ඔහු හිස් අතින් නික්ම ගියේය...

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    ඔහු හිස් අතින් නික්ම ගියේය...

    රටම සෙලවාලූ ඒ රුදුරු බෝම්බ පිපිරීමෙන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත වහවහා ඇදෙන්නේ අනතුරට ලක් වූවන් වෙනුවෙන් කළ හැකි උපකාරයක් කිරීමටයි.
    58684795_1239831002858110_2453594325192278016_n.jpg

    R Room හෙවත් රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දෙන අංශයේ පැයක් පමණ රැඳීමෙන් අනතුරුව ඔවුන් ට ඉන් පිටතට විත් විපතට පත් වූවන් සන්සුන් කිරීමට උපකාර වන ලෙස උපදෙස් ලැබෙන්නේ ඒ වෙද්දී එම අංශය වෛද්‍යවරුන් උවමනාවටත් වඩා එක් වී සිටි නිසායි.ඒ අනුව ශල්‍ය වාට්ටු වෙත යොමු වන ඔවුන් දකින්න ලාංකික පිරිසක් සමඟ කවරෙකු හෝ සොයමින් යන විදේශික පියෙක් හා පුතුන් දෙදෙනෙකුයි.විමසා බලද්දී ඔවුන් සොයමින් සිටියේ වැඩිමල් පුතු සමඟ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උදේ අහාරය ගනිමින් හිටි ඔවුන්ගේ මවයි.බැංකොක්වෙත ගුවන් ගමනක් සංවිධානය කර ගැනීමට ගිය නිසාවෙන් මේ තිදෙනාට ඔවුන් මඟ හැරී තිබුනා.හිසට තුවාල සිදු වූ මව හෝටලයේ වාහනයකින් රෝහලට ගෙනා බව වැඩිමල් පුතා කීවත් හිසට හා පපුවට තුවාල ලබා සිටි ඔහුව දමා යන්නටත් මේ පිරිස කැමති වන්නේ නැහැ.ඉතින් ඒ පියාගේ කැමරාවේ තිබූ අවසාන රුව වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ කැමරාවේ සටහන් වන්නේ ඇය සොයා ගැනීමේ මෙහෙයුමට උපකාර වෙන්නටයි.

    ස්නායු ශල්‍ය වාට්ටු, ශල්‍යාගාර, ශල්‍ය වාට්ටු ,මෘත ශරීරාගාරය මේ හැම තැනකම හෙවුවත් ඔවුන්ට ඇය මුණ ගැහෙන්නේ නැහැ.

    විදේශික පවුලත් සමඟම අවසානයේ පොලිස් මෘත ශරීරාගාරයට ගිය ගමනේදී අවාසනාවන්ත ලෙස ඇගේ මල සිරුර ඔවුන්ට හමු වෙනවා.පුතුන් හඬා වැලපෙද්දී කඳුලු අතරින් වුනත් තමන්ගේ බිරිඳ සොයාගන්නට උදවු කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්නට මේ මහත්මා ගුණ ඇති විදේශිකයා අමතක කරන්නේ නැහැ.

    රුපියල් මිලියන සියයක් වියදම් කරමින් ඇලන් ලුවිස් මහතාගේ පවුල රත්නපුර ශික්ෂණ රෝහලට නව ළමා වාට්ටු සංකීර්ණයක් තනා දෙන්නේ නේපාලයේදී මිය ගිය තමන්ගේ පුතා සිහි වෙන්නයි.විසි වෙනිදා අලුතින් ඉදි කළ එම වාට්ටු සංකීර්ණය නරඹන්නට එන මොනික් ඇලන් මහත්මිය පොරොන්දු වෙන්නෙ තවත් මහල් දෙකක් ඊට එක් කර පස් මහල් ළමා වාට්ටු සංකීර්ණය සම්පූර්ණ කරන්නටයි.ඉන් පහුවදා සිනම්න් ග්‍රෑන්ඩ් හෝටලලේ උදේ ආහාර ගනිමින් සිටි ඈ සදහටම සමු අරන් යන්න ගිහින්.

    ශ්‍රී ලංකාව මොනික් ඇලන් මහත්මියගේ ප්‍රියතම රටක්.ළමා වාට්ටු සංකීර්ණය තනන්නට ලංකාවේ රත්නපුරය තෝරාගන්නට මුල් වන්නේත් ඒ ආලයමයි.ඉතින් මේ ලෝකයට සදහටම සමු දෙන්නට කලින් ඈ සාක්ශාත් කරගත් අරමුණ ලංකාවේ දරුවන්ට වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ ඉඩපහසුකම් සලසා දීමයි.

    මොනික් ඇලන් මැතිණිය සමාදානයේ සැතපෙන්නේ ලංකාවේ යි.ඇගේ අවසන් කටයුතුවලට පසු පුතුන් ඔහු ළඟට ගන්නා ලුවිස් ඇලන් මහතා හැමෝටම කියන්නේ මෙහෙමයි.

    "මොනික් ලංකාවට නොසෑහෙන්න ආදරෙයි.මේ පාර වියට්නාමෙට යමු කියද්දි ලංකාව තෝරා ගත්තෙ ඈ මයි.අපි බැංකොක් යන්න යද්දී ජේසන් පුතා එක්ක තව ටික දවසක් ලංකාවේ ඉන්න තීරණය කළෙත් ඈමයි.සමහර විට වෙන්න යන දේ ඇයට කලින් දැනෙන්න ඇති.ඇගේ ජීවිතය අවසාන විය යුත්තේ මේ සුන්දර රටේ ඔබ හැමෝගෙම ආදරය එක්ක කියලා ඈ හිතාගන්න ඇති.

    ඔබ හැමෝටම ස්තූතියි .ඇය ලංකාවට නොසෑහෙන්න ආදරය කළා."

    මොනික් මුණගැහෙන්නට මේ පවුලේ උදවියට වසරක් පාසා යලිත් ලංකාවට එන්නට සිදු වෙනවා.ඔවුන්ටත් මෙවන් අකල් මරණයක් අත් නොවන්නට අපිට ඔවුන්ගේ ආරක්ශාව සුරක්ෂිත බවට සෑහෙන්නට පුලුවන් ද?

    මොනික් මිය යන තුරාවටම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඔවුන් අපේ රටට කළ සේවය කවුරුත් දැනගෙන හිටියේ නෑ.මොකද මේ මිනිස්සු ඒ දේවල් කළේ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් නෙවෙයි .
    තමන්ගේ බිරිඳ තමන්ගෙ අම්මා නැතිව ඔවුන් හැඬූ කඳුලෙන් ලංකාව හැර යද්දී අපේ බදු සල්ලිවලින් කිඹුහුමක් අරින්නත් ප්‍රසිද්ධිය ඕනෑ කරන අපේ ජරා පාලකයින් මජර හිනා අස්සෙන් මේ මහා ඛේදවාචකයේ වගකීම එකිනෙකාට පටවන්න වලි කනවා.

    ඇත්තටම ආයෙත් අපි මේ වගේ මිනිස්සුන්ව අපේ නායකයන් හැටියට පත් කර ගන්නවද?

    ආදරයට මිනිසත්කමට මිනිස්සු ජීවත් කරන්න පුලුවන් නම් මොනීක් මැතිනිය ඔබ තාමත් ජීවතුන් අතර.

    දිවි ගලවා ගත් ජේසන්,ටිමොති ජැස්පර් පුතුන් හා ඇලන් ලුවිස් මහතානෙනි, ඔබට දෙවි පියාණන්ගේ රැකවරණය නිබඳවම ලැබේවා.

    ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඔබට හදවතින් ම ස්තූතියි .ඔබ වෙනුවෙන් මුලු ලංකාවම මුලු හදින් ම ශෝක වෙනවා ඇති.

    -වෛද්‍ය ශිෂ්‍ය තරුශිහාන් මුහුන්දන් ගේ වචන හා චායාරූපය
    -සිංහල අනුවර්තනය සඳුනි පෙරේරා

    2019.04.23
     
    Last edited:

    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    සමාදානයේ සැතපේවා
    ඔබේ පවුලටත් යහපතක්ම වේවා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Last family picture taken at Ratnapura hospital after opening new ward complex funded by them. They deserve special place in heaven. RIP.

    694
     
    Last edited:

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73

    :(
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203

    RIP