ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන



Tony+Abbott+Commonwealth+Leaders+Attend+2013+BxLsxW6GQbAl.jpg


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා හට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලද වටිනා තෑගී ඔහු විසින් එරට රජයට බාර දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් ඔහුට මෙසේ තෑගී කොට ඇත්තේ දියමන්ති එබ්බවූ කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් (cuff links) හා කැටයම් කළ රිදී පෙට්ටියකි.

ඕස්ට්‍රේලියා රජයේ නීතිය අනුව එරට මන්ත්‍රීවරයෙකුට වෙනත් රටකින් ලැබුණු තෑග්ගක් තමන් සන්තකයේ තබාගත හැක්කේ ඕස්ට්‍රේලියානු ඩොලර් 750 ක (ලංකා මුදලින් රුපියල් අසු නව දහසක් පමණ) වටිනාකමින් අඩු තෑග්ගක් පමණි.

නමුත් ජනපතිවරයා ලබාදුන් එම තෑග්ග එම වටිනාකමට වඩා වැඩි හෙයින් ඔහු ලංකාවේ සිට නැවත ඔස්ට්‍රේලියාව බලා පැමිණි වහාම ඕස්ට්‍රේලියානු රාජ්‍යය බාන්ඩාගාරය වෙත බාර දී ඇත. එයට අමතරව බෘනායි රාජ්‍යයේ සුල්තාන් වරයාගෙන් ලැබුණූ හම් බෑගයක් ද ෂැම්පේන් බෝතල් දොළහක්ද, ශිරාස් වයින් බෝතල් දොළහක් ද ඔහු රජයට බාරදී ඇත.

එරට ජනපතිවරයා සිට සිළුම මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වත්කම්, ඔවුන් වෙනත් ආයතනවල ආයෝජනය කර ඇතිද යන්න, ඔවුන්ගේ බැංකු ගිණුම් විනිවිදබාවයකින් යුක්තව පවත්වාගෙන යායුතු අතර ඒවා රජයට හෙළිකොට සිටිය යුතුවේ.

එහෙයින් ටෝනි ඇබට් සතුව කිසිදු ආයෝජනයක් නොමැති අතර ඔහු සතුව වත්කමට ඇත්තේ සිඩ්නි නුවර ඇති ඔහුගේ නිවහන පමණක් වේ. එමෙන්ම එරට විපක්ෂ නායකවරයා වන බිල් ෂෝර්ට්න් හට ද වත්කමක් කියා දෙයකට ඇත්තේ මෙල්බෝර්න් වල ඇති ඔහුගේ නිවස පමණි.

ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ :P

කොහොමද අපේ ලොක්කෝ නම්.. උන් ගහන ගැහිලි උන් වත් දන්නේ නෑ

ලෝකේ දුෂණය අඩුම රටවල් වලින් එකක් Aussi. උන් දියුණු උනේ නිකන් නෙමේ ..
උඹල අපි ලංකාවේ ඉපදිලා ඉන්නේ පින් කරල බොලව්. :rofl: