ඔෆිස් එකේ ඉන්න පඩත්තරයෙක්

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    මචන්ලා, මන් වැඩ කරන තැන පට්ට පණ්ඩිතයෙක් ඉන්නවා. (same level)
    උගේ වැඩේ පොර තරම් ඩයල් එකක් නෑ කියල පෙන්නන එක. වෙන එකෙක්ව උනත් කපනවා සැරටම.
    දෙයක් කරන්න ගියත් උනත් ඌ දන්නා දේකුත් නෑ. හැබැයි කියවන්නේ හැමදේම ඌ පුරුදු වෙන්න කරපුව නෙමෙයි ගානට. අනික් උනුත් උගේ ඒ කයිය නිසා හිතන් ඉන්නේ ඌ තමා මාර පොර කියලා.

    අපිට උනත් මාර කැපිල්ලක් දාන්නේ හිමීට. මේ වගේ උන්ට කරන්න දෙයක් නැද්ද බන් ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා, මන් වැඩ කරන තැන පට්ට පණ්ඩිතයෙක් ඉන්නවා. (same level)
    උගේ වැඩේ පොර තරම් ඩයල් එකක් නෑ කියල පෙන්නන එක. වෙන එකෙක්ව උනත් කපනවා සැරටම.
    දෙයක් කරන්න ගියත් උනත් ඌ දන්නා දේකුත් නෑ. හැබැයි කියවන්නේ හැමදේම ඌ පුරුදු වෙන්න කරපුව නෙමෙයි ගානට. අනික් උනුත් උගේ ඒ කයිය නිසා හිතන් ඉන්නේ ඌ තමා මාර පොර කියලා.

    අපිට උනත් මාර කැපිල්ලක් දාන්නේ හිමීට. මේ වගේ උන්ට කරන්න දෙයක් නැද්ද බන් ?
    අග්‍රාමාත්‍ය කාර්යාලයට දාපන් ඉදගන්න බැරිවෙන්න පාඩමක් උගන්නයි
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    Uu lagadi da wedata awe ?
    loku kalayak naha,
    ඒ හැන්දෙන්ම බෙදපන් කට්ටියත් එක්ක සෙට් වෙලා. කයිවාරු කාරයෙක් විදියට හංවඩු ගහපං. :lol:

    wade tynne wate unuth aru deyk kiwwama magic wage ahanne. habai deyak karanna giyama mokk hari anagattama ek kiyala deddi kaiwaru gahanneth aa ehemada oka mokakda gaga
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    චාටර් කරහන් බන්.අපිනම් කරන්නෙ ඒකයි.අපෙත් හිටියා ඌට මාර පොලිස් කන්ටැක්ට් තියනවා කියලා වටේම කියෝ කියෝ හිටියේ.වැඩේ කියන්නෙ අපේ ලොක්ක්ව පොලිසියෙන් අල්ල්ලා මූට කතාකලහම බලන්නම් කියල ෆෝන් එක ඕෆ් කරලා.එදා ඉදලා පොර පීචන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපේ හිටියා හැම දේටම අනික් උන්ට උපදෙස් දීලා නිකං ඉන්න එකෙක්. ඔහොම කලානම් හරි, මෙහෙම කලානම් හරි, ඕක වැරදියි, මේකයි හරි, කිය කියා ඌ උපදෙස් දෙනව. ඌට කාඩ් එක දැම්මා කාරියකරවන කියල. උගෙ සර්නේම් එක ගුණතිලක. නොදන්න අය අහනව ඇයි මූට කාරියකරවන කියන්නෙ කියල. එතකොට අපි කියනව ඔහොම ඉඳලම බලාගනිංකො කියලා. පස්සෙ ලැජ්ජාවටමද කොහෙද ඌ උගෙ ගති ඇරගත්තා. හැදුනා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕකට කටින් බතල කියල කාඩ් එක ගහපන් .
    ජෝක් එකට කියපන් උබ ඉතිං කටින් බතලනෙ කියලා
    දකින දකින් තැන කටින් හා කටින් බතල කියලා කියපන්
    ටික දවසක් යනකොට ඔක්කොම උන් ඌට ඕක කියයි
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    උගෙ කීබෝඩ් එක උඩ හරි මවුස් එක උඩ හරි තඩි බෙට්ටක් බාපං😂😂😂
    Ryan Reynolds Reaction GIF
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන්ලා, මන් වැඩ කරන තැන පට්ට පණ්ඩිතයෙක් ඉන්නවා. (same level)
    උගේ වැඩේ පොර තරම් ඩයල් එකක් නෑ කියල පෙන්නන එක. වෙන එකෙක්ව උනත් කපනවා සැරටම.
    දෙයක් කරන්න ගියත් උනත් ඌ දන්නා දේකුත් නෑ. හැබැයි කියවන්නේ හැමදේම ඌ පුරුදු වෙන්න කරපුව නෙමෙයි ගානට. අනික් උනුත් උගේ ඒ කයිය නිසා හිතන් ඉන්නේ ඌ තමා මාර පොර කියලා.

    අපිට උනත් මාර කැපිල්ලක් දාන්නේ හිමීට. මේ වගේ උන්ට කරන්න දෙයක් නැද්ද බන් ?
    එදිනෙදා වැඩ හරියට කරන්න
    Don't let him dominate
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් තියෙන හැම වැඩේම ඌට පංගාත්තු කරහන්. උඹලට තියෙන්නෙ නිකන් ඉන්නනෙ. කරගන්න බැරිව නිකන්ම කැපිල යයි.
     
    • Like
    Reactions: nishan-sujeewa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉද්දි ඔහොම දෙතුන්දෙනෙක් කියවන්න ඇවිත් ජීවිතේ එපා කෙරෙව්වා.
    එකෙක්ට වර එලියට කියල කතාකරන් ගිහින් බෙල්ලෙන් අල්ලලම කියල දුන්න පාඩුවේ වැඩක් කරගනිං කියල.
    තව එකෙක් කෙල්ලෝ ඉස්සරහ මුදුන වෙන්න ඇවිත් මට මොනව හරි කියල, ප්‍රසිද්දියේ ජාතිය ඇමතුවා.
    තව එකෙක් හිටිය වැඩ බෑ කට විතරයි. සීඊඕ ගේ කොම්පූටරේ රිමෝට් ලොග්වෙලා රීස්ටාට් කෙරෙව්වා මූ එනවා, හදනවා, හරි කියනවා යනවා ආයේ රීස්ටාට් වෙනවා. අන්තිමට ලොක්කා බොස්ට බැනල ඕකව ආයේ එවන්න එපා කියල🤣

    පුස් වීරයොන්ගේ බල බිඳපු කුප්ප වැඩ නං එමටයි🤣

    අදටත් මිනිස්සු කියන්නෙ ලින්ඩා ආව කියන්නේ දෙයියෝ වැඩිය වගේ තමයි කියල😊
     
    • Wow
    Reactions: sakuntha1996