ඕඅයිසී_මැරිලා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    54256719_2886042148287674_7889497409674280960_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මහින්දානන්දගෙ පුතා නෙමේ නේද් ඩ්‍රයිව් කලෙ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දානන්දගෙ පුතා නෙමේ නේද් ඩ්‍රයිව් කලෙ


    අහු උනේ ඔක්කොම ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. එකෙක්නම් ඇතුලට දැම්ම ඌ තමයි ඩ්‍රයිව් කලේ කියල.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අහු උනේ ඔක්කොම ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. එකෙක්නම් ඇතුලට දැම්ම ඌ තමයි ඩ්‍රයිව් කලේ කියල.

    ඒ කියන්නෙ මේ උට්ටද ඩ්‍රයිව් කරලා තියෙන්නෙ :growl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒ කියන්නෙ මේ උට්ටද ඩ්‍රයිව් කරලා තියෙන්නෙ :growl:

    පලමු කට උත්තරයේ තියෙන්නේ එහෙමයි. අලුත්ගමගේ පුතා තමයි වාහනය හැප්පෙන කොට ඩ්‍රයිව් කලේ කියා තමයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද බන් මේ ඇමති උට්ට්ලම මෙච්චර උන්ව යට කරන්නේ? මේක දැන් trend එකක් වෙලානේ.. මුන් ආතල් එකට මේවා කරනවද!
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දන්න්නෙ නැති නිසා අහන්නෙ ...... වාහනයලට හැපිල මනුස්සයෙක් මැරුනම ඒ වාහනේ ඇතුලෙ ඉදපු අයත් වැරදිද ..... නවත්තන්නෙ නැතුව ගියපු එකනම් වැරදි ....

    බීලා ලාල් කාන්ත හප්පා මාරාන්තිකව ඉන්නා කාන්තාව මලා නම් ජෙප්පො මේ කතාව ලියනවාද???
    මහින්දානන්දගෙ පුතා ගිය රථය පැදෙවුවේ ඔහුද????
    බීලා බස් එළවන රියදුරාගේ රථයේ ජවිපෙ සාමාජිකයෙක් හිටියොත් මේ අන්දමට පලාගියොත් ජවිපෙ සාමාජිකයා මිනීමරා පලා ගියා කියා ඔබ කියනවද????
    කන්න වෙනකොට කබරයා තලගොයා කරන ජවිපෙ මෝඩයන් කොපමන සිටීද???
    ලාල් කාන්ත බීලා කාන්තාව යටකර මරාදැමීමට තැත් කිරීමත්, මහින්දානන්දගෙ පුතා ගමන්කල රථය පොලිස් නිළදාරියා යටකර පලායාමත් වැරදි ලෙස අපි දකිමු...කල දේ මුලුමනින්ම වැරදී...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පලමු කට උත්තරයේ තියෙන්නේ එහෙමයි. අලුත්ගමගේ පුතා තමයි වාහනය හැප්පෙන කොට ඩ්‍රයිව් කලේ කියා තමයි.

    යකෝ මේක උන්ට ගිය රටක්නෙ බං.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,333
    6,081
    113
    අහු උනේ ඔක්කොම ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. එකෙක්නම් ඇතුලට දැම්ම ඌ තමයි ඩ්‍රයිව් කලේ කියල.

    PSD eke SP kenekge putha athulane.porane drive kale
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මෑත කාලීනව දේශපාලකයෙකු අතින් හිංසාවට ලක්වෙලා යුක්තිය ඉෂ්ඨ උනේ දුමින්ද සිල්වාගේ කේස් එකේ විතරයි,
    ඒක උනෙත් හානියට පත් උන එකා දෙස්පාලුවෙක් වීම සහ , දුව දැනටත් ක්‍රියාකාරී දෙසපාලනයේ සිටීම නිසයි.
    හිරුනිකා උන්නේ නැත්තන් දුමිය එළියේ රඟනවා මේ වෙද්දී
    ඕක තමා ලංකාවෙ නීතියේ යතාර්ථය
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අන්තිමට කියාවි හප්පපු වාහනෙ SELF Driving තිබ්බ එකක් කියලා ඒක නිසා වාහනේ නිශ්පාදනය කරපු රට තමා වැරදි. මේක එහෙව් රට යකෝ :lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Isuru-Nettikumara-Ranishka-Aluthgamage-Ajith-Rohana.jpg


    මහින්දානන්දගේ පුතා බේරන්න දොරගුළු වසා ඇසූ නඩුවේ ඇත්ත හෙළිවේ..! අධිකරණ ඉතිහාසයේ සහ රිය අනතුරු ඉතිහාසයේ කළු පැල්ලමේ කතාව..!


    බොරැල්ල රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතාට මරණාසන්න අනතුරු සිදුකරමින් බීමත්ව රිය පැදවූ රනිශ්ක බණ්ඩාර අලුත්ගමගේ නම් හිටපු ඇමැති මහින්දානන්දගේ පුත්‍රයා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ ‌ ‌පොලිස් අධිකාරීවරයාගේ පුත් විසිත ශ්‍රී විජේසේකර බේරා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට බලපෑම් කළ ජනාධිපති සිරිසේනගේ සහ අනෙකුත් අයගේ නීච ක්‍රියා කලාපය හෙළි වී තිබේ.

    පිරිස පොලිසියට බාර වූ 25 දා පොලිස්පතිවරයා ලෙස වැඩ බැලූ ජ්‍යෙ.නි.පොලිස්පති වික්‍රමරත්න මහතාට නොදන්වා ජනාධිපති සිරිසේන ඍජුවම දුරකථනයෙන් අමතා ඇත්තේ පොලිසියේ රථවාහන අංශය බාර නි.පොලිස්පති කුප්‍රකට නීතිඥ අජිත් රෝහණට ය.

    “කෙසේ හෝ මගේ කොල්ලො දෙන්නා බේරලා ඔවුන්ව මා හමුවට එවිය යුතු” යැයි ජනාධිපති සිරිසේන අජිත් රෝහණට දැනුම් දී ඇත. ඒ අනුව අජිත් රෝහණ පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට ගොස් ඇත්තේ වැඩ බැලූ පොලිස්පතිවරයාටත් නොදන්වා ය. වැඩ බැලූ පොලිස්පති වික්‍රමරත්න මහතා අජිත් රෝහණ අධිකරණයට ගොස් තිබෙන බව දැනගෙන තිබෙන්නේ ඒ පිලිබඳ රූපවාහිනී පුවත් විකාශයේ දී ය.

    අධිකරණයක දොරගුළු ලා ඇසිය හැකි නඩු වර්ග 2 යි
    මේ අන්දමටම ජනාධිපතිවරයා මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරට ද බලපෑම් කර තිබේ. ඉසුරු නෙත්තිකුමාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා යුක්තියේ දෙවඟන වෛශ්‍යාවකගේ තත්ත්වයට ඇද හෙළා අධිකරණයේ දොරගුළු වසා නඩුව ඇසුවේ ය.

    ලංකාවේ වලංගු අධිකරණ සංවිධාන පණත අනුව අධිකරණයක දොරගුළු වසා නඩු ඇසිය හැක්කේ අවස්ථා දෙකක දී පමණි. එකක් නම් පවුල් ආරවුල් ය. දෙවැන්න නම් ළමා අපචාරයක දී වින්දිත ළමයාගේ ආරක්ෂාව සඳහා ය. මේ අවස්ථා දෙකේදී හැර අධිකරණය වසා නඩු විභාග කළ නොහැකි ය. එසේ නම් මහේස්ත්‍රාත්වරයා අධිකරණය වසා නඩු ඇසුවේ කුමටද? පැහැදිලිවම නීතිය අවනීතිය කිරීමට ය. ඉසුරු නෙත්තිකුමාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යුක්තිප්‍රේමී ජනතාව බලා සිටිති.

    අධිකරණයේ දී අජිත් රෝහණගේ නීච හැසිරීම
    මෙහිදී වින්දිත පොලිස් නිලධාරියා පොලිස් පරීක්ෂක ආනන්ද සාගර මහතා කොළඹ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරද්දී නි.පොලිස්පති අජිත් රෝහණ මහින්දානන්දගේ පුතා සහ පොලිස් අධිකාරීගේ පුතා බේරා ගැනීම සඳහා ආනන්ද සාගරව පාවා දුන් ආකාරයද මේ වන විට හෙළිදරව් වී තිබේ.

    අජිත් රෝහණ අධිකරණයට දැනුම් දී ඇත්තේ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර අනතුර සිදුවන අවස්ථාවේ දී රාජකාරි ගමනක යෙදී නොසිටි බවයි. එමෙන්ම පොලිස් පරීක්ෂක ආනන්ද සාගර බීමත්ව සිටියාදැයි වෛද්‍ය වාර්තා එනතුරු පැවසිය නොහැකි යයිද අධිකරණයට දැනුම් දී ඇත. ඉන් ඔහු නොකියා කියා ඇත්තේ මහින්දානන්දගේ පුතා නොව පොලිස්පරීක්ෂක වරයා බීමතින් හිඳ ඇති බව ය. අනෙක් අතට අඩුම ගණනේ පොලිස් මෝටර් සයිකලය රාජ්‍ය දේපොලක් වන අතර ඊට අලාභ හානි සිදුකිරීම රාජ්‍ය දේපොලකට හානි කිරීමක් වන නමුත් එවැන්නක් හෝ අජිත් රෝහණ අධිකරණයට ඉදිරිපත් කර නැත. අනතුරට ලක්වූ තම සහෝදර පොලිස් නිලධාරියාට සිහි එනතුරු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි අජිත් රෝහණ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ද නැත. අනතුරට ලක් ව දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන ආනන්ද සාගරගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාවක් සලසා දී තිබුනේ ද නැත.

    මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට බීමතින් රිය පදවා පොලිසියේ ට්‍රැෆික් ඔ්අයිසී වරයෙකුට මරණාසන්න අනතුරක් සිදුකර වැටී සිටින ඔහු වෙත ගොස් බලා යළි රථයේ නැගී නොනවත්වා පලා ගිය මහින්දානන්දගේ පුත්‍රයා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීගේ පුත්‍රයා ඇතුළු පිරිස (ඔවුන් රියැදුරා ලෙස ඉදිරිපත් කළ අය හැර) ඇප මත නිදහස් කර යැවීමට විනිසුරා කටයුතු කෙළේය.

    පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය කුමටද?
    මේ නීච සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ පහළ ශ්‍රේණි වල නිලධාරීහු දැඩි කම්පාවටත් කළකිරීමටත් පත්ව සිටිති. මෙවැනි දීන අකටයුතුකම් වලදීත් නිහඬව සිටීමට නම් පොලිස් පරීක්ෂක වරුන්ගේ සංගමය නමින් සංගමයක් තිබෙන්නේ කුමකටදැයි ඔව්හු ප්‍රශ්න කරති.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,333
    6,081
    113
    "ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීගේ පුත්‍රයා"
    mu athule ban March 11 wenakan.anith 8 dena sharira apa matha nidahas une