ඕට්ස් රෙසිපි 5ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕට්ස් රෙසිපි 5ක්

    ඕට්ස් කියන නම ඇහුනම හුඟ දෙනෙක් හිතන්නෙ ඕට්ස් කියන්නෙ ඇඟේ බර අඩු කරගන්න හිතන අයට විතරක් කන්න හොඳ මෙලෝ රහක් නැති කෑමක් කියල. ඒත් බොහෝ දෙනෙක් නොදන්න ගුණාංගයන් බොහෝමයක් මේ ඕට්ස් සතුයි. ඕට්ස් ආහාරයට එක් කරගැනීමෙන් ඔබේ රුධිරගත LDL එහෙමත් නැත්නම් අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරනව. අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු වෙන එකේ වාසිය ඔබේ හදවතටයි කියන අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑනෙ. ඕට්ස් වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ තන්තුමය ගුණය අධි රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයන් පාලනයටද උදව් වෙනව කියලයි අළුතෙන්ම හොයාගෙන තියෙන්නෙ.

    ඕට්ස් බොහෝ දෙනෙක් කෑමට එක් කරගන්න නොහිතන්නෙ මේක රසට හදාගන්න දන්නෙ නැති හින්දා. ඉතින් අනිවා අපි හිතුව මේ තරම්ම ගුණදායක, හදවත රකින ඕට්ස් එපා නොවී රසට කන්න රෙසිපි ටිකක් ඔයාලට කියල දෙන්න. සරල උදෑසන ආහාර වේලකට රසවත්ව ඕට්ස් හදාගන්න හැටියි මේ. :yes::yes::yes::yes::yes::yes::yes::yes:



    1. මසාලා රසට ඕට්ස් :cool::cool::cool:


    Quick-Oats-Breakfast-Recipes-aniwa-01.jpg

    Source – healthyvegrecipes.com
    උදෑසන ආහාරය පැණි රසට කන්න අකමැති ඔබට මේ රෙසිපි එකට මසාලා රසට ඕට්ස් හදාගන්න පුළුවන්.



    අවශ්‍ය ද්‍රව්‍ය
    ඕට්ස් කප් 3/4
    ලෝ ෆැට් කිරි කප් 1 1/2
    ගරම් මසාලා තේ හැඳි 1/2
    මී පැණි මේස හැඳි 2ක් හෝ රස අනුව
    ලුණු තේ හැඳි 1/4
    ලුණු,ගරම් මසාලා සහ කිරි භාජනයකට දමා ලිප තබා උතුරන තුරු නොනවත්වා හැඳි ගාන්න.
    එයට ඕට්ස් සහ මී පැණි එක් කර ඕට්ස් පිසෙන තුරු හැඳි ගාමින් ලිපේ තබා උණුවෙන්ම පිළිගන්වන්න. රස අනුව මී පැණි එක් කරගන්න.


    2. කෙසෙල්, නට්ස් සහ ඕට්ස් :yes::yes::yes::yes::yes:


    Quick-Oats-Breakfast-Recipes-aniwa-02.jpg





    Source – thisrunnersrecipes.com
    මේ සඳහා ඔබට කැමති නට්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ආමන්ඩ්, වෝල්නට්, කජු හෝ රට කජු වැනි ඕනෙම දෙයක් කැමැත්ත පරිදි තෝරගන්න.



    අවශ්‍ය ද්‍රව්‍ය
    ඕට්ස් කප් 1/2
    පෙති කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩි 1
    කුරුඳු කුඩු තේ හැඳි 1/4
    වතුර හෝ ලෝ ෆැට් කිරි කප් 1
    අවශ්‍ය නම් මී පැණි
    කැමති නට් වර්ගයක්
    වතුර (හෝ කිරි) සහ ඕට්ස් එක් කර ලිප තබා අඩු ගින්දරේ ඕට්ස් පිසෙන තුරු හැඳි ගාගන්න.
    ලිපෙන් ඉවත් කර කැමති නට් වර්ගයක්, කුරුඳු කුඩු, මී පැණි සහ කෙසෙල් එක් කර පිලිගන්වන්න.


    3. ඕට්ස් කුකීස් :D:D:D:D

    Quick-Oats-Breakfast-Recipes-aniwa-03.jpg



    Source – taste.com.au
    ඕට්ස් වලින් හවසකට කන්න හරි උදේකට කන්න හරි රසට කුකීස් හදාගන්නත් පුළුවන්.



    අවශ්‍ය ද්‍රව්‍ය
    ඕට්ස් කප් 2
    පාන් පිටි කප් 3/4
    බේකින් සෝඩා තේ හැඳි 1/2 (ආප්ප සෝඩා)
    කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් මේස හැඳි 2
    දුඹුරු සීනි කප් 3/4
    බිත්තර 1
    ගෝල්ඩන් සිරප් කප් 1/2
    ලුණු තේ හැඳි 1/4
    වියලි මිදි කප් 3/4
    වැනිලා තේ හැඳි 1
    වතුර කප් 1/4
    බඳුනක් ගෙන පිටි, බේකින් සෝඩා සහ ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    වෙනම බඳුනක බටර්, සීනි, වැනිලා සහ බිත්තර එකට දමා මිශ්‍ර කරගන්න. එයට ගෝල්ඩන් සිරප් සහ වතුර එක් කර මිශ්‍ර කරගෙන එයට පිටි මිශ්‍රණය සහ ඕට්ස් සමඟ වියලි මිදි එක් කර හොඳින් කලවම් කරගන්න.
    මෙය ශීතකරණයේ අවම වශයෙන් විනාඩි 15ක් හෝ සම්පූර්ණ රැයක් තබා ගන්න.
    බටර් තවරා ගත් ඔයිල් පේපර් දමා ගත් තැටියක තරමක් පරතරය හිටින ලෙස ස්කූප් එකකින් හෝ හැන්දකින් කුකී මිශ්‍රණය තැනින් තැන තබා ගන්න.
    සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 15ත් 18ත් අතර කාලයක් බේක් කරගන්න.


    4. අන්නසි සහ ස්ට්‍රෝබෙරි සමඟ ඕට්ස් :lol::lol::lol::lol::lol:

    Source – napchallenge.org
    නැවුම් පළතුරු එක්ක ඕට්ස් කන එක ගුණ වගේම රසවත් උදෑසන ආහාරයක්. තවත් රසවත් කරගන්න කැමති නම් වතුර වෙනුවට කිරි පාවිච්චි කරන්නත් පුළුවන්.



    අවශ්‍ය ද්‍රව්‍ය
    ඕට්ස් කප් 1
    වතුර කප් 1 3/4
    කුඩාවට කපාගත් අන්නාසි කප් 1/4
    කුඩාවට කපාගත් ස්ට්‍රෝබෙරි කප් 1/4
    මී පැණි මේස හැන්දක්
    වතුර උතුරන්නට තබා එයට ඕට්ස් එක් කර අඩු ගින්දරේ ඕට්ස් ටික පිසගන්න.
    ලිපෙන් ඉවත් කර පළතුරු එක් කර උඩින් මී පැණි දමා පිළිගන්වන්න.


    5. ඕට්ස් බිත්තර උප්මා :eek::eek::eek::eek:

    Source – indianhealthyrecipes.com
    කටට සැරට දැනෙන්න කන්න කැමති අයට මේක ඕට්ස් වලින් හදාගන්න පුළුවන් ඉන්දියන් රෙසිපි එකක්.



    අවශ්‍ය ද්‍රව්‍ය
    ඕට්ස් කප් 1
    බිත්තර 1
    තලාගත් ඉඟුරු, සුදු ළූණු තේ හැන්දයි
    සූදුරු තේ හැඳි 1/2
    චොප් කරගත් ළූණු සහ කැරට්, ග්‍රීන් පීස්, ස්වීට් කෝන් කප් 1/2
    චොප් කරගත් අමු මිරිස්
    මිරිස් කුඩු තේ හැඳි 1/4
    ලුණු රස අනුව
    දෙහි යුශ තේ හන්දක්
    චොප් කරගත් කොත්තමල්ලි කොල මේස හැන්දක්


    තෙල් ස්වල්පයක් ලිප තබා එය රත් වන විට එයට සූදුරු, ඉඟුරු, සුදු ළූණු, අමු මිරිස් සහ එළවලු කප් 1/2 එක් කර තෙම්පරාදු කරගන්න. එයටම මිරිස් ටිකත් එක් කරගන්න.
    එළවළු තැම්බීගෙන එන විට එයට සෝදා දිය බේරාගත් ඕට්ස් එක් කර රස අනුව ලුණු කහ පින්ච් එකක් දමා මිශ්‍ර කරගන්න.
    යන්තම් වතුර මේස හැඳි 3ක් 4ක් උඩින් ඉස පියනකින් වසා මද ගින්දරේ පිසෙන්න හරින්න.
    වතුර ගතිය හිඳුනු පසු ඕට්ස් එකට බිත්තරය එක් කර වැඩි ගින්දරේ ඉක්මණින් කලවම් කරමින් බිත්තර ස්ක්‍රැම්බල් කරගන්න.
    අවසානයට කොත්තමල්ලි කොල සහ දෙහි යුශ එක් කර මිශ්‍ර කර ලිප නිවා ගන්න.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේපාරත් බඩේ අමාරුව හැදෙයි වගේ මුගේ රෙසපි වලට කෑම හදන් කාලා එදා නම් දවස් 2ක් නන්ස්ටොප් අමුඩේ ඇදන් හිටියේ:no::eek::baffled::baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    යකෝ ලංකාවේ තරම් ඕට්ස් යුරෝපේ වත් කන්නේ නැතුව ඇති.බැලුවොත් ඕට්ස් ත්‍රෙඩ්.මයියොක්කා,අල,බතල දැන් සිංහලු කන්නේ නැහැ වගේ.:(
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    oya labbawal udeta karanna ba yako :lol:
    saspanata milk tikakui okai halagena harakek wage kanawa :baffled:

    Ai bro, flavoured ewwa nadda ohe. mannan mango hari vanilla flavoured ekata skim milk daala rath karala 2mins wage, blueberry and strawberry or avacado daala kanawa. kisi awulak naha:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඕට්ස් කන හැම පාරකටම මුද්දරප්පලමක් හැපෙන විදිහට කාපන්, එතකොට අවුල් ගතිය යනවා.

    Loku ganan deela aran ochchara amaruwen kanna tharam watinawada bn owa :lol::lol::lol: