ඔහුගේ_හා_ඇයගේ_කතාවයි

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඔහුගේ_හා_ඇයගේ_කතාවයි

    tumblr_mp9wsxqrhn1rkm1b4o1_500.jpg



    සත්‍ය කතාවකි.
    ඇත්තෙන්ම කිවොත් අතීතයේ සිට වර්තමානය දක්වා ඔහුගේ සහ ඇයගේ කතාවයි.
    මින් ඉදිරයට ඔහු සංක ලෙසත් ඇය ලක්ෂී ලෙසත් නම් කරනුයේ පහසුව සදහය.
    ඒසෙ වූවද මේ මොහෙතේ වනවිටත් කතාවේ අවසානය අවිනිශ්සිතය.
    සමහරවිට ඔහුගේ හෝ ඇයගේ කතාව අවසාන වීම හෝ නොවීම සිදුවිය හැකි බැවිනි.
    මන්දයත් අද හෙට වනවිටම.............. නැත
    එහි විනිශ්ශය ඔබට බර කරමි.

    සංක හා ලක්ෂි මුලින්ම මුණ ගැහෙන්නේ මුහුණු පොතෙනි.
    සංකට ලක්ෂි ඇය එක යහළුවෙකු වුවද ඇයට තිබුනේ වෙන අරමුනකි.
    අරමුන කුමක්දැයි තව මද වෙලාවකින් ඔබට වැටහෙනු ඇත.
    සංකට ලක්ෂී හමුවෙන්නේ යම් පුද්ගලයෙකුගේ පෙම්වතියක්ව සිටින කාලයේදීය.
    මෙම පුද්ගලයා දිනුෂ ලෙස හදුනගනිමු.
    මෙම සිදුවීම සිදුවන්නේ දිනුෂ හා සංක අදුරා ගෙන නොබා දිනකිනි.
    කෙටි කලකදී සංක සහ දිනුෂ සමග පමණක් නොව දිනුෂගේ ගජ මිතුරන් හාද හොද යහළුවෙකු වන්නේය.
    තවද දිනුෂ සංකගේ යහලුවන්ගේ යහළුවෙකු වන්නේ මෙම සිදිවිම සිදුවන අතරමය.
    ලක්ෂී මුහුණු පොතේ සංකගේ යෙහෙලියක වීමට හේතුව සංක දිනුෂගේ මිතුරෙකු වීම යැයි මුලදී සංක සිතිය.
    නමුත් දිනුෂගේ සියලුම යහළුවන් යෙහෙලියන් මෙන්ම ඔහුව අදුරන පුද්ගලයන් පවා ඇයගේ යහළුවෙකු හෝ යෙහෙළියක වීම අනිවාර්ය දෙයක් බව සංකට තේරුන් ගැනීමට වැඩි කාලයක් ගත නොවිය.
    ලක්ෂීගේ අරමුණ වන්නේ දිනුෂගේ ගමන් බිමන් පිලිබදව ඔහුගේ යහළුවන්ගෙ මාර්ගයෙන් සොයා බැලීමය. ඒසෙ සිදුවීමට එක් හේතුවක් වුයේ මේ පවසන කාල රාමුව තුල සංකත්, සංකගේ යහළුවනුත් දිනුෂ සමග නිතරම ගැවසෙන කාලයක් වූ බැවිනි. දිනක් මේ පිලිබදව සංකත් ඔහුගේ යහළුවනුත් කතා බහට ලක් වූ මතෘකාවක් විය. එහිදී සංක පවසන්නේ ලක්ෂිගේ හැසිරීම පෙම්වතියකට නොගැලපෙන බවය. මන්ද ඇයගේ පෙම්වතා කෙරේ අනවශ්‍ය අවිස්වාසයක් ඇති බව සංකට වගේම ඔහුගේ යාලුවන්ටත් ඒත්තු ගිය බැවිනි.
    එවකට ලක්ෂී පිළිබවද සංක දන්නේ ඇය දිනුෂගේ පෙම්වතිය බවත්,දිනුෂටද ඇය මුණ ගැසී ඇත්තේ මුහුණු පොතෙන් බවත් මුල්ම වතාවට ඔහුව මුණ ගැසීමට මුල් වරට මෙහි පැමිණෙන බවත්ය, අවුරුදු 5ක 6ක කාලයක සිටීම ඇය සිටින්නේ ඇයගේ දෙමාපියන් සමග වෙනත් රටකය.


    එක දිගට කියවීමේ පහසුව ඇති කිරීමට කතාව ඉවරවන්තුරු මෙහි comment කරන්න එපෝ
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    කතාව ඉදිරියටම ගෙන එන්න කලින්,කතාවේ ප්‍රදාන චරිත දෙක පිලිබදව පොඩි හැදින්වීමක් කිරීම අවශ්‍යය.

    සංක ඒහෙමත් නැති නම් කතාවේ කොල්ලා කට්ට කලා ඉගෙන ගත් එකෙකි.
    එනම්, අපොස සාපෙළ සමත් වී (A3 B3 C2) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තෙවන වර
    (A2 B1) විශ්ව විස්වාවිදයලය්ට තේරී පත්ව උපාධියක් ලබා ගනී.
    නමුත් අවසානාවට අධ්‍යාපනයෙන් තමන් හැකි උපරිම තත්වයට ලගවීමට උත්සාහයේ යෙදුනේ වයස අවුරුදු 10දි පමණ හදුනාගත් දුරලබ ගනයේ රෝගයක් පිඩා විදීන අතර තුරය. බලු බැල්මට නොපෙනුනද රෝගය සෙමින් සෙමින් වර්ධනය වීම නිසා ඇතිවන කායික අපහසුතා මෙන්ම මානසික ආතතිය දුරු කිරීමට ඔහු උත්සාහ ගත්තේ ඉගෙනීමෙන් සහ මිතුරු වසයේ යේදීමෙනි. ඔහු සැමවිටම ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිතිම්ටය.විටක සාර්ථක වූවද විටක අසාර්ථක විය. මේ රෝගය නිසා ඇවිදීමේ වෙනස් තිබීමක් මෙන්න සාමන්‍ය අපහ්සුතාවයක්ද පැවතින(දුවන්න පනින්න ඇවිදින්න අපහසුය). ඔහු සාමන්‍ය පෙළ කාලය දක්වා නොකඩවා පාසල් ගිය නමුත් ඔහු උසස් පෙළට පාසල් පැමිණීම 20% වඩා අඩු අගයකි. ඊට ප්‍රදානම හේතුව උයේ කක්යික අපහසුත්වයි. ඔහුට රෝගයට වඩා ඉවසුම් නොදෙන්නේ සමහර පුදගල්න්ගේ උපහාසයට ලක්විම්ය(ඇවිදීමේ වෙනස්කම හේතුවෙන්). එනමුදු සබැ තත්ත්වය ඔහුව ඇසුරු කල බොහොමයක අය අදටත් නොදැන සිට නම්දු කවදවත් ඔහු ගෙන් ඒ ගැන අසන්නට හෝ එය උපහාසයට නොගත්හ. ඔහුව ලගින් ඇසුරු කල යහළුවන් ඔහුට සැමවිටම උදව් කළහ.
    ඔහු හා මුලින්ම සම්බන්දකමකට මුල පුරන්න යෝජනා කලේ ඔහුගේ ලගම පෝසත් නෑදෑ වන දෑරිවියෙකි.ඇය කලණි ලෙස හදුනාගනිමු. ඒ සංක A/L කරන මුල් සමයේය . ඔහුට ඒ ගැන ලොකු උනන්දුවක් නොතිබුනේ අධ්‍යපනයට මුල තැන දුන් නිසාත් කලණිත් ඉගෙන ගන්න නිසාත්ය. නමුත් ඔහු ඇයව ප්‍රතික්ෂේප කලේ නැත (නමුත් ඇය එසේ සිතුවේ නැත). ටික කාලෙකින් ඇය වෙන කෙනෙක් හා බෑදෙන්නේය. .එසේ වීමට ඔහුගේ නොසලිකිලීමත් කමද බලපෑවේය.ඔහු ඒ පිළිබද දන ගන්නේ සැහෙන කාලෙකට පසුවය.ඒ පිලිබදව පොඩි කනගාටුවක් ඇති උනත් ඔහු ඇයට වෙනද මෙන් සාමාන්‍ය ආකාරයට සැලකුහ. මේ වකවානුව වනවිට ඔහු පළමු වසරේ හෝ දෙවන වසරේ සිසුවෙකි.

    ඔය අතර සංකට යහළුවෙකුගේ මිතුරියක් දුරකථනය හරහා නිතර කතා කළහ. ඇය සමිතා ලෙස හදුනාගනිමු. ටික දවසකින් ආදරයක් නොතිබුනද තිබුන මිත්‍රතත්වය සබදතාවයක් බවට පෙරලුනහ. මෙම සම්බන්දය ඇති වීමට හේතුව සමිතාගේ වැරදි අවබෝදයකි. සංක එය දන උන්නද, ඔහුටද ඒහි බරක්පතලක් නොදෙන සිටිය හෝ දැනගෙන නොකිය සිටිදැයි කීමට නොහැක. ඔහුත් සම්බ්න්දත්වය්ට මුල පිරුවද එයට තිත තැබීමට සිදුවුයේ සංක තුල ආදරයක් හෝ හිතේ තුබන රූපේ ඇය තුල කිසිලෙසකින්වත් නොතිබුන හෙයින් විය යුතුය. නමුත් අවසානයේ ඇයගේ හිත රීදවා ඇයට සියල්ල පහදාදී එම සබදතාවද නතර කිරීමට සිදු විය. පසුව ඇයට වෙනත් පෙම්වතෙක් උන්නද ඉඩ හිට හෝ සංකට කතා කළහ.

    විශේෂයෙන්ම කිවයුතු දැ කිහිපයක් ඇත. එනම් මෙම සිදුවන කාලය තුල සමිත හෝ කලණි සංකගේ රෝගයේ බැරෑරුම් තත්වය පිළිබද අවබෝදයක් නොතිබුනහ. එයට හේතුව ඔහු වූවද ඒ පිලිබදව වැඩි යමක් නොදැන සිටමය.ඔහු දන උන්නේ රෝගය ජානමය විකෘති තත්වයක් හේතුවෙන් ඇති වන බවත් උපරිම අවස්ථව ඇවිද ගැනීමට නොහැකි තත්වයක් පමණක් බවත්ය. ඒසෙ වීමට හේතුව ඔහු රෝගය වින්ශය කරගැනීමෙන් පසුව මෑතක් වනතුරු රෝහලක නැවත පස් පගුවේ නැති හෙයිනි. සැබැව දන උන්නන්ම් ඉහත සදහන් සිද්දින් නොවීමට වැඩි ඉඩකඩක් තිබිණ. මන්දයත් ඔහුගේ ජීවිතයේ අවිනිශ්ශිත බවය නිසාත්ය.

    වාසනාවකට හෝ ආවසනාවකට දේශීය වෛද්‍ය ක්‍රමය තුල රෝගයට ඖශධ තිබුනද වෙදෙක් සොයාගැනීම දුර්ලබ කාරයක් වීමයි. මුලිනම ඔහු බෙහෙත් ගැනීමට යන්නේ යම්කිසි ප්‍රසිද්ද ආයුර්වේද හැමදුරුනමක් ලගටය. මෙම වෛද්‍ය හිමි නම ප්‍රකාශ අක්රන්නේ ලෙඩේ සුව කර දෙනබවටය. නමුත්
    ඔහු විසින් බෙහෙත් ගැනීම නතර කරනු ලබන්නේ වෛදවරය ලෙඩෙකුගේ වගකීම් හරි හැටි ඉටු නොකරන බව අවබෝද කරගැනීමෙන් පසුවය මෙම සිදුවීම සිදුවන්නේ සාමාන්‍ය පෙළ විබ්ගහ්ට පෙනී සිටින කාලය තුලය. මෙම උත්සාහය අවුරුදු කිහිපයක මහන්සියක් සහ මුදල් අපතේ යාමක් පමණක් බවට හැරෙන්නේ ඒසෙය. ඉන් පසු ඔහුගේ අරමුණ වන්නේ කසේ හෝ විශ්වවිදලයට ඇතුලත් වීමය. මුලිනම සදහන් කල පරිදි එම අරමුණ ඉටු කරගන්නේ ඔහුගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙසිනි.

    කතාවේ ඉදිරියේදී සිදුවන දේවල් වල අග මුල තේරුම් ගැනීමට ඔහුගේ පිලිබදව සදහන් කර මෙම විස්තරය ප්‍රමාණවත් වෙයි යයි මම සිතමි.


    කරුණාකර මේකේ comment දන්නා එපෝ..
    ඒ සදහා මේ නුල භාවිතා කරන්න.
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දැන් ඇය වෙත යොමු වෙමු.

    ලක්ෂීගේ පියාට රැකියාව අහිමිවන්නේ ඇය 9 වසරේ සිටියදීය(කලා රාමුව වෙනස් විය හැක). අවසනයේ රැකියාවක් සොයා පිය විදේශ ගත්වන්නේය. විදේශ ගත වුවුද අවුරුද්දක් යන තුරු ඔහුට රැකියව සොයාගැනීමට අපෝසත් වන්නේය. මේ අතරතුරු කාලයේ ඇයගේ මව සුළු රැකියාවක් කොට පවුල නඩත්තු කරගන්නේ දැඩි අපහසුත්වයන් මාධයේය. ලක්ෂී ඇය ඉගෙනීමට එතරම් දක්ෂ නොවු අතර සාමාන්‍ය වශයෙන් O/L සමත් වුවත් එයින් පසුව උසස් පෙළ අධයපනය මාසෙකින් අහවර කිරීමට සිදු වුයේ මාපියන් දෙදෙනාම විදේශ ගත වීමත් ලක්ෂිගේ වගකීම් ගැනීමට කිසිවෙකු බර ගැනීමට නොසිටිය නිසාත් ඇයටද සිදුවුයේ ටික කාලෙකින් මාපියන් හා එක වීමට විදෙස් ගතට වීමටය. ඇය දිනුෂ මුණ ගැසෙන්නේ විදේශ ගත වී අවුරුදු කිපයකට පසුවය. එහි ඇයට ඇසුරු කිරීමට කිසවෙකු උන්නේ නැත. ඇය ලෝකය දක්කින්න උත්සහ කලේ දිනුෂගේ කියුම් කරේම් අනුවය. ඔහුගේ සිතුම් පැතුම් තුලිනි.මුලින් ඇයගේ මවට ඔහුව වැඩිය රිස්සුවේ නැත. එක් හේතුවක් වුයේ ලක්ෂිගේ ආගම කතෝලික වීමත් දිනුෂ්ගේ බෞද්දකුත් වීමය. අනෙක් කරුණ නම් ඔහු නාගරිකව හැදුනු වැදුණු පුද්ගලයෙකුත් වීමත්ය. නමුත් දෙදෙනාගේම දෙමාපියන් මේ පිලිබදව කතා කොට ඔවුන්ට කතා බහ කිරීමට අවස්ථව ලබා දුන් හෙයින් සමන්බධය තව දුරටත් තහවූරු විය. මේ ඇයගේ පළමු පෙම්වතාය.

    ලක්ෂී සාමන්‍ය පෙළ හදාරන අවදියේ ඇයගේ ගමේ උන් තරුණයෙකු කෙරෙහි හිතේ ලබදියාවක් හට ගන්නේ ඔහුද එවැන්නක් එන්නවු බැවිනි. එය සිතුවිල්ලකට පමනක් සිමවෙන්නේ ලක්ෂිගේ විදේශ ගත වීම නිසාය. පසු කලෙක ඔහු විදේෂ ගතව ලංකික තරුණියක් හා විවාහ පත් වූ බවක් ඇයට දැනගන්නට ලැබෙන්නේය. ඒ ඇයද විදේශ ගතවූ පසුවය. ලක්ෂිගේ සිතේ යම් පසුත්විල්ලක් ඇති උවද ඒ ගැන වැඩි දුර හිතන්නට යන්නේ නැත.
    ඇය විදේශ ගතව සිටියේදී වෙළද සැලක සේවය කල ශ්‍රී ලාංකිකයෙකු හදුනාගැනීමට ලැබිණ. ඔහු සුදිර ලෙස නම් කරමු. ඇයගේ හිතේ සුදිර පිළිබද පහදීමක් ඇති වූ නිසා මුහුණු පොතෙන් ඔහුව සෙවීමට යන අතරතුර දිනුෂ මුණ ගසේ. ඉඩ හිට ලක්ෂී සහ දිනුෂ මිතුරන් ලෙස කතා බහ කළහ. ඒ වනවිටත් සුදිරත් ලක්ෂිත් තම තමන් ගැන දැන් හදුනා ගෙන උන්හ.
    ඔවුන් දින දෙක තුනක් මුණ ගැසුනද ඔහුගේ හැසිරීමට ලක්ෂී වැඩි කැමත්තක් නොදැක් උහ. ඒ අතරම දිනුෂ ඇය හා කතාකලේ බිදුණු සිතකින් බව ඇයට වැටහින. ඒ ගැනද වැඩි විස්තරයක් දැනගත් ලක්ෂීට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති විය. සුදිර ගැනද ලක්ෂී දිනුෂ හා පවසන්නේ ඇයගේ සිතේ ඔහුට කැමැත්තක් ඇති බවත් සුදිර නොදන්නා බවත් පැවසීම මගිනි. සුදිරට පැවසීමට කෙල්ලෙකු වශෙයෙන් තමන්ට නොහැකි බවත් ඇය කිහ. දිනුෂ ඇයට උදව් කිරීමට කැමති විය. නමුත් සුදිර නිසා වෙනත් කාන්තාවකට (අනියම් ඇසුරක්) දරුවෙකු ලැබෙන්න සිටින බව සුදිරම පැවසුහ. ඒ සුදුවිමෙන් පසු ඔහු ගැන සිටීම අත්හැර දැමුවද සිතේ යම් වේදන්වකින් උන්නේය. මේ බව දැනගත් දිනුෂ ඇය ව සන්සිම්ට උත්ස කලේ. ඔහුගේ බිදීගිය සම්බන්දතාවය පිලිබදව ඇයට පවසමිනි.එසේ පටන් ගන්නා ඔවුන්ගේ මිත්‍රරත්වය අදාර සම්බ්න්දත්වක්ට පෙරලෙන්නට විය.
    ඔවුන් ආදරවන්තයන් වන්නේ ඉන් පසුය.


    කරුණාකර මේකේ comment දන්නා එපෝ..
    ඒ සදහා මේ නුල භාවිතා කරන්න.
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දිනුෂත් ලක්ෂිත් අන්තරජාලය හරහා දිනෙන් දින කතාබහ කල අතර ලක්ෂී අගේ අතීත සිදුවීම් මෙන්ම දිනුෂ ඔහුගේ අතීත සිද්දිනද ඇය හා පැවසිය. ටික කලක් ගත වීමෙන් අනතුරුව දිනුෂ කරෙහි ඇගේ දැඩි විශ්වාසයක් බැදීමක් ඇති විය. ඇය මුළු ලෝකයම බෙදාගත්තේ ඔහු සමගය. ටික කාලයක් ගත වීමත් සමග දිනුෂ ආදරයෙන්ම යම් යම් යම් අයහපත් දේවල් කිරීමට කියා දුන් අතර යම් යම් දේවල් කිරීමටද යෝජනා කළහ. සම්බන්දය දුර දිග ගියද ඔවුන්ට මුණ ගැසීමට හැකි වුයේ අන්තරජාලයෙන් පමණි.
    මේ අතර ලක්ෂිට දිනුෂ්ගේ යම් යම් වෙනස්කම් දක්නට ලැබිණ. ඇය ඒ වන විට රැකියවක් නොකලද විටෙක ඔහු ඇයට යම් යම් දේ මිලදී ගෙන එවන ලෙස ඇවටිලි කොට රන්සු සරුවල් පවා ඇතිවිය. සිතේ ඇති ආදරය නිසාම ඇය කෙසේ හෝ ඔහුගේ අවශතාවයන් ඉටු කළහ. ඔය අතරම දිනුෂ රැකියාවකට ලබින.තව තවත් ඔහුගේ වෙනස්කම් ඇයට දැනෙන්න ගත්තේය.ඇයට ඇති වූ බය සහ දුක නිසා ඔහු ගැන බොහෝ උනන්දුවෙන් සොයන්නට විය.
    මෙවැනි තත්වය්ක් තුල විටක ඔහුගෙන් බලාපොරොත්තු නොවූ හැසිරීම් දක්නට ලැබිණ.ඒ වෙනත් ගැහණු හා සම්බන්ද දේවල්ය.එම නිසා ඔහු ගැන සොයන්න පෙලෙබුනේ ඔහුගේ මිතුරු මිතුරියන්ගේ මර්ගෙනි.යම් යම් අව්ස්ත්වල ඔහු බොරු පවසන බව ඇයට දැනුනද ඔහු කුමක් හෝ කියා එවැනි ආකල්පයන් නැති කිරීමට කටයුතු කරහ. තවද ඔහු ගේ මවද ඔහු නිර්දෝෂී බව කීමට පෙලබිය.ඇය ඔහුගේ මව සමගද හොද බැදීමක් ඇති කරගෙන තිබුන නිසා ඇය ඒවා පිලිග්තේය.
    කාලයක් ගත වූ පසු දිනක් ඇයට් දිනුෂගේ නමින් ඇති තවත් පුද්ගලයෙකු මුහුණු පොතෙන් දක්නට ලැබිණි.එහි දම තිබුණු රුපය අන්තර ජලයේ ජන්පිය පින්තුරයක් උවද එම පින්තුරයට ඔවුන් දෙදෙනාම අස කල බැවින් ඇයට ඒ පිලිබදව සැකයක් ඇති විය. ඒ වනවිට ඔහුගේ හැසිරීමේ වෙනසක් ඇති බව වැටහුනා නිසාය. අතීතයේ සිදුවූ සිදුවීම් ඇය අමතක කලද ඔහුගේ ඇති වූ වෙනස පිලිබදව සොයන්නටත් හිතේ ඇති වූ සැකය දුරු කරග්නිම්ටත් ඔහුගේ මිතුරන් හා නෑදෑයන් මාර්ගයෙන් නැවත ඔහු ගැන සෙවීමට පටන් ගත්තේය. ඔහු කෙසේ හැසිරුන්ද ඇය ඔහුට දිවි හිම්යෙන් අදරේ කලහ. ඔහුගේ රැකියා ආයතනයේ මිතුරුන් වෙත ඇයව හදුන්ව දුන්නේ මුහුණු පොතේනි. ඔවුන් සමගද ඇය මිතුරු උහ.

    කෙසේ උවද ඇය දිනුෂ නමින් පෙනී සිටි අනෙක් පුද්ගලයා ගැනසෙවීමටද අමතක නොකලේය. මේ පිලිබදව වැඩි පුර අවදානය යොමු කිරීමට කිරීමට හේතු වූ ප්‍රද්නම කරනා වුයේ දිනුෂ ඔහුගේ ගමේ අසල්වැසි විව්හක කාන්තවක් හා සම්බන්දයක ඇති බවට ආරංචියක් ඇයට දැනගන්න ලැබීමත්, දිනුෂගේ පරණ පෙම්වතියක ගැන ඔහු කි කාරණාත් හා ඊට බැදුණු යම් යම් සිද්දීත් නිසා ඇති වූ සැකය නිසාත්ය.

    ඇය මේ ගැන සෙවීමට සැලස්මක් ක්‍රියත්මක කලේ දිනුෂ නමි සිටින අනෙක් පුද්ගලයා හදිනගනිම්ටය.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දිනක් ඇය වෙනත් නමකින් (නිම්මි නමින්) මුහුනු පොතේ අලුත් ගිනුමක් අරබු අතර, ඊට අමතරව මුහුනු පොතේ තවත් අලුත් ගිනුමක් අරබා එයට දිනුශගේ පරන පෙම්වතියගේ නම( දිලිනි) යෙදුහ​.ඉන් පසු ලක්ෂි එම මුහුනු පොත් දෙකෙන්ම දිනුශ නමින් වූ නොදන්නා මිතුරාගේ යෙහෙලියන් ඌහ​.ඉන් පසු නිම්මි හා දිලිනි නමින් පෙනිසිටි ලක්ෂි (මින් ඉදිරියට නිම්මි, දිලිනි යන නම් වලින් හදුන්වමි) දිනුශ නමින් වූ නොදන්න මිතුරා හදුනාගැනිමට උත්සහ ගත්හ. දිනක් දෙකක් ගතවිමත් සමගම නිම්මිත් දිනුශ නමින් වූ නොදන්නා මිතුරත් යම් තරමින් හදිනගත්හ. නමුත් ඒ ලක්ෂි ගෙ පෙම්වතා නම් වන දිනුශද යන්න තහවුරු නොවුහ, එමෙන්ම නිම්මි, ඇය ගන පැවසුවේ වි‍යාජ තොරතුරු බව ඔහු දැන සිටීයෙ නැත​. නමුත් ඔවුන් දිගින් දිගටම කතාබහෙ යෙදුනු අතරම නිම්මි වරක් ඔහුගෙන් දුරකතන අන්කය ඉල්ලුවේ මිතුරන් ලෙස හදුනගනිමු යැයි යොජනාවෙනි.නමුත් ඇයගෙ පරමර්තය වුයේ ඔහු තමන් පෙම් කරනා දිනුශද යන්න දැනගනිමයි. පසුව ඔහු ඇයගෙන් පලමුව දුරකතන අන්කය ඉල්ලුහ​. නමුත් ඇය කෙසෙ හො එම අදහස මගහැර ඔහුගෙන් පලමුව අන්කය ඉල්ලුහ​.
    මේ අතරම ඇය දිලිනි නමින් වූ ගිනුමෙන්ද දිනුශ නමින් වූ තැනත්තා හදුනා ගනිමට ලක්ෂි උත්සහ ගත්තෙ මෙලෙසය​. දිලිනි නම් තරුනිය දිනුෂගේ කලින් සිටි පෙම්වතියක් බවත් ඇය ඒ වන විට සරසවි අධ්‍යපනය ලබන බවත් ලක්ෂි දැන සිටියහ​. දිලිනි පලමුව නොදන්නා මිතුරගෙන් ඇසුවේ , ඔහුගේ සැප දුක් කෙසේද යන්න සහ ඔහුට ඇයව මතකද කියාය​, එවිට ඔහු පිලිතුරු දුන්නේ , ඔහු හොදින් බවත් ඇයව ඔහු හදුනන බවත් කියාය​, එය දුටු විගස දිලිනි ( එනම් ලක්ෂි) ගේ මුලු ලොවම හිස් උවක් මෙන් දැනුනද​, ඒ තමාගෙ පෙම්වතා දිනුශ බව ලක්‍ෂි තහවුරු කරගත්හ.​ඇය දිගින් දිගටම ඔහු හා කතා කල අතර වෙනසක් නොපෙන්නුහ​. එම කතා බහෙදී, දිලිනි (එනම් ලක්ෂි) ඔහුව නැවත මුනගැසිමට අවශ්‍ය බව කී අතර​, මුලින් ඔහු තමට දැන් පෙම්වතියක් (එනම් ලක්ෂි ගැන විය යුතුය​) සිටින බව කියා යම් යම් දෙ කී නමුත් පසුව ඇයව හමුවීමට කැමැත්ත පලකලහ​. මෙ සියල්ල සිදු උනද නිම්මිත් ,දිලිනිත් යන නම් වලින් පෙනී සිටින්නේ ලක්ෂි බව ඔහු දැන සිටියේ නැත​.
    ඒ අතර ලක්‍ෂි නිම්මි ගේ මුහුනුපොත බැලු අතර එයට ඔහු(දිනුශ) දුරකතන අන්කය එවා තිබුනේය​. දිලිනි හා දිනුශ නමින් උන් තැනැත්තා හා කතාවේදි ඔහු තමගේ පෙම්වතා වූ දිනුශ බව ලක්‍ෂි දැනගත් නමුත් , නිම්මිට එවා තිබු දුරකතන අන්කයෙන් එය ඉස්තීරයටම සනාත විය​. ඒ එම දුරකතන අන්කය දිනුශගේ සැබැ දුරකතන අන්කය බව ලක්‍ෂි දන්නා නිසාය​.
    කෙදිනකවත් දිනුශ්ට බොරුවක් වන්චාවක් නොකල ලක්ෂි, ඔහුට හොරෙන් මුහුනු පොතේ වියාජ ගිනුම් සැදුවාට කනගාටු වුවද​, පසුව දිනුශගේ හොර වැඩ සියල්ල තමන් දැනගත් හෙයින් ලක්‍ෂි එයට කනගාටු නොවුහ​. මේ සියලුම සිදුවේම් වන අතර , ලක්‍ෂි ඇයගෙ සත්‍ය මුහුනු පොතෙන් සුපුරුදු පරිදි දිනුශ හා කතාබහ කලේ ඔහුගේ සත්‍ය මුහුනු පොතෙන් සහ (skype) මාර්ගෙනි.මේ කලය වන විට ඔහු ඇය හා කතාකරන කලයද අඩු කෙරුවේ ඔහුගෙ වන්චනික ක්‍රියවන්ට කාලය වෙන්කිරිම නිසා විය යුතුයයි ඇයට සිතින​. එකම වේලාවල් වලදී ලක්‍ෂිත්, නිම්මිත්, දිලිනිත් යන 3න් දෙනම online උන් නිසාත් වෙනසක් නොපෙන්වා කතාකල නිසත් දිනුශ ඔවුන් ගැන සැක නොසිතන්නට ඇත​.