ඖෂධීය ගුණ පිරි දෙහි

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ගෘහණියකගේ මුළුතැන්ගෙය ඖෂධ ගබඩාවක් ලෙස හැඳින්විය හැක. විවධ ගුණයන්ගෙන් යුතු කුළුබඩු රාශියක් එහි දක්නට ලැබේ. මේ අතර, රසකාරකයක් ලෙස භාවිත කරන දෙහි බොහෝ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති ඖෂධයකි. මෙම ලිපිය තුළින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ දෙහි වල ඖෂධීය වටිනාකම පිලිබඳවයි.

    දෙහි, පැඟිරි කුලයේ ශාකයකි. මෙය විද්‍යාත්මකව හදුන්වන්නේ රුටේෂි ශාක කුලය ලෙසය. මෙම කුලයට අයත් ශාක වල උපත සිදු වී ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය, හා දකුණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුළය. පසුව මෙය ලෝකයේ නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ කරා ගෙන ගොස් ඇත්තේ මිනිසා විසිනි. ශ්‍රී ලංකාවේ සෑම නිවසකම පාහේ දක්නට ලැබෙන දෙහි ශාකය වගාවන් ලෙස කරනු ලබන්නේ මොණරාගල, රත්නපුරය, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලය.

    දෙහි වල දක්නට ලැබෙන පෝෂණ ගුණයන්

    • විටමින් C
    • විටමින් B6
    • විටමින් A
    • විටමින් E
    • නියාසින්
    • තයමින්
    • ෆෝලේට්
    • රයිබෝෆ්ලෙවින්
    • කොපර්
    • කැල්සියම්
    • යකඩ
    • මැග්නීසියම්
    • පොටෑසියම්
    • සින්ක්
    • පොස්පරස්
    • පැන්තෝතෙනික් අම්ලය දැකිය හැක.
    දෙහි වල ඇති සිට්‌රික්‌ අම්ලය නිසා ඇඹුල් ගතිය අධිකය. ඔක්‌සිකාර සීනි ප්‍රමාණය 5%. දෙහි යුෂ මිලි ලීටර් 100ක මැලික්‌ අම්ලය ග්‍රෑම් 2ක් ද සහ සිට්‌රික්‌ අම්ලය ග්‍රෑම් 0.08 කි. තවද සිනෝලිකා නම් රසායනික කාණ්‌ඩය අයත් ප්ලැමනොයිඩ් නමැති විශේෂ වර්ගයේ රසායන කිහිපයක්‌ දෙහි වල ඇති බැව පර්යේෂකයින් සොයාගෙන ඇත. එම ප්ලැමනොයිඩයන් ලෙස

    • හෙස්‌පරිඩන් එරියෝ
    • සිසිටිරන් ඩයසොමින්
    • ලිමෝයි සිට්‌රික්‌ දැක්විය හැක.
    රෝග සදහා භාවිතයන්

    මෑතකදී කරන ලද පරීක්ෂණයකට අනුව දෙහි වල ඇති පැඟිරි මගින් පිළිකා සෛල වර්ධනය වීම අවම කළ හැකි බව සොයාගෙන ඇත. තව දුරටත් දෙහි හා පැඟිරි යුෂ අඩංගු පළතුරු මගින් පියයුරු පිළිකා වලක්වා ගත හැකි බවට සොයාගෙන ඇත. දෙහි ගෙඩියේ යුෂ ගෙන එහි පොත්ත අප විසිකර දමයි. නමුත් දෙහි පොතු තුලද පිළිකා සෛල විනාශකිරීමේ ගුණය ඇත. තවද දෙහි බික් වලට වඩා දෙහි පොත්තේ විටමින් හා රෝග නිවාරණ හැකියාව වැඩි බවට සොයාගෙන ඇත. මෙය පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වලට වඩා බලවත් බව පැවසේ. දෙහි ගෙඩියේ කුමණ කොටස භාවිතා කළත් (පමණට භාවිත කරන්නේ නම්) එමගින් ශරීරයට කිසිදු අතුරු අබාධයක් ඇති නොවේ. මෙය පාරම්පරික වෛද්‍ය විද්‍යාවට නැතුවම බැරි ඖෂධයකි.

    ශිතකරනයේ තබා මුදවාගත් දෙහි වලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇති බව 1970 සිට කළ පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. මෙහිදී දෙහි ගෙඩිය හොදින් සෝදා අධිශීතකරණයේ තබා ඒවා මිදුණු පසු ලෙලි නොගසා කුඩුකිරිම කරයි. මෙසේ කුඩුකරගත් දෙහි සැලඩ්, අතුරුපස, පළතුරු ආදිය සමග ආහාරයට ගත හැක.

    සම් ආලේපන සැකසීම සදහා දෙහි යුෂ යෝග්‍ය වේ. දෙහිවල ඇති තෙල් සාරය සමට බෙහෙවින් හිතකර වේ. සම මතුපිට ඇති වන විවිධ සමේ රෝග වලට දෙහි සමග මි පැණි කලවම් කර ආලේප කිරීම ගුණදායක වේ. එමගින් සම පෝෂණය වේ. හිස්හොරි නිසා හිසේ ඇති වන විවධ අසාත්මිකතා වලට දෙහි ගුණදායක ඖෂධයකි. මෙමගින් හිසකෙස්වල ප්‍රාණවත්බව සුරැකේ. සමේ මැරුණු සෛල ප්‍රාණවත්ව සකස් කිරීමට දෙහිවල අඩංගු විටම්න් C උපකාරී වේ.

    මිට අමතරව කුෂ්ට, විසප්පු, හා ඉදිමුම් වලටත් දෙහි විශ්මිත ප්‍රතිකාරයකි. ශරීර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයින්ට, පණුවන්ට, හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව දෙහි වලට ඇත. මෙහි ආම්ලිකත්වය පී. එච් 2.00 පමණ වේ. එම යුෂ ආමාශ ගත වූ විට ක්‍ෂණික ප්‍රතික්‍රියාවක්‌ දක්‌වයි. සමහර උදරාබාධ සමනය කිරීමෙහි දෙහි යුෂ ප්‍රයෝජන වන්නේ මේ නිසාවෙනි.

    දෙහි වල යුරික් අම්ලය අන්තර්ගත වේ. මෙය සන්ධි ඉදිමීම, සන්ධි වේදනා වැනි තත්ත්වයන්ට භාවිත කරයි. දෙහි යුෂ ශරීරයේ උෂ්ණත්වය අඩු කරලීමටද භාවිත කරයි. මේද දහනය සදහා අවශ්‍යවන සිට්‍රික් අම්ලය දෙහි තුල අන්තර්ගත වන නිසා ශරීරයේ බර අඩුකර ගැනීමට දෙහි යුෂ උපකාරී වේ.

    අතීතයේ බටහිර වෛද්‍ය විද්‍යාව ලාංකිකයන් අතර එතරම් භාවිතයේ නොපැවතුනි. මේ නිසා විෂ සහිත සිවුපා උරග වර්ග වල සතෙකු දෂ්ඨ කළ විට පළමුව දෙහිකැබැල්ලකින් අතුල්ලා දෂ්ඨ කළ ස්‌ථානය පිරිසිදු කිරීම සිදු කෙරුණි. විෂ නැසීමේදී එම පුද්ගලයාගේ හිසේ සිට දෙපතුල දක්වා දෙහි අත්ත ගෙන ගොස් මතුරා පිටතට ගසා දමයි.

    දෙහි යුෂ දැඩි ආම්ලික බවින් යුතු වේ. මේ නිසා අප ගන්නා ආහාර ඉක්මනින් ජීර්ණය වීමට උපකාරී වේ. ව්‍යංජන සැකසීමේදී දෙහි බිංදු කිහිපයක් එකතු කිරීමට හේතුව මෙයයි. දෙහි මගින් ශරීරයට උත්තේජනයක් ලබා දේ.දෙහි යුෂ මීපැණි සමග මිශ්‍ර කර පානය කිරීම මලබද්ධය වලක්වා ගැනීමට උපකාරී වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට දෙහි වල ඇති තෙල් සාරය වඩාත් හිතකර වේ.

    දෙහි මගින් රුධිරයේ ඇති සිනි ප්‍රමාණය පාලනය කළ හැකි බව අමෙරිකානු දියවැඩියා සංගමයේ පරීක්ෂකවරුන් සොයාගෙන ඇත. ශරීරයේ නිපදවන ග්ලූකෝස් ක්ෂණිකව අවශෝෂණය කර ගැනීමේ හැකියාව දෙහි වලට ඇත. මිට අමතරව අධිකරුධිර පීඩනය හේතුවෙන් හටගන්නා හෘදයාබාධවලට දෙහි යුෂ ගුණදායක වේ. බොහෝ විට හෘදයාබාධවලට හේතුව රුධිර වාහිනී අභ්‍යන්තරයේ මේදය තැන්පත්වීමයි. මෙලස මේදය තැන්පත්වීම දෙහි යුෂ පානයෙන් අවම කරගත හැක. හෘදවාහිනී ආශ්‍රිත රෝගවලට ද මේවා ඉතාමත්ම ගුණදායකයි.

    දියණිය පුවත්පත
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉස්සර සිංහළු දෙහි කෑවෙ නෑ - කපන්න විතරයි ගත්තේ - දැන් දෙහි වගේ ඒ වෙනුවට ඉස්සර ගත්තෙ සියඹලා. ඒක තමයි නිවැරදි දේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දෙහි යුෂ දැඩි ආම්ලික බවින් යුතු වේ. මේ නිසා අප ගන්නා ආහාර ඉක්මනින් ජීර්ණය වීමට උපකාරී වේ. ව්‍යංජන සැකසීමේදී දෙහි බිංදු කිහිපයක් එකතු කිරීමට හේතුව මෙයයි. දෙහි මගින් ශරීරයට උත්තේජනයක් ලබා දේ.දෙහි යුෂ මීපැණි සමග මිශ්‍ර කර පානය කිරීම මලබද්ධය වලක්වා ගැනීමට උපකාරී වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට දෙහි වල ඇති තෙල් සාරය වඩාත් හිතකර වේ.

    දෙහි මගින් රුධිරයේ ඇති සිනි ප්‍රමාණය පාලනය කළ හැකි බව අමෙරිකානු දියවැඩියා සංගමයේ පරීක්ෂකවරුන් සොයාගෙන ඇත. ශරීරයේ නිපදවන ග්ලූකෝස් ක්ෂණිකව අවශෝෂණය කර ගැනීමේ හැකියාව දෙහි වලට ඇත. මිට අමතරව අධිකරුධිර පීඩනය හේතුවෙන් හටගන්නා හෘදයාබාධවලට දෙහි යුෂ ගුණදායක වේ. බොහෝ විට හෘදයාබාධවලට හේතුව රුධිර වාහිනී අභ්‍යන්තරයේ මේදය තැන්පත්වීමයි. මෙලස මේදය තැන්පත්වීම දෙහි යුෂ පානයෙන් අවම කරගත හැක. හෘදවාහිනී ආශ්‍රිත රෝගවලට ද මේවා ඉතාමත්ම ගුණදායකයි.

    දියණිය පුවත්පත
    මේ දෙකම පට්ටපල් බොරු -

    1 ආහාර දිරවීමේ ක්‍රියාවලිය අධි ක්‍රියාකාරී වෙන අවස්ථාවක එක අඩු කොරන්නයි දෙහි දෙන්නේ - එතකොට දෙහි දුන්නාම කොහොමද දිරවීම පහසු වෙන්නෙ ? වෙන්නෙ ඒකෙ අනික.

    2 - දෙහි එක්ක මී පැණි බිව්වාම මළබද්ධය වළකිනවලු - කොරල බලන්න - පස්සෙ වස්ති කොරන්න තමා වෙන්නේ

    3 - දෙහි යුෂ බීලා මේදය අඩු කොරගත්තු එක මිනිහෙක් පෙන්නන්න බලන්න - මේදය අඩු කොරන්න ගන්න එක බේතකටවත් දෙහි ගාවන්නෙ වත් නෑ.
     
    • Like
    Reactions: samsri

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ දෙකම පට්ටපල් බොරු -
    3 - දෙහි යුෂ බීලා මේදය අඩු කොරගත්තු එක මිනිහෙක් පෙන්නන්න බලන්න - මේදය අඩු කොරන්න ගන්න එක බේතකටවත් දෙහි ගාවන්නෙ වත් නෑ.
    නොදන්න දේවල් කියන්න යන්න එපා. කොලෙස්ට්‍රෝල් වලට හදන ආයුර්වේද බෙහෙත් වලට දෙහි (ලෙමන්) ගන්නවා. (ලෙමන්+ඇපල් ස්ලයිඩර් විනාකිරි+සුදුලූනු යුෂ+ඉඟුරු යුෂ+මී පැණි). මේ බෙහෙත බීල ලිපිඩ් ප්‍රොෆයිල් එකේ කොලෙස්ට්‍රෝල් ලෙවෙල් එක විශාල ලෙස අඩුකරගත්තු කෙනෙක් මම. ඒ අත්දැකීමෙන් කියන්නෙ.

    මේ දෙකම පට්ටපල් බොරු -
    2 - දෙහි එක්ක මී පැණි බිව්වාම මළබද්ධය වළකිනවලු - කොරල බලන්න - පස්සෙ වස්ති කොරන්න තමා වෙන්නේ
    දෙහි එක්ක මී පැණි බිව්වාම මළබද්ධය අඩුවෙනවද නැද්ද කියල මම දන්නෙ නෑ. හැබැයි මම කියපු බෙහෙතට මේ දෙකම දානව. ඒ බෙහෙත මාස 4ක් දිනපතා බීපු මට නම් වස්ති කරන්න උනේ නෑ. කිසිම අපහසුවකින් තොරව උදේට වැසිකිලි යනවා.
     
    • Like
    Reactions: sawyer sweeten
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නොදන්න දේවල් කියන්න යන්න එපා. කොලෙස්ට්‍රෝල් වලට හදන ආයුර්වේද බෙහෙත් වලට දෙහි (ලෙමන්) ගන්නවා. (ලෙමන්+ඇපල් ස්ලයිඩර් විනාකිරි+සුදුලූනු යුෂ+ඉඟුරු යුෂ+මී පැණි). මේ බෙහෙත බීල ලිපිඩ් ප්‍රොෆයිල් එකේ කොලෙස්ට්‍රෝල් ලෙවෙල් එක විශාල ලෙස අඩුකරගත්තු කෙනෙක් මම. ඒ අත්දැකීමෙන් කියන්නෙ.
    ඇපල් සයිඩර් විනාකිරි එන ආයුර්වේද බේත් නෑ.

    දෙහි එක්ක මී පැණි බිව්වාම මළබද්ධය අඩුවෙනවද නැද්ද කියල මම දන්නෙ නෑ. හැබැයි මම කියපු බෙහෙතට මේ දෙකම දානව. ඒ බෙහෙත මාස 4ක් දිනපතා බීපු මට නම් වස්ති කරන්න උනේ නෑ. කිසිම අපහසුවකින් තොරව උදේට වැසිකිලි යනවා.
    ඔයා කඵ ප්‍රකෘතිකයෙක් වෙන්න ඇති - එයාලාට තමා ඔහොම වෙන්නේ. අනික් ප්‍රකෘති 6ට ඕක ගැලපෙන්නෙ නෑ.

    තමන්ට යමක් හරි ගිය පළියට අනික් අයටත් ඒ විදියටම ඒක හරි යනවාය කියල දෙයක් කොහෙද තියෙන්නේ ?
     
    • Like
    Reactions: sawyer sweeten
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    danna kenek kiyannako sinhala wedakama gana thiyena hoda pothak
    කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවො රචනා කොරපු පොත් තමා සිංහල වෙදකම ගැන තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ගුරු ඇසුරක් නැතුව පොත් වලින් විතරක් දැනුම අරන් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Kiridia