පිස්සු බන්.දවස් දෙක තුනක් ඔය උසාවියක් ඇතුලේ වාඩි වෙලා අහගෙන හිටපන්කෝ කල් යන හේතු ටික එතකොට උබටම තේරෙයි
තාත්තට වැටිච්ච නඩුවක් තිබ්බ බොරුවක් කරල දාපු. ඒකෙ තාත්ත නිවැරදිකරු කියන්න හොදටම ඔප්පුවෙන වීඩියෝ ෂාක්ශියක් තිබ්බ. නිලදාරිය පගාව ඉල්ලල දුන්නෙ නැති නිසා දාපු නඩුවක් කියන්න පොරගෙ වොයිස් පවා තිබ්බ.
නඩුවාර 11ක් ගිහිනුත් වීඩියෝ ශාක්ශිය උසාවියෙන් කැදෙව්වෙ නෑ. බලන්නෙත් නෑ. බී නම්බර් එකකින් නඩුව ගියේ. බී නම්බර් එකෙන් පස්සෙ නඩුව ෆයිල් උනාමලු වීඩියෝ ශාක්ශි කැදවන්නෙ.
සමහරදාට ගියාම පැමිණිල්ල අසනීපයි, එක්කො චෝදනා ගොනුකරල නෑ. නැත්නම් එදාට නඩු වැඩී කල් යනව, නැත්නම් පැමිනිල්ල වෙන රජ්‍යවැඩකට ගිහින්, රසපරීක්ශක වාර්තාව ඇවිත් නෑ. අපි නිදහසට කරුනක් කියපු ගමන් ඒක ගැන බලන්න කල් ඉල්ලනව. ඔය වගේ නොයෙක් හේතුමත කල් යනව. ලෝයර්ට 7000ක් ගෙවල එනව. සමහරදාට බී නම්බර් එක කියද්දි නැගිටිනව විතරයි කල් ගියා කියල දිනේ කියනව ලෝයර් 7000 වතුරෙ.
මේකෙ අනිත් දේ ප්‍රමානෙ වැඩි උනාට වෙනස් වෙන්නෙ නෑ. මොකද නඩු කල් යන කාලෙ වැඩි නිසා ගොඩක් අය දඩේ ගෙවල වැරදිකරු කියල පිලි අරන් එනව. ඒක ලාබ නිසා. නමුත් ප්‍රමානෙ වැඩිකරපු ගමන් අර සෙට් එකත් නිවැරදිකරු කියනව. ආයිත් උන්න වගේමයි.