ඔසාමාගේ නම ඈදා පරිගණක වෛරස් ප්‍රහාර
ඔසාමාගේ නම ඈදා පරිගණක වෛරස් ප්‍රහාර
උපුටනය:http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2453&Itemid=27
ඔසාමාගේ නම ඈදා පරිගණක වෛරස් ප්‍රහාර
ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් බින් ලාඩ්න්ගේ සේයාරූ සෙවීමේදී පරිස්සම් වන්න
අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ ඡායාරූප හා ප්රවෘත්ති ඈදා ගනිමින් පරිගණක වංචා හා පරිගණක වෛරස් ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු හැඟවෙයි.
මේ පිළිබඳව අදහස් දක්වා තිබෙන පරිගණක ක්ෂේත්රයේ විශේෂඥයින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ මේ දිනවල ගූගල් සෙවුම් යන්ත්‍රය තුළින් වැඩිපුරම සෙවීම කරන බින් ලාඩ්න් යන නම භාවිතා කරමින් පරිගණක තුළට වෛරස ඇතුළු කිරීමට මෙම වංචාකරුවන් දැනටමත් උගුල් අටවා තිබෙන නිසා ඒ පිළිබඳව ප්‍රවේශම් වන ලෙසයි.
මේ නිසා, ගූගල් සෙවුම් යන්ත්‍රය තුළින් අල් කයිඩා නායකයාගේ ඡායාරූප සෙවීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස සඳහන්ය.
මෙවැනි පරිගණක වෛරස් ප්‍රහාරයකදී පරිගණක වෛරස් වලට ගොදුරු වූ බව හඟවා ව්‍යාජ වෛරස් විරෝධි මෘදුකාංග මුදල් ගෙවමින් ඩවුන්ලෝඩ් කිරීමට යොමු කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව, මෙවැනි ප්‍රහාරයකදී අදාළ පරිගණකය තුළ තිබෙන වැදගත් දත්තද සොරකම් කෙරෙන බව වාර්තා වේ.
උපුටනය:http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2453&Itemid=27
Last edited:


