ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

matrixsudu

Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    හරි මගේ කලින් Australian student visa thread එකෙන් පස්සේ දැන් ඔයාලට කියල දෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක්ට කොහොමද ඔස්ට්‍රේලියාවට skilled migration අවස්ථාව ලබා ගන්නේ කියලයි.

    හරි මුලින්ම අපි බලමු මේ සදහා අදාළ වෙන visa category එක, ඒක හැදින්වෙන්නේ Independent (Migrant) Visa (Subclass 175) කියලයි.

    1. මේ වීසා එකට සුදුසුකම් ලබන්න ඔයාල වයස අවුරුදු 50 ට වඩා අඩු,

    2. පිළිගත හැකි ඉංග්‍රීසි දැනුමකින් යුක්ත,

    3. skilled migration සදහා අදාළ වෙන වෘතීයයන් සදහන් Skilled occupation list එකට ඇතුලත් වෙන සුදුසුකම් වලින් සම්පුර්ණ කෙනෙක් විය යුතුයි.

    මේ Skilled Occupation List (SOL) ඒක ඔයාලට් මෙන්න මේ link එකෙන් බලා ගන්න පුළුවන්.

    http://www.immi.gov.au/skilled/_pdf/sol-schedule1.pdf

    මේ තියන pdf ලියවිල්ලේ අදාළ රැකියාවේ නම හා ඒ ඒ රැකියාවට අදාළ ඔබට තිබෙන සුදුසුකම් පරීක්ෂා කරන්නේ කුමන ආයතනයද කියන ඒක සදහන් වෙනවා.

    උදාහරණයක් විදියට Architect වෘතියට අදාළ සුදුකම් පරික්ෂා කරන්නේ Architects Accreditation Council of Australia කියන ආයතනය විසිනුයි.

    දැන් අපි හිතමු ඔයාටත් Architect රැකියවකට අදාළ සුදුසුකම් තියනවා කියලා. දැන් කොහොමද ඔයාලගේ සුදුසුකම් skilled migration සදහා ප්‍රමාණවත්ද කියලා දැන ගන්න මීට අදාල ආයතනය වෙන Architects Accreditation Council of Australia ගැන දැන ගන්නේ ?

    එකට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ පහලින් තියන් link එකට ගිහින් ඒ ඒ ආයතනයේ වෙබ් ලිපිනය හා අනිකුත් සම්බන්ධතා තොරතුරු ලබා ගැනීමයි.

    http://www.immi.gov.au/skilled/_pdf/assessing-authorities.pdf

    එතනින් ඔයාලට මෙන්න මේ විදියට අදාල තොරතුරු ලබා ගන්න පුළුවන්.

    Architects Accreditation Council of Australia (AACA)
    Address: Architects Accreditation Council of Australia
    PO Box 236
    Civic Square Canberra ACT 2608
    Australia
    Email: [email protected]
    Website: Architects Accreditation Council of Australia


    මේ වගේ අපිට ගැලපෙන වෙන ඕනෙම වෘත්තීයකට අදාළ Assessment authority ඒක මේ list එකේ තියෙනවා.

    දැන් අපි සරලව දැන ගත්තා අපිට තියෙන සුදුසුකම් skilled migration සදහා වලංගු වෙනවාද නැද්ද යන දේ කොහොමද සොයා ගන්නේ කියලා.

    දැන් අපි බලමු Australian skilled migration සදහාවන Point Test ඒක ගැන.

    මේ test එකත් NZ වලට අදාළ වෙන test ඒක හා සමානයි. මේ test එකෙන් සුදුසුකම් ලබන්න ඔයා අවම වශයෙන් ලකුණු 65 ක ලබා ගන්න පුළුවන්.

    මේ සදහා ලකුණු ලබා දෙන ආකාරය අපි පහතින් බලමු.

    ලකුණු වයස
    18 - 24 25
    25 – 32 30
    33 – 39 25
    40 – 44 15
    45 – 49 0


    ඔයාලගේ ඉංග්‍රීසි දැනුම සදහා

    IELTS 8 points (කොටස් 4 සදහාම) ලකුණු 20
    IELTS 7 points (කොටස් 4 සදහාම) ලකුණු 10


    ඔයාලගේ වෘත්තීය පළපුරුද්ද සදහා

    Three years ලකුණු 5
    Five years ලකුණු 10
    Eight years ලකුණු 15


    ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා


    Doctorate Degree - 20

    At least a Bachelor Degree - 15

    Australian Diploma or trade qualification - 10

    Award or qualification recognized by the assessing authority in the assessment of the skilled occupation - 10


    ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ සුදුසුකම් සදහාත් ලකුණු 5 ක ලැබෙනවා.

    මීට අමතරව තව ලකුණු කීපයක් ඔයාලට එකතු කර ගන්න අවස්ථාව ඔයාලට තියෙනවා, හැබැයි එත මේ මුලික කරුණු සදහා ලකුණු එකතු කර ගත්තයින් පස්සෙයි.

    මේ Point test ඒක ගැන වැඩි විස්තර ඔයාලට මේ පල්ලෙහා link එකෙන් ලබා ගන්න පුළුවන්.

    http://www.immi.gov.au/skilled/general-skilled-migration/pdf/points-test.pdf


    දැනට මම හිතන විදියට මූලික හැදින්වීමක් විදියට මේ විස්තර ටික ප්‍රමාණවත්. මේ ගැන තව තවත් උනන්දු වෙන අයට මම ඉදිරියට අවශ්‍ය විස්තර මේ thread එකෙන්ම ලබා දෙන්නම්. එතකන් ඔයාල හැමෝටම සුබ රාත්‍රියක්.
    Please update your contents mate. The above visa category is no longer available after July 2012. Now the entire system depends on "Skill Select" scheme and a variety of visa categories have been introduced under a points-test based scenario.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මගෙ මගෙ මස්සිනා ඔස්ට්‍රලියවේ PR එක ගත්තා පොරට බැරිඩ මාව Sponsor කරන්න? අනික් එක මගෙ පොබ් එක Skilled Occupation List (SOL) එකේත් තියෙනවා.

    මචන්කොච්චර ඔනැද වැඩෙට? එගැනත් කියන්න
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇපි හිතමු Skilled Occupations Lists එකේ අපේ රැකියාව තියෙනවා අපි හිතමු මම Skilled Assessment එකෙන් පාස් වුනා තව කොච්චර යනවාද වැඩෙට? බැංකුවේ සල්ලි පෙන්නන්න ඔනැද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ශ්‍රි ලංකීකයන්ට Office Job හොයාගන්න අපහසුද?