ඔහුත් යුධ විරුවෙක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    2009 වෙන කොට ජංගම දුරකථන තාක්ෂණය එච්චරම ප්‍රචලිත නෑ. තිබුනා නම් තිබුනා යුද්ධය ගැන මීට වඩා බොහෝ මතකයන් ඉතිරි වෙන්නට තිබුනා.

    2009 ඉඳලා බැලුවොත් දැන් අවුරුදු 15. සාමාන්‍යයෙන් දරුවෙකුට අවුරුදු 10 ක් වයසේ ඉඳලවත් පවුලෙන් ඔබ්බට රට ලෝකය ගැන මතකයන් තිබුනා කියලා හිතුවොත්, මේ වන විට (10+15) වයස 25 වත් ඉන්න අයට යුද්ධය ගැන මතකයක් නෑ. නිකමට අලුත් පරම්පරාවේ කෙනෙක් ගෙන් අහලා බලන්න, ඔවුන් ඒ ගැන දන්නේ නෑ.

    මගේ ලඟත් තිබුනේ නොකියා පුංචි ෆෝන් එකක්. ඒත් වව්නියාවෙන් උඩට සෙලියුලර් සිග්නල් නෑ. ඒ නිසා ඒ සීමාවෙන් උඩට ගියහම ෆෝන් එක ඕෆ් කරලා බෑග් එකේ දානවා. ආයේ අතට ගන්නේ මාසෙකින් නිවාඩු එන කොට. සමහරු මතකයන් ඉතුරු කර ගන්නම කැමරා අරගෙන ආවා ඉඳලා හිටලා. ඒ අයට පිං සිද්ද වෙන්න යුද බිමේ මතකයන් කීපයක් මගේ ලඟත් ඉතුරු උනා.

    මැයි 18 කියන්නේ මේ රටේ දෛවය වෙනස් කරපු දවසක්. වසර තුනකට මේ රටේ මිනිස්සු පොදුවේ එකඟ වෙලා කරපු වැඩක්. මේ යුද්ධය අවසාන කර ගන්නට බොහෝ සාධක බලපෑවා. ඒත් මගේ වීරයා වෙන්නේ සරත් ෆොන්සේකා. ඔහු නොවන්නට කිසි විටෙකත් යුධ හමුදාව මෙසේ මෙහෙයවා ගන්නට හැකියාවක් නොතිබෙන්නට තිබුනා. ඒ නිසා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නම් යුධ හමුදා නිලධාරියාට ජීවිතේ තියෙන තුරු ඇති ගෞරවය නැති වන්නේ නෑ. අනෙක් සියල්ල ඊට පස්සේ.

    යුද්ධයක් කියන්නේ විනාශයක්. නමුත් යුද්ධයක් කියන්නේ මානව සමාජයක ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමයක්. මිනිස්සු දෙන්නෙක් උනත් ගහ මරාගෙන ප්‍රශ්න විසඳගන්නවා. ප්‍රභලයා දිනනවා. දුබලයා පරදිනවා. මිනිස්සු සංවිධානය වූ කඳවුරු දෙකක් ලෙස හිංසාකාරීව ගැටළු විසඳා ගන්න යෑමේදී යුද්ධ ඇති වෙනවා.

    යුද්ධයකට තියෙන හොඳම විසඳුම තමයි යුද්ධයක් ඇති වීම වළක්වා ගන්න එක. වළක්වා ගන්න බැරි වෙන කොට යුද්ධ ආරම්භ වෙනවා. ආරම්භ වූ යුද්ධයක් නම් වඩාත් හොඳ විසඳුම සාම සාකච්ඡා වලට ගිහින් සමාදාන වෙන එක. ඒකත් බැරි නම් කරන්න පුළුවන් හොඳම දේ යුද්දේ ඉවර කරන එක. ඒක ජයග්‍රහණයකින් ඉවර කර ගන්නට ලැබේ නම්, ඒක ජයග්‍රහණය කරන කඳවුරේ මිනිස්සුන්ට හොඳයි. ඒ වගේම යුද්ධය අවසාන වීම නිසා පරාජිත කඳවුරේ මිනිස්සුන්ටත් සාමය උදා වෙනවා නම් ඔවුන්ටත් ඒක හොඳයි. දකුණ යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරපු නිසා උතුරටත් සාමය ලැබිලා තියෙනවා. දැන් ඉතුරු අඳුරු මතකයන් විතරයි. ඒ මතකයන් එක්ක ඔවුන් තව පරම්පරා දෙක තුනක් දුක් විඳීවි. ඒවායින් ගැලවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

    දකුණේ මිනිස්සු යුද්ධයේ ජය වින්ඳට, ඒ ජය වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු පරම්පරා කීපයක් තවමත් ජයග්‍රාහී මතකයන් තුලින් වේදනාවක් විඳිනවා. ඒ තමන්ගේ ඥාතීන් ඉන් මියයාමේ වේදනාව. සමාජයට දැන් ඔවුන් අමතක වෙලා තිබුනත්, ඒ අඳුරු මතකයන් එක්ක ඒ මිනිස්සු තාම ජීවත් වෙනවා. මේ අපි ලබන නිදහසේ වටිනාකම බොහෝ අයට නොදැනුනත්, ඒ නිදහස උරුම කරලා දෙන්නට ජීවිත පූජා කරපු , අතපය ඇස් මස් පූජා කරපු මිනිස්සු ඉන්නවා. ඉතිං මේ මැයි 18 වෙනිදා ඒ මිනිස්සුන්ට ජාතියේ උපහාරය පිරි නමන්න අපේ යුතුකමක් තිබෙනවා.

    යුද ඉතිහාසය දේශපාලනීකරණය වීම නිසා පවතින සමාජ මතය බෙදී ගිය දෙයක් බවටත්, තම තමන්ගේ දේශපාලන ඕනෑ එපාකම් මත යුද්ධය සැමරීම හෝ විරුවන් සිහි කිරීම පාක්ෂික දෙයක් බවටත් පත් වෙලා තිබෙනවා.

    එහෙත්, ඔවුන් මිය ගියේ මේ රට වෙනුවෙන්. ඒ නිදහස උරුම කර දෙන්නට ජීවිතය කැප කළ සියළුම විරුවන්ට ජාතියේ උපහාරය ජාතිය පවතින තුරාවට උරුමයි.

    පැතුම් කර්නර්

    #රටහදනහරිපාර #පැතූනොමික්ස් #හරිත
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yuddeta baye rata penala hitapu ponnayo dan rachana liyanawa,


    ps. heading eka witharai kiyawanna hamba une, passe dakke thread eka dapu ekawa
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව් ඒ කැමරා නිසාම තමයි..පස්සේ කාලෙක යුද අපරාධ චෝදනා ආමි එකට එල්ල උනේ.