හොරු කෙසේවෙතත් පන්සල් සංස්කෘතියෙ ඉන්න හාමුදුරුවරුත් ආරණ්‍යවාසී පිළිවෙත් පුරන අයත් අතර ටෙන්ෂන් එකක් තියෙනව. මුල් සෙට් එකට දෙවනි අයව දකිද්දි අපි බත් ගිල ගිල ඉන්නව කියල හිතෙන ගිල්ටිය වෙන්න ඇති ඔය නුරුස්සීමෙ අප්රකාශිත හේතුව.
සුයිසයිඩ් ඈන්ගල් එක ගැන කිව්වොත් නම් කියන්න තියෙන්නෙ අත්පය බැඳගෙන වතුරට පණින එක සියදිවි හානි කරගැනීමෙ එක ක්‍රමයක් තමයි. ඒත් මනුස්සයෙක්, විශේෂයෙන්ම ක්‍රියාශීලි ස්වාමීන් වහන්සේ කෙනෙක් සියදිවි නසාගන්න යද්දි තමන්ගෙ දායකයො, ගෝලබාලයොන්ට දේවල් පැහැදිලි කරල සටහනක් නොලිය එහෙම කරයි කියල හිතන්න අමාරුයි. සුයිසයිඩ් නෝට් එකක් කියන්නෙ සුයිසයිඩ් එකේම අවියෝජනීය කොටසක්. හැට ගණන් වල සුයිසයිඩ් කරගත්ත බෞද්ධ දර්ශනය ගැන මෑත කාලයෙ ලංකාවෙන් සිරාවටම ඔරිජිනල් ශාස්ත්‍රීය අදහස් ගොනු කරපු ඥාණවීර තෙර පවා දීර්ඝ ලිපියකින් තමන් දිවි තොර කරගන්න හේතුව පැහැදිලි කරලයි එහෙම කලේ. මේක සුයිසයිඩ් එකක් කියල මන් හිතන්නෑ, හරියටම නොදන්නව උනත්.