@1sam thawa kiyannako wistara obathuma gena.. api kamati ahanna...
මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. ඒ කාලයේ අද වගේ වීසා වර්ග ගොඩක් තිබුනේ නැහැ. සංක්‍රමණය වන හැමෝම PR සහිතවම ආවා විතරක් නොවෙයි, රජයෙන් දෙන දීමනා සියල්ලටම පැමිණි දිනයේ පටන් සුදුසුකම් ලැබෙනවා.
ඒ කාලයේ ඩෝල් එක (Job search allowance), සෞඛ්‍ය පහසුකම් (Medicare), අළුත් සංක්‍රමනිකයෙකු/රැකියාවක් සොයන්නෙකු ලෙස සලකා අඩු මුදලට බෙහෙත්, පොදු ප්‍රවාහන, car registration, යනාදිය ලැබීමට health care card එකකුත්, නිවසක් කුලියට ලබාගැනීමට අදාළ ඇප මුදල (rental security bond), මාසික කුලී මුදලින් කොටසක් (rent assistance), රජයෙන් ලබා දුන්නා.
මේ පහසුකම්/දීමනා හැම එකක්ම වාගේ එකම දිනයක් ඇතුලත ලබා ගැනීමට හැකියාව තිබුනා. මෙහෙට ආ දිනයේම හෝ පසුදා උදේම බැංකුවකට ගොස් ගිණුමක් අරඹා, CES (commonwealth employment service) හි රැකියා සොයන්නෙකු ලෙස රෙජිස්ටර් වී, ඒ සමගම තියන social security කාර්යාලයෙන් ඩෝල් එකට ලියාපදිංචි වී, Medicare කාර්යාලකට ගොස් medicare card එකකුත් ලබා ගැනීම ඉතා පහසුවෙන් වරුවකින් කල හැකි උනා.
කුලියට flat / unit එකක් සොයාගෙන ගිවිසුම් ගතවූ විට රජයෙන් එහි ඇප මුදල අදාල ඒජන්සියට "එදිනම" යවනවා. මේ ඒජන්සි කරුවන් (real estate agents) රජයේ ඇප මුදල සහිතව ගෙවල් කුලියට ගන්නන්ට පුදුම විදියට සලකනවා. හේතුව, ගේ අත හැර යද්දී ඔවුන් මේ ඇප මුදල රජයට ආපසු දෙන්නේ නැහැ. මොනවා හෝ කැඩුන බිඳුන හීරුන දෙයක් වාර්තා කරලා ඒ මුදල ඔවුන් සන්තක කර ගන්නවා.
health care card holder කෙනෙකුගෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාම සුළු මුදලක් අය කළා.(මම associate diploma එකකට, එක විෂයකට සෙමිස්ටර් එකකට ඩොලර් 4 වැනි මුදලක් තමයි ගෙව්වේ, (එයිනුත් විෂයයන් තුනක් හෝ හතරක් මගේ සුදුසුකම් මත exemption ලැබුනා, ඉතිරියට ඩොලර් 4 බැගින් ගෙව්වා.)
වාහන මිල අදට සාපේක්ෂව එකල ඉහලයි. ඒත් දුවන තත්වයේ වාහනයක් (roadworthy නැතිව) $1500/2000 අතර ගන්න පුළුවන් උනා. Roadworthy certificate එක සමග නම් අඩුම 3500/4000 වගේ උනා.
ඒ කාලේ ලාංකික ශිෂ්‍යයෝ දැනට වඩා බොහොම අඩුයි. හිටපු අයගෙනුත් කොටසක් ලංකාවේ පොහොසත් පවුල් වලින් ආපු අය. අද වගේම පාට් ටයිම් ජොබ් කරලා කට්ට කාපු අයත් හිටියා.
අද ඔස්ට්‍රේලියාව ගැන කියැවෙන හැම තැනකම ඊළඟට කියවෙන්නේ වැසිකිලි පවිත්‍ර කරන එක ගැනයි, දවසට පැය 14/15 වැඩ කරන එක, සතියේ දින හතම වැඩ කරන එක වගේ දේවලුයි. වැසිකිලි පවිත්‍ර කරලා හරි, වෙනත් අමාරු රැකියාවක් කරලා හරි ගොඩ යන්න උත්සාහ කරන අය ගැන මම ආඩම්බර වෙනවා, හැකි උපකාරයක් කරනවා මිසක් කිසිවිටක ඒවා පහත් කරලා සලකන්නේ නැහැ.
එත්, ඒවා ඔස්ට්‍රේලියාවට එන හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම කරන්න වෙන දේවල් හැටියට තමයි බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නේ. ඒ වගේම, දැනට මෙහෙ settle වෙලා ඉන්න හැමෝමත් ඔය කට්ට කාලා තමයි ගොඩ ගියේ, ඒ උනාට දැන් ලොකු ටෝක් දානවා කියන එකත් බොහෝ දෙනෙකුගේ හිතේ තියන වැරදි මතයක්.
මීට අවුරුදු විසි පහකට හෝ ඊට පෙර, සුදුසුකම් සහිතව සංක්‍රමණය උන කිසිම කෙනෙකුට අළුත් රටක්, පරිසරයක්, දේශගුණය, සමහර අයට භාෂා දුෂ්කරතා, පවුලෙන්, හිතවතුන්ගෙන් වෙන්වීම වැනි දුෂ්කරතා හැර, වෙනත් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. නොයෙකුත් අවාසනාවන්ත හේතු නිසා අපහසුවට පත් වෙච්ච අය හිටියා.ඒත් ආපු ගමන් රැකියාවක අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ. අළුත් සංක්‍රමනිකයෙකු හැටියට තමන්ගේ වෘත්තීයට අදාළ රැකියාවක් ලැබෙන තුරු ඩෝල් එකෙන් යැපෙන්නේ නැතුව සුළු රැකියා කරලා අමතර මුදලක් උපයපු අයත් හිටියා. එහෙම නැතිව, තමන්ගේ සුදුසුකම් වලට හරියන රැකියාවක් ලැබෙන තුරු, ඩෝල් එකෙන් කාලා බීලා සතුටෙන් හිටපු අය තමයි වැඩි.