ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?

    මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක්! ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා මාතර කොළඹ බස් එකක.ඔහු මගෙන් ටිකට් ගන්නෙත් නැහැ.
    ඔහු එක්ක විනාඩි විස්සක් විතර සැරෙන් සැරේ මට කතා කරන්න ලැබුණා.ඔහු කලින් කලේ tourism කරපු වෑන් වල ඩ්‍රයිවර් ජොබ් එකක්.ඔහු ඒක මාස 6ක් කලා කිව්වා තැනින් තැන.
    ඉන් පසුව තමයි ඔහු ඔහුගේ මීලඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරගන්නේ.ඔහු එය මාස 2කහ මාරක් කලා කිව්වා..
    ඉන් පසුව තමයි ඔහු දැන් කරන රැකියාව වන කොන්දොස්තර රැකියාව තෝරගෙන තියෙන්නේ..ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව පැවසුවා.ඒ කාලය තුළ ඔහු ලංකාවේ සියළුම ප්‍රදේශ වලම වාගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසූවේ ටිකක් ආඩම්බරයෙන්.
    " මට ලංකාවේ ඕනම ටර්න් එකක් නතින්ග් මචන් දැන් "
    මේ ඔහුගේ වචන..
    ඔහු A/L පවා ඉහළින්ම සමත් වූ තරුණයෙක්.මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ රැකියාවම තෝරගත්තේ කියලා..
    ඔහු මට දෙනවා ඇස් උඩ යන උත්තරයක්!
    " මචන් උබ මේ .............. බස් ගැන දන්නවද" ඔහු මගෙන් ඇසුවා.
    "ඔව් මචන්. උන්ට බස් හතර පහක්ම තියෙනවනේ"
    ඒ මම..
    හතර පහක් නෙවෙයි බන්. ඒකේ අයිතිකාරයට බස් 8ක් තියෙනවා. ඒ පාරේ දුවන පර්මිට් තියෙන ඒවා. ගාමන්ට් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියෙනවා. ඒ ඇරුනම tourism කරන KDH අටක් තියෙනවා. tourism කරන AC බස් දෙකක් තියෙනවා..
    "අඩෝ එහෙමද?"
    ඒ මම..
    ඔව් බන්. ඒකේ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම..
    ඔබට හිතාගන්න පුළුවන් ඇති මට ඒ මොහොතේ ඇති වුණ හැඟීම.
    මම ඔහුගෙන් ඇහුවා " මේ උඹලගේ බස් එකක්ද"
    "නෑ මචන්.අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි."
    ඔහු පැවසුවා.
    " එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ. ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද? "
    මෙතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ..
    " ඔව් මචන්. ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුණා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම බාරගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නේ මේ දෙසැම්බර් 31 වෙනකල් විතරයි බන්. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න කියලා.. ඒත් ඔය කොල කෑලි වල ලියපු certificate තිබිලා නෙවෙයි බන් අපේ තාත්තා ඔය තැනට ආවේ.. මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බෑ බන්. මම තාත්තගෙන් අවසර අරගෙන සමාජෙට බැස්සා.. මුලින්ම tourism පැත්තට.. එතන වෙන හොර වැඩ ඔක්කොම මම අල්ලගත්තා.ඊට පස්සේ බස් ඩ්‍රයිවර් ජොබ් එකෙන් හොරා කන හැටි දැනගත්තා.. මම අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කලා.අපේ බස් වල වැඩ කරන උන් මාව අඳුරන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා.. දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම.මේක අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි.ඒත් මම දැන් ඔක්කොම දන්නවා.. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුවා හම්බ කරපුවා මචන්.ඒ මනුස්සයා මේ තැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි. මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයි වේ එකට බස් එකක් දානවා මචන්. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්ති කාමරයේ නෙවෙයි සාමාජේ කියලා.."
    කඳුළු ආවේ නැතුව විතරයි මට!
    බහින තැන ලං වුණා.
    ඒත් මට බහින්න ලෝභයි. තව අහන්න ඕන.
    ඒත් බහින්නම වෙනවා!
    ඉක්මනටම සෙට් වෙමු මිත්‍රයා!
    කතාව ආයේ අහන්න ඕන මට!
    සුභ ගමන්!!!
    ඉතින් ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?
    - උන්මාදකරු -

    👌🏻👌🏻👌🏻
    #copied
    bump එකක් දාන් යමල්ල.. :D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දැක්ක ඕක FB එකෙත් ෂෙයාර් වෙනවා. මේක ගොතපු කතාවක්. නමුත් මේක ලියපු එකාට උසස් අධ්‍යාපනය ලබන්න බැරි වෙච්ච එකෙක් වගේ. නැත්නම් ඩිග්රි තියන උන් එක්ක බද්ධ වෛරයකින් පසුවෙනවා වෙන්න පුළුවන්.

    මේක ලියපු එකා ඩිග්‍රිය කියන එකේ අරුතයවත් හරියට දන්නේ නැතුව ඇති. උපාධියක් තියනවා කියන්නේ හරියට මැනේජ්මන්ට් එක ගැන ලොකු දැනුමක් ලැබෙනවා. ව්‍යාපාර කරන ක්‍රම වේදයන් , සංවර්ධනය කරන අයුරු. , නීතිමය පසුබිම් අධි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ ඒවා ප්‍රයෝගික යොදවන්න පුළුවන්. ඒවගේම පොතේ දැනුම තියල විතරක් මදි ඔය කිව වගේ සමාජයට බැහැලා වැඩ කරන්න ඕනේ. ඔය දෙකම හරි හැටි බැලන්ස් වෙන්න ඕනේ.

    කතාවට අනුව පුතේ උබ ඉගෙන ගෙන නැහැ. උබේ තාත්තා ඉන්න ලෙවල් එකේම තමා උබ ඉන්නේ. උබ මැරිලා යනකොටත් තාත්තා හිටියා වගේම උබටත් මැරිලා යන්න වෙනවා. සාමන්‍යයෙන් වෙන්නේ පියාට වඩා පුතා උගත් වීම.

    ඒක නිසා මේක ලියපු එකා හරි හැටි උසස් පෙලවත් සමත් වෙන්න බැරි වෙලා වගේ . එකේ වෛරය මේවගේ කතා ගොතලා ලියලා පිරිමහන්න දරන උත්සහයක්.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    a story with a good message :) its hard to believe this is a true story :) maybe it is true maybe not :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම දැක්ක ඕක FB එකෙත් ෂෙයාර් වෙනවා. මේක ගොතපු කතාවක්. නමුත් මේක ලියපු එකාට උසස් අධ්‍යාපනය ලබන්න බැරි වෙච්ච එකෙක් වගේ. නැත්නම් ඩිග්රි තියන උන් එක්ක බද්ධ වෛරයකින් පසුවෙනවා වෙන්න පුළුවන්.

    මේක ලියපු එකා ඩිග්‍රිය කියන එකේ අරුතයවත් හරියට දන්නේ නැතුව ඇති. උපාධියක් තියනවා කියන්නේ හරියට මැනේජ්මන්ට් එක ගැන ලොකු දැනුමක් ලැබෙනවා. ව්‍යාපාර කරන ක්‍රම වේදයන් , සංවර්ධනය කරන අයුරු. , නීතිමය පසුබිම් අධි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ ඒවා ප්‍රයෝගික යොදවන්න පුළුවන්. ඒවගේම පොතේ දැනුම තියල විතරක් මදි ඔය කිව වගේ සමාජයට බැහැලා වැඩ කරන්න ඕනේ. ඔය දෙකම හරි හැටි බැලන්ස් වෙන්න ඕනේ.

    කතාවට අනුව පුතේ උබ ඉගෙන ගෙන නැහැ. උබේ තාත්තා ඉන්න ලෙවල් එකේම තමා උබ ඉන්නේ. උබ මැරිලා යනකොටත් තාත්තා හිටියා වගේම උබටත් මැරිලා යන්න වෙනවා. සාමන්‍යයෙන් වෙන්නේ පියාට වඩා පුතා උගත් වීම.

    ඒක නිසා මේක ලියපු එකා හරි හැටි උසස් පෙලවත් සමත් වෙන්න බැරි වෙලා වගේ . එකේ වෛරය මේවගේ කතා ගොතලා ලියලා පිරිමහන්න දරන උත්සහයක්.
    :yes::yes::yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    Umbth 100% hari naa mchn mn his kranne mn hodatamakelwa gaththa ekek mn danth ehemii.ee kthwa passe three ekak in damukoo.mage yaluek mn eka wada lankawe .wada kiwe partner degree karyek.mchn oota minniu customer hnling no experinse kelawanawa lelltama..aa oota Patrick naa bn..oona field ekak exprinse eka ekki sharp wenna.degree dala eliyta awata athdakiim thram naa mchn..ehenm lankawe godak Loki biskaryoo Seeram mula idanma degree karyoo wenna oona.ehema na bn.job fild ekee nm umba kiyanam eka OK athi samahara wita bisness wenas bn..
     
    information and education is freely available on the internet these days! we are living in an information era. ;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳම CEO කියන්නෙ කොහොමද? තාම පටන් අරගෙනත් නෑනෙ. ඕනෙ නම් හොඳම කොන්දොස්තර කියන්න පුලුවන් ඇති ඒ වැඩේවත් හරියට කරනව නම්. :lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මම දන්න මුදලාලි කෙනෙක් ඉන්නවා ඉකොලේ දෙකට ගිහින් තියෙන්නෙ..අපේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක් එතන වැඩ..ඒ මුදලාලි ලඟ ඩිග්‍රි දෙක තුන තියෙන මිනිස්සුත් ඉන්නවලු .ඒ වුනාට මුදලාලි ත් එක්ක ඒ අයට හැරෙන්නවත් බෑලු..මොකද අත්දැකීම් ඊට වලින් ඩිග්‍රි ගහපු නිසා වෙන්න ඇති
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හොඳම CEO කියන්නෙ කොහොමද? තාම පටන් අරගෙනත් නෑනෙ. ඕනෙ නම් හොඳම කොන්දොස්තර කියන්න පුලුවන් ඇති ඒ වැඩේවත් හරියට කරනව නම්. :lol:

    Well Said
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Umbth 100% hari naa mchn mn his kranne mn hodatamakelwa gaththa ekek mn danth ehemii.ee kthwa passe three ekak in damukoo.mage yaluek mn eka wada lankawe .wada kiwe partner degree karyek.mchn oota minniu customer hnling no experinse kelawanawa lelltama..aa oota Patrick naa bn..oona field ekak exprinse eka ekki sharp wenna.degree dala eliyta awata athdakiim thram naa mchn..ehenm lankawe godak Loki biskaryoo Seeram mula idanma degree karyoo wenna oona.ehema na bn.job fild ekee nm umba kiyanam eka OK athi samahara wita bisness wenas bn..
    උඹ කියන එව්වා තේරෙන්නේ නෑ බන්. එක්කෝ English වලින් කියපන්, නැත්නම් සිංහලෙන් කියපන්. සිංග්ලිෂ් කියවන්ඩත් අමාරුයි.
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    හොඳම CEO කියන්නෙ කොහොමද? තාම පටන් අරගෙනත් නෑනෙ. ඕනෙ නම් හොඳම කොන්දොස්තර කියන්න පුලුවන් ඇති ඒ වැඩේවත් හරියට කරනව නම්. :lol:

    :eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Umbth 100% hari naa mchn mn his kranne mn hodatamakelwa gaththa ekek mn danth ehemii.ee kthwa passe three ekak in damukoo.mage yaluek mn eka wada lankawe .wada kiwe partner degree karyek.mchn oota minniu customer hnling no experinse kelawanawa lelltama..aa oota Patrick naa bn..oona field ekak exprinse eka ekki sharp wenna.degree dala eliyta awata athdakiim thram naa mchn..ehenm lankawe godak Loki biskaryoo Seeram mula idanma degree karyoo wenna oona.ehema na bn.job fild ekee nm umba kiyanam eka OK athi samahara wita bisness wenas bn..

    මොනවද බන් මේ ?
    කියවනවට දාන්න එපා කියවන්න දාපන්..
    මොකො උම්බේ අදහස් වටිනවා කියවන්න ගියාම නම් ඇඩෙනවා
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මම දැක්ක ඕක FB එකෙත් ෂෙයාර් වෙනවා. මේක ගොතපු කතාවක්. නමුත් මේක ලියපු එකාට උසස් අධ්‍යාපනය ලබන්න බැරි වෙච්ච එකෙක් වගේ. නැත්නම් ඩිග්රි තියන උන් එක්ක බද්ධ වෛරයකින් පසුවෙනවා වෙන්න පුළුවන්.

    මේක ලියපු එකා ඩිග්‍රිය කියන එකේ අරුතයවත් හරියට දන්නේ නැතුව ඇති. උපාධියක් තියනවා කියන්නේ හරියට මැනේජ්මන්ට් එක ගැන ලොකු දැනුමක් ලැබෙනවා. ව්‍යාපාර කරන ක්‍රම වේදයන් , සංවර්ධනය කරන අයුරු. , නීතිමය පසුබිම් අධි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ ඒවා ප්‍රයෝගික යොදවන්න පුළුවන්. ඒවගේම පොතේ දැනුම තියල විතරක් මදි ඔය කිව වගේ සමාජයට බැහැලා වැඩ කරන්න ඕනේ. ඔය දෙකම හරි හැටි බැලන්ස් වෙන්න ඕනේ.

    කතාවට අනුව පුතේ උබ ඉගෙන ගෙන නැහැ. උබේ තාත්තා ඉන්න ලෙවල් එකේම තමා උබ ඉන්නේ. උබ මැරිලා යනකොටත් තාත්තා හිටියා වගේම උබටත් මැරිලා යන්න වෙනවා. සාමන්‍යයෙන් වෙන්නේ පියාට වඩා පුතා උගත් වීම.

    ඒක නිසා මේක ලියපු එකා හරි හැටි උසස් පෙලවත් සමත් වෙන්න බැරි වෙලා වගේ . එකේ වෛරය මේවගේ කතා ගොතලා ලියලා පිරිමහන්න දරන උත්සහයක්.

    අනිවා බ්‍රෝ...

    උපාදිය කියන්නෙ මොකක්ද කියල නොදන්න එවුන් කියනව ඩිග්‍රිය කියන්නෙ කොලවල තියන සහතික කියල. ඕක කවදාවත් ඩිග්‍රියකින් බාගයක් කරපු එකෙක් කියන්නෙ නෑ.

    ඒත් මේම පැත්තක් තියනව, බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකකින් කරන්නෙ වෙනම පැත්තක්. ඔය වගේ වෑන් බස් බිස්නස් එකක් හැඩල් කරන්න ඩිග්‍රි ගහල මදි, ඔය වගේ සීන් එකට බහින්න ඕනෙ. ඒත් ඕම කලාය කියල ඌ ඔය වාහන ඩබල් කරයි උපරිම, ඒත් ඊබට් සිල්ව වගේ බස් 200 300 රන් කරන්න බෑ. ඒ ජාතියෙ ගොඩක් ගොඩයන්නෙ උන් අර වැඩක් නෑ කියපු ඩිග්‍රි කාරයන්ටම පඩි ගෙව ගෙව මොකද කරන්නෙ කියල අහගෙන. ලොකු ක්‍රවුඩ් එකක් ශන්ට්‍රෝල් කරන්න බෑ ඒ වගේ දැනුමක් නැතිව

    මම ඔය පුතා උනානම් අවුරුදු දෙක තුනක් ඔය ගේමත් ගහල, පස්සෙ වෙලා තියන හැටියට ඩිග්‍රියත් කරගන්නව.

    අනික කාලකන්නිකමට හැදිච්ච උන් කරන්නෙ ඒ ජාතියෙම උන් ටිකක් එක්ක ඉගෙනගන්න තියන කාලෙ දෙමාපියන්ගෙ සල්ලි නාස්ති කර කර පොරවල් වෙන්න හදනව. පස්සෙ, ඒ කාලෙ පාඩුවෙ හරියට ඉගෙනගත්ත උන් පොරවල් උනාම අරුන් බලු වෙනව. ඒ කාලෙට තමන්ට ඉතුරුවෙලා තියෙන්නෙ අර රස්ත සෙට් එකක් එක්ක කරපු දේවල් විතරයි. ඉතින් උන් හිතන් ඉන්නව උන්ට සමාජෙ ගැන හෙන මොකද්ද එකක් තියනව කියල. උන් දන්නෙ නෑ ඊට වඩා ආතල්, කොයි මිනිහත් ගරු කරන සමජයක් තියනව කියල. ඒව පේන්නෙ රු 18,000 බේසික් එකට ජොබකට ගියාම, ඒකෙ උඩ ස්ටාෆ් එක දැක්කාම. සමහරුන්ට ඒමවත් පේන්නෙ නෑ. ඒත් ඒ කාලෙට තමන්ගෙ අර කියන මහාලොකු සමාජ මොකද්ද එකෙන් කරගන්න දෙයක් නැතුව අර වගේ කතා ලිය ලිය ගොඩ ගිය උන්ට මඩ ගහනව.

    ඒමයි කියල මම කියන්නෙ නෑ පොතක් අරන් පැත්තකට වෙන්න ඕනෙ කියල. ඒත් ඉගෙනගන්න කාලෙ 70%ක් 80%ක් ඒකට හරියට නොදුන්නොත් ඕක තමා වෙන්නෙ.
    ඇත්තටම සමාජ අවබෝදයක් තියන උන් කරන්නෙ තමන්ට පුලුවන් විදිහටකට දැනුමක් අරන් මොලේ විකුනන්න ක්‍රමයක් හොයාගන්න එක. ඒකට අයින්ස්ටයින් වෙන්න ඕනෙ නෑ...

    හැම ක්ශේස්ත්‍රයකම දැනුමක් තියනව. උසස් මොකද්ද, පහත් මොකද්ද, පන්ති කාමරේද සමාජයේද කියල වෙන් කරන එක නෙමෙයි, හැම එකම කවර් කරගන්න එකා තමයි වැඩකරු...