මේ මචං මූ ෂුවර් එකට ලංකාවේ ආන්ඩුවේ ජොබක් කරපු එකෙක්... මට මුගේ ඔය ජජ් කරන සීන් එකෙන් පේන්නේම ඒ වගේ එකෙක්ව...කවුද බං මෙහ්
උබ ඕස්ට්‍රේලියාව කියල හිතං ඉන්නෙ උබ වටේ ඉන්න පොඩි පිරිසකගෙ අත්දැකීම් නුයි වටෙන් පිටෙන් ඇහෙන දේවලුයි කියල මට පේන්නෙ..
"ස්ටූඩන්ට් වීස වල ඉන්න අයට සිටිසන්/පී.ආර් ගන්න ඉතාමත් අමාරුයි, එහෙම ගන්නව නම් ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි"
පට්ට කෙප්පයක් මේක
තව ඕස්ට්‍රේලියාවේ පීආර් ගන්න පට්ට වැඩ්ඩෙක් වෙන්න ඕන නෑ, කොමන්සෙන්ස් තියෙන මීටරෙන් වැඩ කරගන්න පුළුවන්, ලංකාවේ හරි වෙන රටක හරි වෘත්තිය සුදුසුකමක් තියෙන කෙනෙක්ට හෝ ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් එන කෙනෙක්ට (ස්ටුඩන්ට් කල් යනව සහ කට්ටක් සෙට් වෙනව) පුළුවන්, ඕස්ට්‍රේලියාවට ඇවිත් ආපහු ඔක්කොම අතෑරල දාල යන පිරිස බොහොම අඩුයි..ස්ටුඩන්ට් එන අය accounting, general IT වගේ ඩිග්‍රී වලට එන්නෙ නැතුව හරියට හොයල බලල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ඩිග්‍රී එකකට ආවොත් පීආර් එක හීනයක් නෙවෙයි...
"හොදම විකල්පය විදිහට ඔස්ට්‍රේලියාවෙ සිටිසන් හෝ පී.ආර් ඉන්න කෙනෙක්ට ෆුල් ට්‍රයි එකක් දාල සෙට් කරගෙන කසාද බදින්න පුලුවන්. එහෙම බැන්දම ඔයාලටත් පී.ආර් හම්බෙනව ලේසියෙන්ම"
මේ අනිත් කෙප්පෙ, එහෙම හුටස් ගාල බැන්ද පලියට බැදපු එකාට පීආර් ගහන්නෙ නෑ මෙහෙන්, ඔසී සුද්දො ඉන්නව වෙන රටක කෙනෙක් බැදල තමන්ගෙ වයිෆ්ට පීආර් එක ප්‍රොසෙස් වෙනකන් අවුරුදු ගනන් බලන් ඉන්න, ඔහොම කියන තරම් පාර්ට්න වීස කජු කනව වගේ ලේසි නැහැ ලොල්..
පීඑච්ඩී එකක් කරපු උන්ට 100000$ පඩියකට ලෙක්චරින් යන්න පිස්සුවක් නෑලක්ශයක් කියන්නෙ Software Developer කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් සැලරි එකක්, මං දන්න උන් ඉන්නව දවසට 600$+ ගන්න IT එවුන්... PHD කරපු පට්ට මීටර් උන් යන්නෙ අපි හිතන්නෙවත් නැති පඩි වලට ගොඩක් වෙලාවට 250000$+
සිටිසන් පීආර් තියෙන උන්ට වැඩි පඩියකුයි නැති උන්ට අඩු පඩියකුයි දෙනව කියන එක අනිත් බොරුව, ඉන්ටවිව් වලදි සිටිසන් පීආර් priority එක වැඩියි ඒක හරි, ඒත් ටීආර් හරි ඉන්නව නම් ස්කිල් එක තියෙනව නම් ඌට චාන්ස් එක ලැබෙනව, දන්න ස්ටුඩන්ට් ඉන්න අය ඉන්නව කම්පැනි එකෙන් ජොබ් එක දෙනව, සමහරවිට පීආර් එකට ස්පොන්සර් උනත් කරනව වැඩ හොඳයි නම්.. (මං මේ කියන්නෙ ඔසී ගවර්මන්ට් ජොබ් නෙවෙයි ඒවගෙ තමයි ගොඩක් වෙලාවට අඩුවෙන්ම පඩි දෙන්නෙ)
"පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship) තියෙන කෙනෙක් ජොබ් කරනව නම් මාසික පඩිය සාමන්‍යයෙන් රු: ලක්ශ 25 ක් වගේ. (LKR: 2,500,000.00)
අද රේට් එක 218යි, ඒ කියන්නෙ මාසෙකට 11500$ පඩියක්, ඇනුවල් පැකේජ් එක 200000$+ ? පීආර්, සිටිසන් විතරක් තියෙන සාමාන්‍ය ඔෆිස් ජොබ් (Didn't mean to offend) එකකට මෙච්චර දෙන්නෙ කවුද? කොහේද කාටද බං මේ බොරු කරන්නෙ
ඔය වගේ ජොබ් එකක ඇනුවල් රේන්ජ් එක යන්නෙ 55K-75K මැක්ස්...
තනිකර judgemental mindset එකක් එක්ක දාපු ත්‍රෙඩ් එකක්.. මිනිස්සුන්ට දෙන්න ඕන facts, නැතුව උබේ ඔලුවෙ පැලපදියම් වෙලා තියෙන පට්ට අවුට්ඩේටඩ් විකාර නෙවෙයි..
මූට රීප්ලයි දාන්න එපා වේලාව නාස්ති කරන්... අර මුගේ ස්ව්යං වින්දන ත්‍රෙඩ් වලින්ම පෙනුනේ මූ අවුරුදු ගානකින් අප්ඩේට් වෙලා නැති සිහින ලෝකෙක ඉන්න එකෙක්...
Aussi PR එක තමා මුගේ ලොකුම achievement eka....
