EBUSE does not interfere with such cases anyhow will be having investigation soon.
Thnks agent windowsubuntu
ShareFacebookTwitterEmail
4918Views
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.
පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.
ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.
එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සැක පළකර සිටින්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවූ බවත් ඊට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ද සියදිවි හානිකර ගෙන ඇති බවත් ඔහුගේ සිරුර හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.