩ්ඩක් කතාවට ලක් වෙච්ච ආනමඩුව ප්‍රදේශය නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන මහත්තයෙක් එයාට ඒ කාලේ තිබ්බ තර්ජන හා හිරිහැරකිරීම් ප්‍රයෝජනයට අරගෙන එයාගේ නෝනගේ (කලින් කසාදෙ) පුතාට ඕස්ට්‍රේලියාවේ refugee ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේ cases ගොඩාක් දුරට සාර්ථක වෙනවා. මොකද ඒ දේශපාලකයාට හා ඔහුගේ පවුලට තර්ජන තියන බවට සහතික කරලා ලිපියක් දුන්නේ අපේ විපක්ෂයේ ඉහලම කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ඉල්ලීම වලට Australian High Commission එක කිසිම පර්ශ්නයක් නැතුව visa ලබා දෙනවා.

තව තියනවා උදේම කරන්ට් එක කපයි කියලයි ටයිප් කරපු ටික දැම්මේ :yes::yes::yes:
 
  • Like
Reactions: chathura19900223

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඉතින් ඔයාලත් හිතනවානම් ඔයාලට ලංකාවේ ඉදන් refugee visa ඉල්ලන්න ඕනේ කියලා එක 10% ක්වත් සාර්ථක වෙන ක්‍රමයක් නෙමෙයි. මොකද Australian High Commission එක තමන්ට ලංකාවෙන් කවුරුන් හෝ ඒ වගේ ඉල්ලීමක් කරොත් ඒ ගැන හොදටම හොයාබලනවා (ඔයා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්, දේශපාලකයෙක්, මාධ්‍යවේදියෙක්, ආණ්ඩු විරෝදී කැපී පෙනෙන චරිතයක් නෙමෙයිනම්) ඉතින් අපිට ප්‍රායෝගිකව ඒ වගේ තත්වයක් ඔප්පු කරන්න අමාරුයි. එහා ගෙදර මිනිහා තමන්ව මරන්න ඉන්නවා කියලා refugee visa ගන්න නම් බෑ :baffled::baffled::baffled:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
020. Onshore request - මෙන්න ප්‍රසිද්දම හා වඩා සාර්ථකම ක්‍රමය. කට්ටිය කල්පනා කරාද මෙච්චර අහුවෙද්දීත්, මෙච්චර භායනක වෙලත් අපේ කට්ටිය බෙල්ල කඩාගෙන ටෝලර් වලට මාළු පෙට්ටි අස්සේ රිංගලා Aussie යන්න දගලන්නේ ඇයි කියලා. මේකයි උත්තරේ. අපි හිතමු ඔයාලා කොහොමහරි බෙල්ල කඩාගන්නේ නැතුව, නේවි එකටත් අහුනොවී Aussie වලට ගියා කියලා (mainland එකට නෙමෙයි හැබැයි යන්නේ, අර Christmas island කියනේ එකට තමයි මම දන්න විදියට Aussie cost guard එකට අහුවුනාම ගිහින් දාන්නේ) ඔයාලට refugee visa ලැබීමේ හැකියාව 75% - 85% අතර වගේ තියනවා. මොකද ඔයාලව ඔය අරන් යන ජාවාරම්කාරයෝ ඔයාලට අවශ්‍ය සේරම ලිපි ලේඛනත් එක්ක තමයි ඔයාලව අරගෙන යන්නේ. එකට බොරුවට දාපු පොලිස් පැමිණිලි, කොහේ හරි ගිනි තියපු ගෙවල්වල පින්තුර, පළාතේ විපක්ෂ දේශපාලකයන්ගේ ලියුම් වගේ දේවල් ඇතුලත් වෙනවා. හැබැයි එතැනදී තත්වය ලංකාවේ ඉදන් onshore apply කරනවාට වඩා වෙනස්. මොකද මෙතනදී Australian immigration එක ගොඩාක් සහනදායි විදියට කටයුතු කරනවා. හැබැයි ඒකට හේතුව අපිට තියන කරුණාව නෙමෙයි. බැරිම වෙලාවත් ඔය refugee ඉල්ලගෙන ආව කෙනෙක්ට visa ලබා නොදී ආපහු තමාගේ රටට (ලංකාවට) එව්වා කියලා. එහෙම එවපු කෙනෙක්ට ලාංකවෙදී යම් කිසි කරදරයකට (මැරුවොත්, අතුරුදහන් කලොත් වගේ) මුහුණ දුන්නොත් එකේ නරක නාමය යන්නේ ඔස්ට්‍රේලියාවට නිසයි. මොකද එයාලා මේ වගේ තර්ජන තිබ්බ පුද්ගයෙක්ව ගණන් ගන්නේ නැතුව ආපහු එව්වා කියලා අන්තර්ජාතිකව නරක නාමය පැතිරෙන නිසා.
 
Last edited:

godk thanks yaluwa...
Rep 3+
 
Similar threads