(1) "දැක්මත් ඇති අවබෝධයක් ඇති පුද්ගලයෝ නායකත්වයට පත් කළ යුතු වෙනවා"
(2) "එක් එක් ක්ෂේත්රවල නිපුණතා තියන විශ්‍රාම ගිය රජයේ සේවකයින් වගේ කණ්ඩායම් විෂයන් දහයකට බෙදලා ඒගොල්ලන් විසින් ඒ ඒ විෂයට අදාළ වන්නා වූ සංස්කෘතික, ක්‍රීඩා, ආර්ථික, සමාජික ආගමික ප්‍රශ්න හඳුනාගන්නවා ඉස්සෙල්ලාම, ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ඉදිරිපත් කරනවා"
(3) "ප්‍රගතශීලී, දූෂිත නොවන වැදගත් ජනප්රවාහයක් ගොඩ නැඟිය යුතුව තියනවා."
මෙතුමා කියන මෙන්න මේ කරුණු ටික තමයි වැදගත්.
වර්තමානේ වෙනකොට (1) කාරණය සිද්ධ වෙන්නේ නැහැ. ඒක කරන්න වෙන්නේ අන්තිමට, ඒ කියන්නේ දෙවෙනි තුන්වන කාරණා වල ප්‍රතිඵලය විදියට.
අංක (2) කියවෙන ආකාරයේ මිනිස්සු දුර්ලභ වුනාට තවමත් ඉන්නවා.
පළවෙනි දේ අන්න ඒ රට හදන්න උවමනාවක් තියන අවංක, සත්‍යවාදී පිරිස හඳුනාගෙන එකතු කරගැනීම. යම් ක්ෂේත්රයක ප්‍රවීණයෙක් කියන්නේ අදාළ ක්ෂේත්රය දියුණුව කරා ගෙනයාමට කළ යුතු හොඳම දේ ගැන අවබෝධයක් තියන කෙනෙක්. විනගරුක, යුක්තිගරුක පිරිසක් ගොඩනැංවීම තුළින් දියුණුව කරා යාමට අවශ්‍ය දැක්ම හා සැලසුම් එයාලා ළඟ තියනවා.
ඒ සැලසුම් ක්‍රියාත්මක කරලා අංක (3) විදියට ජනප්රවාහයක් ගොඩනංවලා, ඒ පිරිස හරහා මේ පවතින විනාශකාරී ක්‍රමයට එල්ල කරන බලපෑමේ ප්‍රතිඵලයක් විදියට අංක (1) කියවෙන ආකාරයේ නායකයන් පිරිසක් ඇති කරන්න වෙනවා.
මේක කරන්න වෙන්නේ වර්තමාන දේශපාලඥයන් කිසිම විදියකින් සම්බන්ධ කර නොගෙන.
මේ හැර විසඳුමක් අපට දැන් නැහැ.