වැඩකාරයා
”අපේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ වගයක් කරගන්ඩ තියෙනවා. බැරිද ඒකට හොඳ කෙනෙක් අල්ලලා දෙන්ඩ” බුද්ධදාස හන්දියේ දී මුණගැසුණු පුෂ්පසිරි ගෙන් ඇසුවේය.
”මොකෝ බැරි? අපෙ මාමණ්ඩියා හොඳ විදුලි කාර්මිකයනෙ. මම මිනිහව අල්ලලා දෙන්නං” පුෂ්පසිරි කීවේය.
මොනවා කතා කරනවද බුද්ධෙ? මාමණ්ඩියා ගිය සුමානෙ අපේ ගෙදර ගේට්ටුවේ බෙල් එකක් හයිකළා.
බෙල් එක ගැහැව්වාම අපේ ලැට් එකේ ලයිට් එක පත්තු වෙනවා.” පුෂ්පසිරි කීවේය.
ela kiri