අලුත් වාහන වල නම් වාහනයේ වේගය සහ Throttle Position එක මත හැම වෙලාවේම ගැලපෙන ගියර් අනුපාතය ගණනය කරනවා. ඒ නිසා බොහෝ වාහන වල Neutral එකේ ගිහින් D එකට දැම්මට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම කරා කියලා EFI වාහනේක පෙට්‍රල් ඉතුරු කර ගන්න බැහැ. මොකද Accelerator Padel එක පාගලා නැති ඕනෙම වෙලාවක ECU එකෙන් ගණනය කරලා Inject කරන්නේ එන්ජිම Idle Speed එකේ තියා ගන්න ඕනේ කරන පෙට්‍රල් ප්‍රමාණය විතරයි.
උදා: අපි හිතමු වාහනයේ Idle Speed (වාහනය ස්ටාර්ට් එකේ එක තැන තියෙන කොට එන්ජින් ස්පීඩ් එක) එක 800 RPM කියලා..දැන් අපි D එකේ හෝ Gear එකක පැල්ලමක් බහිනවා කියලා හිතමුකෝ. මේ වෙලාවේදී අපි Accelerator එක පාන්නේ නැහැ. එතකොට හරි නම් එන්ජිම 800 rpm වල වැඩ කරන්න ඕනේ. නමුත් වාහනයේ බර නිසා පල්ලමේදී නොමිලේ අමතර තල්ලුවක් ලැබෙනවා වාහනේට. මේ හේතුව නිසා වාහනයේ වේගය වැඩි වෙනවා. මේ වෙලාවේදී අපි ඉන්නේ D හෝ Gear එකක නිසා Engine, GearBox, Final Drive කියන කොටස් 3ම එකට සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ නිසා වාහනයේ වේගය වැඩි වෙනකොට අපි accelerator එක පෑගුවේ නැතත් ඉබේ එන්ජිමේ වේගය වැඩි වෙනවා. අපි හිතමු මේ හේතුව නිසා එන්ජිමේ වේගය 2500rpm කියලා. දැන් ECU එක බලනවා මේ මොකක්ද වෙන්නේ කියල. Accelerator එක පාගලා නැහැ හැබැයි වේගය වැඩියි. මේ වෙලාවේදී ECU එක තීරණය කරනවා වාහනයට අමතර තල්ලුවක් ලැබෙන නිසා එන්ජිමේ බලය අවශ්‍ය නෑ කියලා. ඒ නිසා ECU එක පෙට්‍රල් විදින එක නවත්තනවා. හැබැයි එන්ජිම එකපාර නවතින එක වලක්වා ගන්න සරින් සැරේට පෙට්‍රල් ටිකක් විදිනවා.
මේ වැඩේ සිද්ද වෙන නිසා දැන් එන්ජිම කියන්නේ අමතර වදයක් විතරයි. මේ වෙලාවේදී එය කිසිම බලයක් නිපදවන්නෙ නෑ. හැබැයි එන්ජිම කැරකෙනවා. එන්ජිම කැරකෙනවා කියන්නේ ඇතුලේ 4 Stroke සිද්ධිය සිදු වෙනවා ඉන්ධන නැතුව. හැබැයි දැන් Power Stroke එක වෙලාවේදී දහනය කරන්න ඉන්ධන නෑ. ඒ නිසා Compression Stroke එකේදී වායු පරිමාව සම්පීඩනය කරන්න අවශ්‍ය කරන ශක්තිය ගන්න වෙනවා එළියෙන්. එ කියන්නේ රෝද හරහා එන බලයෙන්. එඅ කියන්නේ මේ වෙලාවේ එන්ජිමෙන් වාහනය ධාවනය කරනවා වෙනුවට වාහනයෙන් එන්ජිම ධාවනය කරනවා. මේ හේතුව නිසා වාහනයේ වේගය ඉබේ පාලනයකට ලක්වෙනවා. මේ සිද්ධියට තමයි Engine Braking කියලා කියන්නේ. මේ හේතුව නිසා අපිට වාහනයේ Brake භාවිතා කරන්න වෙන්නේ බොහොම අඩුවෙන්.
වාහනයක Brake පද්ධතිය මගින් කරන්නේ වාහනයේ තියෙන චාලක ශක්තිය තාප ශක්තිය විදියට ඉවත් කරන එක. මේ වැඩේ කරනකොට Brake System එකේ Pads,Rotors, Droms,Shoes සහ අපිට කෙලවන්ටම Brake Oil කියන ඒවා අධික විදියට රත් වෙනවා. මෙහෙම ගිහින් එක අවස්ථාවකදී Brake Oil නටන්න පටන් ගන්නවා. වතුර රත් උනාම නටනවා වගේ. මේ ගැන මන් කලින් නුලක කිව්වා. මේ වෙලාවේදී brake oil වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරි.. දැන් ඊලග අවස්ථාවේ අපි බ්රේක් ගහනකොට බ්රේක් ඔයිල් වාෂ්පය සම්පීඩනය වෙනවා. අපි බ්රේක් පැඩල් එක මත යොදපු බලයෙන් සෑහෙන ප්‍රමාණයක් වාෂ්පය විසින් උරාගෙන ඉතුරු ටික තමා Caliper (Disc), Slave Cylinder (Drum) වෙත යන්නේ. දැන් ඉතින් ගැහුවට බ්රේක් නෑ.. කෙලින්ම කඩුගන්නාව පල්ලමෙන් පහලට...


අපිට මාරි බිස්කට්!!
හරි දැන් අපේ වෙලාවට අපි දාල තියෙන බ්රේක් ඔයිල් එක සුපිරියි කියමුකෝ. ඒ නිසා ඉක්මනින් වාෂ්ප වෙන්නේ නැහැ කියමුකෝ... ඒ උනාට අපි තාමත් පල්ලමෙන් පල්ලෙහාට යනවා..


ඒකට හේතුව තමා බ්රේක් ගහනකොට Disc එක සහ Brake Pads ගිනියම් වෙලා උන් දෙන්න අතර තියෙන ඝර්ෂණ සංගුණකය ද මොකක්ද එක


අඩු වෙන එක. Temperature-Friction curve එක බැලුවම සිද්ධිය තේරෙනවා. උෂ්ණත්වයත් එක්ක ඝර්ෂණය වැඩි වෙලා එක තැනකදී (Kneepoint) ආයෙම අඩු වෙනවා. ඔන්න ඔය Knee Point එක පැන්නට පස්සේ ආපහු කොච්චර ගැහුවත් බ්රේක් නෑ..

ඔන්න ඔය සිද්ධි දෙකට තමා Brake Fade වෙනවා කියන්නේ. ඒ කියන්නේ ගැහුවට බ්රරෙක් නැහැ.. කෙලින්ම කඩුගන්නාවෙන් පහලට...
පියඹා... යනවා මා ආකාසයේ...
ඔය කිව්වා විදියට බැලුවම පේනවා නේ Temperature-Friction curve එකේ Kneepoint එකට යනකල් ඝර්ෂණය වැඩි වෙනවා කියලා..
ඉතින් ෂෝක් නේ.. එතකොට බ්රේක් Power එක වැඩි වෙනවනේ


බම්බුව !!
වැඩි වෙලා අන්තිමට අපි Brake ගැහුවම ආයේ Release වෙන්න බා කියනවා.. Pads ගිහින් Disc එක බදා ගන්නවා. Shoes ගිහින් Drum එක බදා ගන්නවා. මේකට තමා කියන්නේ Brake Bind වෙනවා කියලා..

ඔව් ඔව්..කොහෙන් ගියත් අපිටමයි කෙල වෙන්නේ..
ඒ හන්දා තමා ඔය රේසින් කාර් වල එහෙම ඔය සීන් එක වෙන එක නවත්ත ගන්න ගොඩක් මිල අධික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා Brake System එක නිෂ්පාධනය කරලා තියෙන්නේ. දෙන්න පුළුවන් ඉහලම උදාහරනේ තමා ෆෝර්මියුලා කාර් (Formula One).. මේවගේ බ්රේක් සෙල්සියස් අංශක 600-800කට වගේ රත් වෙනකල් බ්රේක් නැහැ.. හැබැයි එතනින් පස්සේ සෙල්සියස් අංශක 1200 කට රත් උනත් බ්රේක් ගහනකොට Driver ගේ පෙනහළු ඉස්සරහට විසි වෙන්න තරම් බ්රේක් තියෙනවා. (ඕක එක හේතුවක් හැමෝටම Formula One පදින්න දෙන්නේ නැති වෙන්න.).. සාමාන්‍ය වාහනේක සෙල්සියස් අංශක 600 ක් කියන්නේ බ්රේක් නැත !!! ඒ හන්ද තමා Brembo, Nissin, Wilwood, Stoptech වගේ අය ඔච්චර ගණන්..
අපෝ ඇති දැන්... දැන් තේරෙනවනේ Neutral ගියාට පෙට්‍රල් ඉතුරු වෙන්නේ නැහැ කියලා.. නිකන් බොරුවට අමතර අවධානමක් ගන්නවා විතරයි. Brake පාවිච්චිය වැඩි වෙනකොට Brake Fade, Brake Bind වෙන්න පුළුවන් අවධානම වැඩියි.
මේ ටිකම කොපි කරලා අලුත් නුලකුත් දැම්ම.. යන ගමන් මෙහෙටත් ගොඩ වෙලා පලයව්..
http://www.elakiri.com/forum/showthread.php?p=15876413#post15876413