ඕසි ඉඳන් අාපු පිස්සිය හොයාගෙන

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නිරෝධායනය වෙමින් සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ දී සෞඛ්‍ය අංශ භාරයට ගෙන තිබේ.

    කළුතර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම් සිංහබාහු මහතා සඳහන් කළේ ඇය සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පියවර ගත් බවය.

    ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය 27 වන දා මෙරටට පැමිණ ඇති 80 හැවිරිදි අදාළ කාන්තාව බේරුවල ප්‍රදේශයේ හෝටලයකට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබුණි.

    කෙසේවෙතත් මානසික රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

    රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ඊයේ (28) අලුයම් කාලයේ රෝහලෙන් පැන ගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් සිදුකළ සෝදිසියකදී එම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

    ඒ අනුව ඇය සෞඛ්‍ය බලධාරීන් බාරයට ගැනීමෙන් අනතුරුව අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යොමුකිරීමට පියවර ගත් බව කළුතර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම් සිංහබාහු මහතා පැවසීය.