අභිරහස් වායු 4ක් ඕසෝන් වියන වනසයි
ඕසෝන් ස්ථරයේ විනාශයට බලපාන නව වායූන් 4ක් හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙම වායූන් මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබන කෘතිම වායුන් 4ක් වන අතර ඉන් වායූන් දෙකක් භයානක ලෙස වර්ධනය වෙමින් පවතියි.
මෙම වායූන් අතරින් 3ක් ක්ලෝරොෆ්ලෝරෝකාබන් (සී එෆ් සී )වර්ගයේ වායුන් වන අතර අනෙක හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් (එච් සී එෆ් සී ) වර්ගයේ වායුවක් වේ.
කෙසේවෙතත්, මෙම වායූන් වල ප්රභවය නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි බවද විද්‍යාඥයින් පවසයි.
විද්‍යාඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ හැටේ දශකයේදී අදාළ වායූන් වායුගෝලය තුල දකින්නට නොලැබුණු බවයි.
