ඕස්ට්‍රේලියාවෙන් ලක්ෂ 580ක්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඕස්ට්‍රේලියාවෙන් ලක්ෂ 580ක්

මුං දන්නේ නැතුව ඇති අපේ ඇමති කෙනෙක්ගේ කාර් එකක් විකුණුවහමත් ඔයිට වඩා ගන්න පුලුවන් කියලා



ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඕස්ටේ‍්‍රලියාව විසින් රුපියල් ලක්ෂ 580කට ආසන්න (ඕස්ටේ‍්‍රලියා ඩොලර් ලක්ෂ පහක්) වටිනා ආධාර තොගයක් මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙලෙස ඕස්ටේ‍්‍රලියා රජය විසින් ලබා දෙන ආධාර අතර පානීය ජලය , ආහාර ද්‍රව්‍ය , පීඩාවට පත්වූ ජනයා මුදා ගැනීමේ මෙහෙයුම් වලට අවශ්‍ය ඩිංගි බෝට්ටු,පිටත දහන එන්ජින් ඇතුළු ද්‍රව්‍ය රැසක් තිබෙන අතර මෙම ආධාර තොගය රැගත් නෞකා ඉදිරි දින දෙක ඇතුළ මෙරටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පීඩාවට පත්වූ ජනතාවට සහන සලසන්නැයි ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර වශයෙන් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය අද (30) නිවේදනය කළාය.
ගංවතුරින් හා නායයෑම් වලින් පීඩාවට පත්වූ ජනතාවගේ පවුල් වෙත ශෝකය ප‍්‍රකාශ කරන බවත් ඔවුන් ගේ ජීවිත යළි නගා සිටුවීම සඳහාත් ,ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා සැපිරීම සඳහාත් ඕස්ටේ‍්‍රලියා රජය පෙනී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් බ‍්‍රයිස් හචිසන් මහතා කියා සිටී.

එසේම පීඩාවට පත්වූ ජනයාට සහන සැලසීමේ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් කාර්යාලය හැම විටම රජයේ බලධාරීන් සමඟ සමීපතම සහයෝගයෙන් කටයුතු කරන බවද එම මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මේ සහනාධාර ලබා දීමේ කටයුතු වලට අමතරව එක්සත් ජාතීන් ගේ ළමා සංවර්ධන අරමුදල විසින් කරනු ලබන පානීය ජල ලබා දීමේ හා ළමුන් වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහාද ඕස්ටේ‍්‍රලියාව සහයෝගය ලබා දෙයි.
 

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    1.gif
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    kohomada ape emathiyek koti 6ka wahanak wikunala sahanadara widihata dunnanm. australian rajama sawuththu wenawa..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕස්ට්‍රේලියාවෙ උන්ටවත් නෑ අපේ ලොක්කොන්ට තියන සල්ලි
     
    • Like
    Reactions: channaq4

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උනුත් ෆුල් හන්ටර් එකේ ඉන්නෙ නේද බන් ?
    අපෙ ඇමතියෙක්ගෙ පොකට් මනි නෙහ් මේ ගාන.
    පවු බන්..උනුත් අමාරුවෙන් ඇත්තෙ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Aulak na nikan ne denne. Wahana gena ekat nawattuwanam hari me parayo
    :angry:
    ehema kiyanna epa ban..un dan nawath thuwane....ubala oya kiyana nisa tama nawaththuwe..dan balahan oken apitamane padu..tawa masa dekakin withara aai genakota gewanna ona ganath wadi ne oya car walata..aparade ekenuth apitamai padu..:rolleyes: