ඕනෑ වේලාවක ඕනෑ තරම් නිවාඩු ගන්න-රිචඩ් බ්‍&#351

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    51i-ZidTJ7L._SL500_AA300_.jpg
    img-thing

    ධනපතියන් භංගවේවා නොකියා ධනපතියන්ට සේවා සපයා ඩොලර් බිලියන පහක වත්කමක් උපයන්නට සමත් වූ රිචඩ් බ්‍රැන්සන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. වර්ජින් ගෲප් නමින් හැඳින්වෙන්නේ නොයෙක් ක්ෂේත්‍රයන්ට විහිද ගිය ඔහුගේ ව්‍යාපාරික උත්සාහයන් එකතුවෙන් හැදෙන කොම්පැණියයි.
    බ්‍රැන්සන්ගේ අලුත්ම අත්හදා බැලීම තමන්ගේ ආයතන වල සේවකයන්ට ඕනෑම වේලාවක ඕනෑ තරම් නිවාඩු ගැනීමට ඉඩදීමයි. නිවාඩු ගන්නවාද නැද්ද යන්න සේවකයාට තීරණය කරන්න ඉඩ දුන්නාම දවසේ පැය කිහිපයක් නිවාඩු ගන්නවා ද, සතියක් නැත්නම් මාසයක් නිවාඩු යනවා ද යන්නත් එයාටම තීරණය කරන බලය පැවරීමට අදහස් කරන බව ඔහු කියා සිටී.

    කොම්පැණියකට අගයක් එකතු කරන්නේ කෙසේදැයි තෝරාගැනීම ශ්‍රමිකයා අතට පවරද්දී ඒ ශ්‍රමිකයා රස්සාවේ ආරක්ෂාව (ජොබ් සෙකියුරිටි) සැලසෙන්නේ තම කාර්ය සදාචාරය නිසා යැයි අවබෝධයෙන් සිටිය යුතුය. සේවා යෝජකයා සහ සේවා දායකයා අතර මැද්දට පැන නීති දාන ආණ්ඩු සහ යුනියන් සංගම් බලයෙන් ජොබ් සෙකියුරිටි ලැබෙනවා සිතන අය කාර්ය සදාචාරය කුමක්දැයි නොදනිති.

    ඇමෙරිකන් සමාගමක් වන නෙට්ෆ්ලික්ස් එවැනි නිවාඩු ප්‍රතිපත්තියක් ගෙන යන බව තම දියණිය කියද්දී ඔවුන් මෑත කාලයක ලද ප්‍රගතිය අසා තමන් ද එය අත්හදා බලන්නට යන බව බ්‍රැන්සන් දන්වයි.

    නෙට්ෆ්ලික්ස් පමණක් නොව දැන් කාලයක පටන් ඇමේසන් වැනි බොහෝ ඇමෙරිකන් සමාගම් ඔවුන්ගේ පරිගණක අංශයේ සේවය කරන අයට ගෙදර හෝ තමන් කැමති ස්ථානයක සිට වැඩ කිරීමට ඉඩ දී තිබුණි. වැඩ කරන කාල සටහන් ඉල්ලා නොසිටියහ. ටයි පටි පැළඳ ගෙන මහමඟට කාලය වැය කර වැඩපොළකට යාම වෙනුවට ගෙදර ඇඳුමින් සැරසී තමන්ගේ නිවසේ සිට වැඩ කරන අය වැඩියෙන් කාර්යක්ෂම වන ආකාරය ඔවුන් අත්දැක තිබුණි.

    තම සේවා ස්ථානයට තමන් දෙන දායකත්වය කොතරම් අනගිත්වයකින් යුතු වේ දැයි විදහා පාන්නට අවස්ථාවක් ලැබෙන්නේ ශ්‍රමිකයාට රස්සාවට වෙහෙසෙද්දී මුහුණ දෙන්නට සිද්ධ වන වෙනත් බාධක අඩු වී යද්දී.

    එසේම වැඩියෙන් දායකත්වයක් දෙන සේවකයන් කවුදැයි තෝරාගන්නට ද ලැබෙන්නේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවයට සරිලන වේතන, බෝනස්, දිරි දීමනා සහ නිවාඩු තීරණයට සේවා යෝජකයන්ට පහසුවෙන් හැකිවෙද්දී.

    සේවා යෝජකයා සහ සේවා දායකයා තම තමන් මුහුණ පාන ඍජු සිද්ධීන් හමුවේ එකිනෙකා සමඟ අත්හදා බැලීම් වලින් යා යුතු ගමන් මාර්ගය තෝරා ගනිද්දී දෙකොට්ඨාශයේම අරමුණු සාර්ථක වෙති. අහක ඉන්න අය ඔවුන්ට නීති හදද්දී දෙකොට්ඨාශයම අසාර්ථක වෙති.

    මේ දිනවල වෙනෙසියුලාවේ Sidor යකඩ කම්හලේ සේවකයන් සති ගණනක සිට සිද්ධ වෙන උද්ඝෝෂණයක නියැළෙති. ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වී ඇත්තේ පුද්ගලික අයිතියකින් යුතු ලාබ සොයන කොම්පැණියක් නොවේ.

    වෙනෙසියුලාවේ සමාජවාදී ආණ්ඩුව හියුගෝ චාවේස් පාලනයේ සිටි 2008 වසරේ දී සිඩෝර් යකඩ කම්හල ජනසතු කරන ලදි. ඒ ‘රුදුරු ධනේශ්වරයෙන්’ (savage capitalism) වැඩ කරන පංතිය බේරාගනු පිණිසය.

    චැවේස් ගෙන් පසුව පාලනය පවරනු ලැබූ මදුරෝ අද ආර්ථික අර්බූදයක් මැද සිටියි. ඔහුට එරෙහි වූවන් දැන් වැඩියෙන් ඉන්නේ ඉස්සර පුද්ගලික වූ සිය ගණනින් ජනසතු කරන ලද කොම්පැණිවල යුනියන් සංගම් තුලයි. ජනසතුකරණයෙන් පසුව කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය අඩු වී ගිහින් ඒ නිසා වේතන ද අඩු වී යාමක් වෙනෙසියුලාව පුරා පොහොර කම්හල් සිට කිරි ඇසුරුම් කම්හල් සිට විරවුම්හල් දක්වා පැතිර ඇත.

    1999 සිට 2013 දක්වා චැවේස් රට පාලනයේ සිටියේය. වසර 15 ක් තිස්සේ රට ආර්ථික අගාධයක් කරා ඇදගෙන යන ප්‍රතිපත්ති වලට තවමත් සහාය දෙන මදුරෝ එහෙත් අවලාද කියන්නේ නිදහස් වෙළඳපොල ධනවාදයටයි. ප්‍රශංසා කරන්නේ රාජ්‍ය මැදිහත්වීමයි.

    සිඩොර් කම්හලේ අධ්‍යක්ෂක මණ්ඩලයට රජයෙන් පත්කරපු හෝසෙ ක්ලෙමෙන්ටෙ ටාටා තවමත් අගයන්නේ චැවේස්ගේ විප්ලවයයි. “රැකියාව දිගටම තිබේවි යැයි ආරක්ෂාවක් නොදැනෙද්දී ශ්‍රමිකයන් පීඩිත පංතියක්ව සිටියා. දැන් රජය ඔවුන්ට වගකීමෙන් සලකනවා,” යැයි ඔහු කියයි. විරැකියා තත්වයක් නැතැයි ටාටා පාරට්ටු බායි. ඒත් 2007 දී සිඩොර් යකඩ කම්හල, ද්‍රව්‍ය යකඩ ටොන් මිලියන 4.3 ක ප්‍රමාණයක් නිෂ්පාදනයට සමත් වුවත් මේ වසරේ දී එයින් කාලක්වත් හදාගන්නට අසමත් වේ යැයි අනුමාන වේ.

    වෙනෙසියුලාවේ ජනාධිපති මදුරෝ ඉකුත් දවසක යුනියන් සංගම් නායකයෙකුව සිටියෙකි. එහෙත් ඔහු දැන් වැඩ වර්ජනයේ යෙදෙන යුනියන් සේවකයන් වංචාවේ යෙදෙන අය හැටියට සලකයි. ඔවුන්ගේ කිසිදු නීති විරෝධී ක්‍රියාවන් ගැන සාක්ෂි පෙන්වන්නේ නොමැතිව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයේ ඉන්නා යුනියන් සේවකයන් යැයි ලේබල් අලවයි.

    1999 දී හියුගෝ චැවේස් බලය අල්ලා ගනිද්දී සමාජවාදී ක්‍රමයෙන් සේවකයන් සමෘද්ධිමත් වෙනවා යැයි පොරොන්දුවක් දුන්නේය.

    සමාජවාදීන් පොරොන්දු දෙන්නට සමත්හ. ඒ පොරොන්දු විශ්වාස කරන අයගේ ප්‍රසාදයෙන් බලයට පත්වෙති. මිනිස් ස්වභාවයට පටහැනි සේ කටයුතු සංවිධානය කරති. කාර්යක්ෂමතාවයක් සහ ඵලදායීත්වයක් ලබන්නට අසමත් ප්‍රතිපත්ති වලින් අවසානයේ දී අනුන්ගේ වෙහෙසත්, අනුන්ගේ ධනයත් සහ රටේ සම්පත් සියල්ලත් කාබාසීනියා කර දමති.

    බුෂ් පුතා සහ දැන් ඔබාමාත් මැද පෙරදිග යුද්ධ වල නිරත නිසා වෙනෙසියුලාවට ඇමෙරිකන් හතුරන් හෝ බටහිර කුමන්ත්‍රණකරුවන් පිට වරද පටවත නොහැකියි.

    අවසානයේ දී සමාජවාදී ආණ්ඩුවක් සිය සමාජවාදී ජනතාවගේ සහාය නොලැබෙන විට දෝෂාරෝපණය එල්ල කරන්නේ ඒ සමාජවාදී ජනතාවටමය.

    තමන්ම ගෙන්වා ගත් අසාර්ථක ප්‍රතිපත්ති දරා ගන්නට බැරි තරම් කටුක වෙද්දී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි සමාජවාදියෙකුට එහෙනම් ඉතින් ආණ්ඩුවට බැරි ද ජනතාව විසුරුවා හැර වෙන ජනතාවක් පත් කරගන්න, යැයි අහන්නට සිතේ.

    ඒත් කොතරම් අසාර්ථක ප්‍රතිඵල හමුවේ වුවු ද තමන්ගේ ක්‍රමය වැඩ නොකරන ක්‍රමය යැයි සමාජවාදියා කිසිදා පිළිනොගනියි.
    අරුණි ශපීරෝ‍
    randora.lk
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඒත් කොතරම් අසාර්ථක ප්‍රතිඵල හමුවේ වුවු ද තමන්ගේ ක්‍රමය වැඩ නොකරන ක්‍රමය යැයි සමාජවාදියා කිසිදා පිළිනොගනියි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    china walatath ohoma lipiyak liyanna kiyannako aruni akkata :lol: patangena thiyenne ekakin iwara karala thiuyenne thawa ekakin. bahubutha
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    good thread :D
    lankaawe ayata mehema ona tharam niwadu dunnoth ithin hema daama gedara thamai :rofl::rofl:
    TFS
    REp +
    maath wada kala ban ehema ekaka anthimata mawa un elowwa
    ඒත් කොතරම් අසාර්ථක ප්‍රතිඵල හමුවේ වුවු ද තමන්ගේ ක්‍රමය වැඩ නොකරන ක්‍රමය යැයි සමාජවාදියා කිසිදා පිළිනොගනියි.
    :yes:
    thanx
    china walatath ohoma lipiyak liyanna kiyannako aruni akkata :lol: patangena thiyenne ekakin iwara karala thiuyenne thawa ekakin. bahubutha
    chia wala samajawadayak athi karapu dawasata liyai:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    51i-ZidTJ7L._SL500_AA300_.jpg
    img-thing

    ධනපතියන් භංගවේවා නොකියා ධනපතියන්ට සේවා සපයා ඩොලර් බිලියන පහක වත්කමක් උපයන්නට සමත් වූ රිචඩ් බ්‍රැන්සන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. වර්ජින් ගෲප් නමින් හැඳින්වෙන්නේ නොයෙක් ක්ෂේත්‍රයන්ට විහිද ගිය ඔහුගේ ව්‍යාපාරික උත්සාහයන් එකතුවෙන් හැදෙන කොම්පැණියයි.
    බ්‍රැන්සන්ගේ අලුත්ම අත්හදා බැලීම තමන්ගේ ආයතන වල සේවකයන්ට ඕනෑම වේලාවක ඕනෑ තරම් නිවාඩු ගැනීමට ඉඩදීමයි. නිවාඩු ගන්නවාද නැද්ද යන්න සේවකයාට තීරණය කරන්න ඉඩ දුන්නාම දවසේ පැය කිහිපයක් නිවාඩු ගන්නවා ද, සතියක් නැත්නම් මාසයක් නිවාඩු යනවා ද යන්නත් එයාටම තීරණය කරන බලය පැවරීමට අදහස් කරන බව ඔහු කියා සිටී.

    නීතියක් හා නිසි ක්‍රියාපටිපාටියක් නැති තැනක් සාර්ථකකරගන්න බැරි බව සියලු දෙනා දන්වා ඇත. ආසියාව තුල නම් කොහෙත්ම ඔය විදේයේ දෙයක් ක්‍රියාත්මක කල නොහැක. දේශපාලනය උදාහරණ ලෙස ගතකල මිනිසුන් පෙල්බවිමකින් තෝරාබ රැකියාවට සදරනයක් ඉටු කරයි කියලා සිතිය නොහැක.

    කොම්පැණියකට අගයක් එකතු කරන්නේ කෙසේදැයි තෝරාගැනීම ශ්‍රමිකයා අතට පවරද්දී ඒ ශ්‍රමිකයා රස්සාවේ ආරක්ෂාව (ජොබ් සෙකියුරිටි) සැලසෙන්නේ තම කාර්ය සදාචාරය නිසා යැයි අවබෝධයෙන් සිටිය යුතුය. සේවා යෝජකයා සහ සේවා දායකයා අතර මැද්දට පැන නීති දාන ආණ්ඩු සහ යුනියන් සංගම් බලයෙන් ජොබ් සෙකියුරිටි ලැබෙනවා සිතන අය කාර්ය සදාචාරය කුමක්දැයි නොදනිති.
    ඇමෙරිකන් සමාගමක් වන නෙට්ෆ්ලික්ස් එවැනි නිවාඩු ප්‍රතිපත්තියක් ගෙන යන බව තම දියණිය කියද්දී ඔවුන් මෑත කාලයක ලද ප්‍රගතිය අසා තමන් ද එය අත්හදා බලන්නට යන බව බ්‍රැන්සන් දන්වයි.
    නෙට්ෆ්ලික්ස් පමණක් නොව දැන් කාලයක පටන් ඇමේසන් වැනි බොහෝ ඇමෙරිකන් සමාගම් ඔවුන්ගේ පරිගණක අංශයේ සේවය කරන අයට ගෙදර හෝ තමන් කැමති ස්ථානයක සිට වැඩ කිරීමට ඉඩ දී තිබුණි. වැඩ කරන කාල සටහන් ඉල්ලා නොසිටියහ. ටයි පටි පැළඳ ගෙන මහමඟට කාලය වැය කර වැඩපොළකට යාම වෙනුවට ගෙදර ඇඳුමින් සැරසී තමන්ගේ නිවසේ සිට වැඩ කරන අය වැඩියෙන් කාර්යක්ෂම වන ආකාරය ඔවුන් අත්දැක තිබුණි.

    පරිගණක අංශයට පමණක් සිමාවෙයි. කම්කරුවෙකුට ගෙදර සිට වැඩ කිරීමට බැරිය.

    තම සේවා ස්ථානයට තමන් දෙන දායකත්වය කොතරම් අනගිත්වයකින් යුතු වේ දැයි විදහා පාන්නට අවස්ථාවක් ලැබෙන්නේ ශ්‍රමිකයාට රස්සාවට වෙහෙසෙද්දී මුහුණ දෙන්නට සිද්ධ වන වෙනත් බාධක අඩු වී යද්දී.
    එසේම වැඩියෙන් දායකත්වයක් දෙන සේවකයන් කවුදැයි තෝරාගන්නට ද ලැබෙන්නේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවයට සරිලන වේතන, බෝනස්, දිරි දීමනා සහ නිවාඩු තීරණයට සේවා යෝජකයන්ට පහසුවෙන් හැකිවෙද්දී.

    ලෝකේ 80% කට ශමයට හරියන වැටුපක් ලැබෙන්නේ නැහැ. අඩුම තරමේ මුලික අවශ්‍යතා සපුරා ගන්නවත්. කිසිම සේවා යෝජ්කයෙක් වැඩිපුර වැඩ කරනවා කියලා වැඩිපුර පඩි දෙන්නේ නැහැ. එහෙම ගෙවනවා නම් මේ ලෝකේ සුරලොවක් වෙනවා. මේක ලියපු කෙනා හිතෙන මවගෙන ලියන ඒවා.

    සේවා යෝජකයා සහ සේවා දායකයා තම තමන් මුහුණ පාන ඍජු සිද්ධීන් හමුවේ එකිනෙකා සමඟ අත්හදා බැලීම් වලින් යා යුතු ගමන් මාර්ගය තෝරා ගනිද්දී දෙකොට්ඨාශයේම අරමුණු සාර්ථක වෙති. අහක ඉන්න අය ඔවුන්ට නීති හදද්දී දෙකොට්ඨාශයම අසාර්ථක වෙති.

    . ඉතිහාසයේ සේවකයාට ලැබුන කිසි දෙයක් බන්දේසියක තියකා සාකච්චා කරලා දුන්නේ නැහැ. පැය8 වැඩ කරන මිනිස්සු කීදෙනෙක් ජිවිත නැති කරගත්තද?? එකිනෙක එකතුවෙලා අත්හදා බැලීම් කරන්නවඩා ඒවාට විශේෂීකරණය උන කණ්ඩායමක් පත් කරන එක හොදයි. නැත්තම් අච්චාරුවක් වෙනවා. අහක ඉන්න අය මොලේ විකාරෙන් මේ දිහා බලලා සිත කාමර වල ඉදන් ලිපි ලියලා වැඩක් තියනවද.

    මේ දිනවල වෙනෙසියුලාවේ Sidor යකඩ කම්හලේ සේවකයන් සති ගණනක සිට සිද්ධ වෙන උද්ඝෝෂණයක නියැළෙති. ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වී ඇත්තේ පුද්ගලික අයිතියකින් යුතු ලාබ සොයන කොම්පැණියක් නොවේ.
    වෙනෙසියුලාවේ සමාජවාදී ආණ්ඩුව හියුගෝ චාවේස් පාලනයේ සිටි 2008 වසරේ දී සිඩෝර් යකඩ කම්හල ජනසතු කරන ලදි. ඒ ‘රුදුරු ධනේශ්වරයෙන්’ (savage capitalism) වැඩ කරන පංතිය බේරාගනු පිණිසය.
    චැවේස් ගෙන් පසුව පාලනය පවරනු ලැබූ මදුරෝ අද ආර්ථික අර්බූදයක් මැද සිටියි. ඔහුට එරෙහි වූවන් දැන් වැඩියෙන් ඉන්නේ ඉස්සර පුද්ගලික වූ සිය ගණනින් ජනසතු කරන ලද කොම්පැණිවල යුනියන් සංගම් තුලයි. ජනසතුකරණයෙන් පසුව කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය අඩු වී ගිහින් ඒ නිසා වේතන ද අඩු වී යාමක් වෙනෙසියුලාව පුරා පොහොර කම්හල් සිට කිරි ඇසුරුම් කම්හල් සිට විරවුම්හල් දක්වා පැතිර ඇත.
    1999 සිට 2013 දක්වා චැවේස් රට පාලනයේ සිටියේය. වසර 15 ක් තිස්සේ රට ආර්ථික අගාධයක් කරා ඇදගෙන යන ප්‍රතිපත්ති වලට තවමත් සහාය දෙන මදුරෝ එහෙත් අවලාද කියන්නේ නිදහස් වෙළඳපොල ධනවාදයටයි. ප්‍රශංසා කරන්නේ රාජ්‍ය මැදිහත්වීමයි.

    චාවේස් කලේ තෙල් සම්පත් ජනසතු කල එක. චවෙස් එන්නේ කලින් 74% පිරිසකට කන්න බොන්න වත් තිබුනේ නැහැ. එත් දැන් රටේ සියලු දෙනාටම රැකියා තියනවා. ඇමරිකානු සන්කයා දත්තවල හැටියට වෙනිසියුලාව ආර්ථිකය කඩන වැටුනත්. රටේ සියලුම දෙනාට රැකියාවල් තිබෙනවා. පාරම් බාන ඇමරිකාවේ ඔයිට වඩා තත්වය දරුණුයි. රටක ආර්ථික ප්‍රතිපත්තිය කියන්න සුළුතරයක් සැප විදින එක කියලද කියන්නේ. එහෙනම් කන්කවෙත් ආර්ථික ප්‍රතිපත්තිය පට්ට නේ. සම්බාදක තියන රටක ඔහොම ආර්ථිකයක් තියාගෙන යනවා කියන්නේ මොකද්ද? හාස්කමක් වගේ

    සිඩොර් කම්හලේ අධ්‍යක්ෂක මණ්ඩලයට රජයෙන් පත්කරපු හෝසෙ ක්ලෙමෙන්ටෙ ටාටා තවමත් අගයන්නේ චැවේස්ගේ විප්ලවයයි. “රැකියාව දිගටම තිබේවි යැයි ආරක්ෂාවක් නොදැනෙද්දී ශ්‍රමිකයන් පීඩිත පංතියක්ව සිටියා. දැන් රජය ඔවුන්ට වගකීමෙන් සලකනවා,” යැයි ඔහු කියයි. විරැකියා තත්වයක් නැතැයි ටාටා පාරට්ටු බායි. ඒත් 2007 දී සිඩොර් යකඩ කම්හල, ද්‍රව්‍ය යකඩ ටොන් මිලියන 4.3 ක ප්‍රමාණයක් නිෂ්පාදනයට සමත් වුවත් මේ වසරේ දී එයින් කාලක්වත් හදාගන්නට අසමත් වේ යැයි අනුමාන වේ.

    විරැකියාවැ ඇත්තටම නැහැ.

    වෙනෙසියුලාවේ ජනාධිපති මදුරෝ ඉකුත් දවසක යුනියන් සංගම් නායකයෙකුව සිටියෙකි. එහෙත් ඔහු දැන් වැඩ වර්ජනයේ යෙදෙන යුනියන් සේවකයන් වංචාවේ යෙදෙන අය හැටියට සලකයි. ඔවුන්ගේ කිසිදු නීති විරෝධී ක්‍රියාවන් ගැන සාක්ෂි පෙන්වන්නේ නොමැතිව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයේ ඉන්නා යුනියන් සේවකයන් යැයි ලේබල් අලවයි.

    කොකේන් ප්‍රශ්නේ තියනවා වෙනිසියුලාවේ. යුනියන් කියන දේ රජයට් හිතවත් හා අහිතවත් කියන දෙකෙන්ම තියනවා.

    1999 දී හියුගෝ චැවේස් බලය අල්ලා ගනිද්දී සමාජවාදී ක්‍රමයෙන් සේවකයන් සමෘද්ධිමත් වෙනවා යැයි පොරොන්දුවක් දුන්නේය.

    වෙනිසියුලාව සමජවාදී රාජ්ජයක් නෙමයි

    සමාජවාදීන් පොරොන්දු දෙන්නට සමත්හ. ඒ පොරොන්දු විශ්වාස කරන අයගේ ප්‍රසාදයෙන් බලයට පත්වෙති. මිනිස් ස්වභාවයට පටහැනි සේ කටයුතු සංවිධානය කරති. කාර්යක්ෂමතාවයක් සහ ඵලදායීත්වයක් ලබන්නට අසමත් ප්‍රතිපත්ති වලින් අවසානයේ දී අනුන්ගේ වෙහෙසත්, අනුන්ගේ ධනයත් සහ රටේ සම්පත් සියල්ලත් කාබාසීනියා කර දමති.

    රුසියාව පවා දියුණු උනේ සමාජවාදය නිසා, ව්\චීනයේත් කොමියුනිස්ට් පක්ෂේ ඇත තමයි බලය තියෙන්නේ. එත් චීනයේ තියෙන්නේ පිරිහුණ සම්ජවාදයක්

    බුෂ් පුතා සහ දැන් ඔබාමාත් මැද පෙරදිග යුද්ධ වල නිරත නිසා වෙනෙසියුලාවට ඇමෙරිකන් හතුරන් හෝ බටහිර කුමන්ත්‍රණකරුවන් පිට වරද පටවත නොහැකියි.

    පදනමක් නැති කතාවක්

    අවසානයේ දී සමාජවාදී ආණ්ඩුවක් සිය සමාජවාදී ජනතාවගේ සහාය නොලැබෙන විට දෝෂාරෝපණය එල්ල කරන්නේ ඒ සමාජවාදී ජනතාවටමය.
    තමන්ම ගෙන්වා ගත් අසාර්ථක ප්‍රතිපත්ති දරා ගන්නට බැරි තරම් කටුක වෙද්දී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි සමාජවාදියෙකුට එහෙනම් ඉතින් ආණ්ඩුවට බැරි ද ජනතාව විසුරුවා හැර වෙන ජනතාවක් පත් කරගන්න, යැයි අහන්නට සිතේ.
    ඒත් කොතරම් අසාර්ථක ප්‍රතිඵල හමුවේ වුවු ද තමන්ගේ ක්‍රමය වැඩ නොකරන ක්‍රමය යැයි සමාජවාදියා කිසිදා පිළිනොගනියි.
    අරුණි ශපීරෝ‍
    randora.lk

    සමාජවාදය යමු සංක්‍රමණික අවදියක්. එහි අඩුපාඩු තියනවා. එත් සමාජවාදී ක්‍රමයක් යටතේ වැඩ නොකරන මිනිසුන් ඉන්න බැහැ. හැමෝම වැඩක් කරන්න ඕනි. සම්ජවාදය වැඩ නොකරන ක්‍රමය නම් රුසියාව දියුණු උනේ කොහොමද?

    මේක ලියැපු කෙනාව හම්බෙන්න ආසයි...... කොච්චර හීනෙක ජිවත් වෙනවද බලන්න
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අරුණි අක්කගේ බහුතරයක් ලිපි ඔය වගේ ගොන් ආතල් තමයි බන්! :D

    අගක් මුලක් නැති නූල් බෝල!!:yes:
    malak adala wage liyala thiyenne :rofl:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City

    සමාජවාදය යමු සංක්‍රමණික අවදියක්. එහි අඩුපාඩු තියනවා. එත් සමාජවාදී ක්‍රමයක් යටතේ වැඩ නොකරන මිනිසුන් ඉන්න බැහැ. හැමෝම වැඩක් කරන්න ඕනි. සම්ජවාදය වැඩ නොකරන ක්‍රමය නම් රුසියාව දියුණු උනේ කොහොමද?

    මේක ලියැපු කෙනාව හම්බෙන්න ආසයි...... කොච්චර හීනෙක ජිවත් වෙනවද බලන්න

    රුසියාව කොහිද බන් සමාජවාදි ? ලොකේ ඉන්න සුපිරි ධනවතුන් අයත් වෙන රටවල් වලින් දෙවැනි තැන ඉන්නේ රුසියාව .රුසියාවේ සමාජවාදයක් නැහැ .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රුසියාව කොහිද බන් සමාජවාදි ? ලොකේ ඉන්න සුපිරි ධනවතුන් අයත් වෙන රටවල් වලින් දෙවැනි තැන ඉන්නේ රුසියාව .රුසියාවේ සමාජවාදයක් නැහැ .

    සෝවියට් සංගමය ගන අන් කිවුවේ. මිනිස්සු බඩකින්නේ මරුන රටක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    අරුණි අන්ත ධනවාදී පැත්තක ඉදන් කතා කරන්නේ. එත් එයාගේ සමහර ලිපිවල ගත යුතු දේ තිබෙනවා. ඉස්සර අරුණිගේ ලිපි ගොඩක් දෙන comment කලා ; වාද විවාද ගිය. විවේචනයක් තිබ්බ එයාගේ අදහස්වලට විරුද්දව දමන ඒවා website එකෙන් අයින් කල කියල. දැන් දැන් කවුරුවත් ඔය පැත්තට වැඩිය යන්නේ නැහැ. හැබැයි පුදුම වේගයෙන් ලිපි දානවා.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලංකාවේ ඉතින් සමහර රාජ්‍ය ආයතන වල සේවකයන්ටත් ඉතින් හැමදාම නිවාඩු නේද ? කැමතිනම් විතරනේ වැඩ කරන්න ඕන පඩිත් ගෙවනවානේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    සමාජවාදය යමු සංක්‍රමණික අවදියක්. එහි අඩුපාඩු තියනවා. එත් සමාජවාදී ක්‍රමයක් යටතේ වැඩ නොකරන මිනිසුන් ඉන්න බැහැ. හැමෝම වැඩක් කරන්න ඕනි. සම්ජවාදය වැඩ නොකරන ක්‍රමය නම් රුසියාව දියුණු උනේ කොහොමද?

    මේක ලියැපු කෙනාව හම්බෙන්න ආසයි...... කොච්චර හීනෙක ජිවත් වෙනවද බලන්න
    mama hithanne oya system eka pilibada nirwachanayak ganna thiyena thanak penuwoth thamai samajawadaya gana katha karanna patan ganna oni

    thanx

    රුසියාව කොහිද බන් සමාජවාදි ? ලොකේ ඉන්න සුපිරි ධනවතුන් අයත් වෙන රටවල් වලින් දෙවැනි තැන ඉන්නේ රුසියාව .රුසියාවේ සමාජවාදයක් නැහැ .

    bump
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අරුණි අන්ත ධනවාදී පැත්තක ඉදන් කතා කරන්නේ. එත් එයාගේ සමහර ලිපිවල ගත යුතු දේ තිබෙනවා. ඉස්සර අරුණිගේ ලිපි ගොඩක් දෙන comment කලා ; වාද විවාද ගිය. විවේචනයක් තිබ්බ එයාගේ අදහස්වලට විරුද්දව දමන ඒවා website එකෙන් අයින් කල කියල. දැන් දැන් කවුරුවත් ඔය පැත්තට වැඩිය යන්නේ නැහැ. හැබැයි පුදුම වේගයෙන් ලිපි දානවා.

    man hithnne english ewa translate karanava. loke gana avbodayak nathikam ho kuhaka kama