ඕල්ටනේටරේ ගැන දැනගනිමු

osandaja

Member
Feb 11, 2008
360
324
0
ඕල්ටනේටරේ ගැන දැනගනිමු

alt.jpg


ඕල්ටනේටරේ තමයි වාහනය විදුලිය උත්පාදනය කරන ප්‍රධාන අංගය. ඒ වගේම වාහනය චාර්ජ් එකේ තියාගන්නෙත් මේ ඕල්ටනේටරෙන්ම තමයි. වාහනේ එන්ජිම දුවන වෙලාවට ඕල්ටනේටරේ වාහනේ බැටරිය චාර්ජ් කරන අතර වාහනේ අනෙක් විද්‍යුත් පද්ධති වලට විදුලිය සපයන්නෙත් මෙයාම තමයි. පේනවා නේද මෙයා කොච්චර වැදගත්ද කියලා.

ඕල්ටනේටරේ ඇතුලත ක්‍රියාදාමය

සාමාන්‍ය වාහනේක ඕල්ටනේටරේ windings 2ක් තියනවා. එකක් stator (stationary outside winding) සහ අනික rotor (rotating inner winding). Voltage regulator එකක් හරහා වෝල්ටීයතාව rotor winding එකට සපයන අතර rotor winding එක energize වෙලා රොටර් එක කාන්දමක් බවට හැරෙනවා. මේ රොටර් එක කැරකෙන්නෙ එන්ජිමෙ ඩ්‍රයිව් බෙල්ට් එකෙන්. මේ රොටර් එකෙන් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය AC electric current එකක් නිපදවනවා. ඒක ඩයෝඩයක් හරහා DC කරලා තමයි වාහනේට දෙන්නෙ. Output voltage එක control කරන්නෙ voltage regulator එකෙන්.

ඕල්ටනේටරේ සම්බන්ධ වෙන්නෙ එන්ජිමට, ඒ drive belt එකෙන්. මේක නිතර පරීක්ෂා කරන්න ඕන එහෙම වදදෙන unit එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 8-12 අතර කිසිම අලුත්වැඩියාවකින් තොරව ඕල්ටනේටර් වැඩ කරනවා. ඕල්ටනේටරේ ලෙඩ ආවම මුලින්ම වෙන්නෙ බැටරිය බහින එක, මොකද චාර්ජ් වෙන්න ක්‍රමයක් නෑනේ. ඕල්ටනේටරයක් අලුතින් දානවා කියන්නෙත් වියදම් යන වැඩක්.

හරි දැන් ඊට කලින් වැඩේ දැනගන්නෙ කොහොමද? ඔව් ඕල්ටනේටරේ ලෙඩ නම් බැටරිය චාර්ජ් වෙන්නෙ නෑනේ. ඉතින් ඒවගේ වෙලාවක අපේ ඩෑෂ්බෝඩ් එකේ බැටරියක ලකුණ සහිත warning light එක පත්තු වෙනවා. සාමන්‍යයෙන් වාහනයක් ස්ටාර්ට් කරනකොට මේ ලයිට් එක ඇවිත් නැතුව යනවා. හැබැ‍යි ලයිට් එක දිගටම තිබ්බොත් ඕල්ටනේටරේ බලන්න කියලා තමයි කියන්නෙ. හැබැයි ඒක නෙවෙයි අපිට අහුවෙන එකම ලක්ෂණය. තව වාහනේ හෙඩ්ලයිට්, ඩෑෂ්ලයිට් එහෙම වාහනේ idle තියනකොට ඩිම් වෙලා රේස් කරනකොට එළිය වැඩිවෙනවා නම්, ඒත් ප්‍රශ්ණෙ ඕල්ටනේටරේම තමයි.

ඕල්ටනේටරේ පරීක්ෂා කරන්නෙ කොහොමද?

මුලින්ම ඕල්ටනේටර් mounting සහ cable වල තත්වය පරීක්ෂා කරලා බලන්න ඕන. මේකට mechanic කෙනෙක් ළඟ හිටියනම් වැඩේ තවත් හොඳයි. නැත්නම් charging system tester or multi-meter එකකින් වෝල්ටීයතාව පරීක්ෂා කරන්න පුලුවන්. එහිදී එන්ජිම නවත්වා ඇතිවිට බැටරියේ වෝල්ටීයතාව හා එන්ජිම ස්ටාර්ට් කළ පසු බැටරියේ වෝල්ටීයතාව මැනිය යුතුයි. එවිට එන්ජිම ස්ටාර්ට් කළ පසු වෝල්ටීයතාව වැඩි විය යුතුයි.

හරි. ඊට අමතරව මොනවද පරීක්ෂා කරන්න ඕන?

Drive belt ආතතිය පරීක්ෂා කරන්න
Drive belt එක ඇදලා බලන්න බුරුල්ද කියලා. බෙල්ට් එක ඇදිලා නම් එජස්ට් කරන්න, පළුදු වෙලා හෝ ගෙවිලා නම් මාරුකරන්න.

Alternator output කේබල් පරීක්ෂා කරන්න
මුලින්ම හැම connections එකක්ම ආරක්ෂාකාරීව තියනවද බලන්න. එන්ජිම ස්ටාර්ට් කර වෝල්ට්මීටරය ඕල්ටනේටරේ එකට සම්බන්ධ කරන්න. වාහනේ idle සිට රේස් කරන්න. එවිට වෝල්ටීයතාව ඉහළගියේ නැත්නම් ඕල්ටනේටර් output එක අඩුයි හෝ බැටරියට යන්නෙ නෑ. එන්ජිම නවත්වන්න. බැටරියෙ ඍණ ටර්මිනල් එක ගලවන්න. ඊටපස්සෙ ඕල්ටනේටරේ තියනව මහත කේබල් එකක්, ඒක යන්නෙ ස්ටාටර් කොයිල් එකට. ඊට අමතරව තව පොඩි කේබල් ටිකක් තියනවා. අර කියපු ලොකු කේබල් එක හැර අනෙක් පොඩි කේබල් ටික ගලවන්න. සමහර ඕල්ටනේටර් වල එනවා external voltage regulator එකක්. ඒක නම් ගලවන්න එපා. දැන් ආපහු ඍණ ටර්මිනල් එක බැටරියට සම්බන්ධ කරන්න. දැන් ignition ON කරලා අර කේබල් ටික එකින් එක වෝල්ට්මීටරය earth කරලා චෙක් කරන්න. ඔය අතරෙ E, N, -, D ලකුණු කළ කේබල් තිබ්බොත් චෙක් කරන්න එපා. Positive කේබල් ටික ඔක්කොම චෙක් කරන්න. තව ඔය අස්සෙ කේබල් එකක් තියනවා ‘Ind’ කියලා, ඒක ignition warning light එක. ඉතින් ඒ කේබල් එකත් dead වෙන්න ඕන ignition ON එකේදී. මතක තබාගන්න නැවත connect කරන්න කලින් ඍණ ටර්මිනල් එක ගලවලා ඉන්න.

ඕල්ටනේටරේ ආයුකාලය වැඩි කරගන්නෙ කොහොමද?

ගොඩක් වෙලාවට engine under-shield එක නැතිවීම හෝ හානිවී තිබීම නිසා කුණු දුහුවිලි වතුර ගිහින් ඕල්ටනේටර් සවුත්තු වෙනවා. ඊට අමතරව ඔයිල් හෝ කූලන්ට් ලීක් වලටත් ඕල්ටනේටර් ලෙඩ කරන්න පුලුවන්. ඒවගේම වාහනේ engine bay එක සෝදනකොට ඕල්ටනේටරේ ගැන අවදානෙන් සෝදන්න.

ඕල්ටනේටර් වල පොදු ගැටළු

ඕල්ටනේටර්වල ප්‍රධානම ගැටළුවක් තමයි කාබන් බ්‍රෂ් හා contact rings ගෙවීයාම. ඊට අමතරව voltage regulator එක පිච්චීම. ඊට අමතරව Bad outer and inner alternator bearings අමිහිරි ශබ්දයකුත් නිකුත් කරනවා. ඒ නිසා ඕල්ටනේටර් එකක් අලුත්වැඩියා කරනකොට සාමාන්‍යයෙන් bearings, voltage regulator, brushes අලුතින් දානවාම තමයි.



http://turboholics.lk
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    එල පොස්ට් එකක්.
    ඩයෝඩ් ප්ලේට් එකත් ඕල්ටනේටරේ තව ප්‍රශ්නයක්. (voltage regulator කියන්නේ මේකද මන්දා )
    Bad outer and inner alternator bearings - ඕල්ටනේටර ක්ලච් එක කියන්නේ මේ සීන් එකද?




    You must spread some Reputation around before giving it to osandaja again.
     
    Last edited: