ඖෂධ_හිඟයක් ළගදීම
ඖෂධ නිෂ්පාදනය කරන රටවල් ඖෂධ අපනයනය කිරීම අත්හිටුවීම නිසා ඉදිරි කාලයේදී ඖෂධ හිඟයක් ඇතිවන බව එම ආනයන සංගම් දිවයින පුරා සියලුම ෆාමසිවලට දැනුම් දී තිබෙනවා.
ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා පැවැත්වුණා.
එහිදී ඖෂධ ආනයනකරුවන් පෙන්වාදී ඇත්තේ පළමුව වේදනානාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ගවල හිඟයක් ඇතිවන බවයි. ඉන් පසු අනෙක් ඖෂධවල හිඟයක් ඇතිවනු ඇති බව පෙන්වාදී තිබේ.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කරන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ.
ඉන්දියාව ඖෂධ අපනයනය මේ වන විට නතර කර ඇත.
ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරයි.
චීනය පුරා කෝවිඩ් -19 වෛරසය පැතිර යාමෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය බිඳ වැටී තිබේ. මේ නිසා ඖෂධ ආනයනයට බාධා මතුව ඇති බව ආනයනකරුවන් පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් ඖෂධ කළමනාකරණය කරන ලෙස ආනයනකරුවන් සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයෙන් ඉල්ලා තිබේ. ඖෂධ ප්‍රමාණවත් තරම් ගබඩා කර කල් ඉකුත් වීම අවම කිරීම, වෛද්‍ය නිර්දේශ නොමැතිව ලබාදෙන ඖෂධ ලබාදීම නතර කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආනයනකරුවන් මෙහිදී ඉල්ලා තිබේ.
මේ පිළිබඳව දිවයින පුරා ෆාමසි 4000ක හිමිකරුවන් පෙරේදා දැනුවත් කළ බව සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කර සිටියි.
Neth
ලංකාවෙ බෙහෙත් හදපු ඒව වහල කොමිස් කුට්ටි වලට පෙරේතකමට බෙහෙත් ඔක්කොම රටින් ගේන්න තීරණය කරපු දේශපාලනය කරපු බල්ලන්ගෙ ළමයිටත් හෙණම ගහපන්.