ඕලෙවල් ඉහළින් සමත්වීමෙන් පසු පාසලෙන් අස්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕලෙවල් ඉහළින් සමත්වීමෙන් පසු පාසලෙන් අස්

    අප රටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වරින්වර විවිධ කතිකාවන් මතුවෙයි. සාමාන්‍ය පෙළ උසස් පෙළ හා සරසවි අධ්‍යාපනය දක්වා සාම්ප්‍රදායිකව ඉලක්ක ගත වයස් සීමාවන් පවතී. මේ අනුව සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළින් සරසවිය දක්වා ගොස් උපාධියක් ලබන විට සිසුවකුගේ වයස අවු: 25ක් වත් ඉක්ම ගොසිනි.
    මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව උඩු යටිකුරු කළ සිසු දරුවකු පිළිබඳව ඇඹිලිපිටිය පුරවරයෙන් අසන්නට ලැබේ. මාස හතකින් උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරා පළමු වරට ඒ සාමාර්ථ 3ක් ලබන්නට තරම් සුවිශේෂී දස්කමක් පාන්නට
    එම සිසුවා සමත්ව සිටියි. ඔහු ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද ඉන්දූප අරුනොද් සමරසිංහයි.

    2018 වසරෙහි සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉන්දූප ඒ සාමාර්ථ 9ක් සහිතව විශිෂ්ට ලෙස සමත් විය. සාම්ප්‍රදාය ඉක්මවා ගිය අවස්ථාව එළඹෙන්නේ එතැන් සිටය. මේ දරුවා සාමාන්‍ය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ උසස් පෙළ හැදෑරුවේ නම් එහි ප්‍රතිඵලය දකින්නට තව වසර තුනක්වත් ගතවනු ඇත. එහෙත් පාසල් අධ්‍යාපනයෙන් මිදී උසස් පෙළ වාණිජ විෂය ධාරාවන් පළමු වරට හදාරා මාස හතක කාලයකින් ඒ සාමාර්ථ තුනක් ලැබීම දුර්ලභ සිද්ධියකි.

    මෙම දරුවාගේ පියා වන අරවින්ද ඩයස් සමරසිංහ නීතිඥවරයෙකි. මව සූරියවැව ජාතික පාසලේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියකි. ඉන්දූපගේ නැගණිය පූජනී විෂක්‍යා සමරසිංහ (13) ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මෙම පවුල තුළ නිතරම සාමූහික කතිකාවතක් පවතී. ඒ අනුව දරුවාගේ පියා ඇතුළුව සියලු දෙනාගේ එකඟතාව වූයේ ඉන්දූපට පාසල් අධ්‍යාපනයෙන් තොරව කෙටි කලකින් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය උරුමකර දීමයි.

    ඉන්දූපගේ පියා මෙලෙස අදහස් දැක්වීය.

    මම පාසල් අවධියේ ඉඳන් විවිධ දක්ෂතා සහිතව කටයුතු කළා. ඉතා සැහැල්ලුවෙන් සහ නිදහස් මනසක් ඇතිව අධ්‍යාපනය ලැබුවා. සරසවියටත් ගියා. අපේ පුතා මගේ ආභාසය ඒ අයුරින්ම ගෙන යමින් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන කාලයේ විශේෂ දක්ෂතා පෙන්නුවා. ඒ අතරතුර රටේ විවිධ ස්ථානවල තිබුණු අධ්‍යාපන ප්‍රදර්ශනවලට දරුවා සම්බන්ධ කළා. එතැනින් ඔහුගේ මනසට යමක් ඇතුළු කරන්න හැකියාව ලැබුණා. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පස්සේ මම සොයා බැලුවා ඉතා කෙටි කාලෙකින් අපේ දරුවාට උසස් පෙළ හදාරා එහි හොඳ ප්‍රතිඵල ළඟා කරගන්නට හැකිද කියා. මේ පිළිබඳ නිවසේ ඇතිවුණු අපේ පොදු සාකච්ඡාවක ප්‍රතිඵලය මත කිසියම් තීරණයකට එළඹුණා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්නටත් කලින් උසස් පෙළ හැදෑරීම ආරම්භ කළා. 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් හොඳ ප්‍රතිඵලයක් ළඟාකර ගැනීම අරමුණ වුණේ.

    ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තිවල ගුරුවරුන් තිදෙනකු සමග මේ පිළිබඳව කතා කළ පියා අවසානයේ එම අභියෝගයට මුහුණ දෙන්නට තීරණය කළේය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්නටත් පෙර දරුවාගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ අවබෝධයක් නොමැති එම ගුරුවරු තිදෙනා ඔහුට අධ්‍යාපනය ලබාදීම නිවසේ සිට ආරම්භ කරන ලදී. මේ දරුවාද සුවිශේෂ දැක්මක් සහිත වූ අයෙක් නිසා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන විටත් උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ විෂය නිර්දේශයෙන් සියයට පනහක් හදාරා තිබිණි.

    ඉන්දූපට උසස් පෙළ විභාගයට අයැදුම් කිරීමේදී වයස පිළිබඳ ගැටලුවක් මතු වූයේ ඔහු ඒ වන විටත් පාසල් සිසුවකුව සිටි නිසාය. එබැවින් සියලුදෙනාගේ කැමැත්ත මත ඉන්දූප තම පාසලට සමුදෙන ලදී. ඉන් අනතුරුව ඔහුගේ ගමන තවත් වේගවත් විය. ගත වූයේ මාස හතකි. මෙවර උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ තුනක් සහිතව විශිෂ්ට ලෙස සමත්වූ අවම වයසින් සරසවි යන කඩඉමද පසුකර ඇත.

    ඉන්දූප අරුනෝද් අප හා කතා බහට එක්වෙමින් මෙසේ පැවසීය.

    මම පාසලේ සෑම විෂයකින්ම ඉදිරියට එන්න උත්සාහ කළා. මවුපියන් මට අනවශ්‍ය නීති රීති දැම්මේ නැහැ. උපරිම නිදහස දුන්නා. ඒ නිසා ඉතා සැහැල්ලුවෙන් සාමාන්‍ය පෙළ දක්වාම පැමිණි මට හිතුණා පවුලේ අයගේ එකඟතාවත් එක්ව කෙටි කාලයකින් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයි කියලා. එක ගුරුවරයකුගෙන් අධ්‍යාපනය ලබා ගත්තේ සතියකට පැය හතරක කාලයක්. ඒ අතර නිදහසත් උපරිම භුක්ති වින්දා. හැබැයි මගේ ඉලක්කයට අධිෂ්ඨානයෙන් ගමන් කළා.

    උසස් පෙළ ලියද්දී විෂය ධාරාව සම්පූර්ණයෙන්ම හදාරලා තිබුණේ. නිවසින් වගේම ගුරුවරුන්ගෙන් ලැබුණු මග පෙන්වීම මට ලොකු ශක්තියක් වුණා. උසස් පෙළ ඉතා පහසුවෙන් මම ලිව්වා. ප්‍රතිඵලය වාණිජ විෂය ධාරාවෙන් මට ඒ 3ක් ලැබීමයි. මේක ලොකු සතුටක්. මම කියන්නේ අවස්ථාව එනතුරු බලා නොසිට අවස්ථාව සොයාගෙන යන්න. කැපවීමෙන් වැඩ කරන්න. වයස ගැන නොසිතා ජීවිතය වෙනස් විදියට දකින්න පුරුදු වෙන්න. ඒ තුළින් ජයග්‍රහණය ලබාගන්න පුළුවන්. මගේ අනාගත බලාපොරොත්තුව රටේ ඉහළ බුද්ධිමතෙක් බවට පත්වී මා ඉපදුණු රටට සේවයක් කිරීමයි.

    ඉන්දූපගේ සම වයසේ අනෙක් දරුවෝ උසස් පෙළ ලියන්නට 2022 වසර තෙක් බලා සිටිය යුතුය. එහෙත් ඉන්දූප ඒ වන විට සරසවි අධ්‍යාපනය අවසන් කරන්නට ආසන්නයේ සිටිනු ඇත. ඕනෑම දරුවකුට අඩු වයසකින් මෙරටදීම උපාධිධාරියකු වීමට හැකියාවක් ඇති බව මේ සිසුවා කදිමට පෙන්වා දී ඇත. අපේ අධ්‍යාපන රටාව සුවිශේෂී වෙනසකට පරිවර්තනය කරන්නට මේ නැවුම් ගමන් මග ඔස්සේ ඉන්දූප කදිම පූර්වාදර්ශයක් සපයා ඇත.

    (තොරතුරු - ප්‍රගීත් ජනක - කොලොන්න සහ සුනිල් හරිස්චන්ද්‍ර - ඇඹිලිපිටිය)



    oyalatat mehema karanan puluwan yaluwane... :love::love::love:
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙහම වෙන්න අනිවාර්යෙන්ම මුලික අධ්‍යාපන පසුබිම බලපාන්න ඕන, අපේ පොතේ පාඩම් කරලා ගිරවා වගේ ලියන එකෙක්ට මේ වැඩේ අමාරුයි, මුල ඉදන්ම තර්කන හැකියාව වැඩි කරගත්ත එකෙක්ට නං ලොකු අමාරුවක් නැති වෙයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහම වෙන්න අනිවාර්යෙන්ම මුලික අධ්‍යාපන පසුබිම බලපාන්න ඕන, අපේ පොතේ පාඩම් කරලා ගිරවා වගේ ලියන එකෙක්ට මේ වැඩේ අමාරුයි, මුල ඉදන්ම තර්කන හැකියාව වැඩි කරගත්ත එකෙක්ට නං ලොකු අමාරුවක් නැති වෙයි


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to The Hacker again.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මෙහම වෙන්න අනිවාර්යෙන්ම මුලික අධ්‍යාපන පසුබිම බලපාන්න ඕන, අපේ පොතේ පාඩම් කරලා ගිරවා වගේ ලියන එකෙක්ට මේ වැඩේ අමාරුයි, මුල ඉදන්ම තර්කන හැකියාව වැඩි කරගත්ත එකෙක්ට නං ලොකු අමාරුවක් නැති වෙයි


    :yes::yes:
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ .
     
    Last edited: