පොලිස් නිලධාරීයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජීපානි ඉම්රාන් නැමැත්තා ඇප කොන්දේසි සපුරා ලීමෙන් අනතුරුව මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරු මුලින්ම ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
එහෙත් පසුව පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට දන්ඩ නීති සංග සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍ය නීතිය යටතේ මෙම සැකකරුට ඇප ලබා දිය හැකි බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් කළා.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස ඉකුත් දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එම ඇප කොන්දේසි සපුරාලීමට අනතුරුව ඔහු අද දින මුදා හැරීමට නියම කෙරුණ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම කරන ලෙසත් අධිකරණය නියෝග කළා..
Neth

