ඕට්ස් තියෙනවා ෆුඩ් සිටි වගේ ඒවායේ..හැබැයි කිසිම රැසක් නම් නෑ... ඒත් මල්ලි මහත් වේගන එනවා කියල ඕට්ස් වගේ පිට රට කෑම වලට හුරු වෙන්න එපා...ඔයා කරන්න ඕනි කන ප්‍රමාණේ අඩු කරන එකයි......රෑට ගෙදර උයන දේවල් වලින්ම පොඩ්ඩක් බෙදාගෙන කන්න....අම්මට කියල එහෙම බත් බෙදවගෙන කන්න නම් එපා....අම්මල ආදරේ වැඩි නිසා මහා ගොඩක් බෙදල දෙනවා......
විශේෂම දේ තමයි
බත් අඩු කරලා මාළුව ජාති වැඩිපුර කන්න.....මේක තුන් වේලටම කරන්න.....අනික තමයි පුළුවන් නම් රෑ කෑම ටිකක් අඩු කරන්න....
මං මේ අත්දැකීමෙන් කියන්නේ.....මං රෑ කෑම අඩු කරලා මාස 6 කින් කිලෝ 5ක් වගේ අඩු කර ගත්ත.......කල් ගියාට මේක සාර්ථකයි....හැබැයි මං රෑට කෑවේ ක්‍රීම් ක්‍රැකර් 5 - 6 ක් වගේ විතරයි....සමහර දවස් වලට කඩල ටිකක් කනවා....බත් කන වෙලාවලුත් තියෙනවා....මේ විදියට කරලා බලන්න.......අනික තමයි හැමදාම වගේ බර කිරල බලන්න ඔයාගේ....එතකොට බර අඩු කර ගන්න ඕනි කියන එක යටි හිතට කා වදිනවා....එතකොට අපි කෑම ගන්න ප්‍රමානේ වැඩි උනොත් එක යටි හිතෙන දෙනුම් දෙනවා.....