කකුළු වර්ග හතරක් සොයා ගැනේ

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    කකුළු වර්ග හතරක් සොයා ගැනේ

    අලංකාර වර්ණවත් කකුළු වර්ග හතරක්
    පිලිපීනයේ දූපතකින් සොයා ගැනේ

    පිලිපීන දුපතකින් විස්මිත දම්පැහැ කකුළු විශේෂ හතරක් අලූතෙන් ම සොයා ගෙන තියෙනවා. මේ කකුළු වර්ග පිලිපීනයට අයත් පලවාන් දූපතට ම ආවේණික වූවන්. විවිධ කැණීම් ව්‍යාපෘති නිසා දැන් ඔවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී තියෙනවා.

    1.jpg


    වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින එක් දම්පැහැ කකුළු වර්ගයක්.

    2.jpg


    මේ කකුළු වර්ගය පලවාන් දූපතට ම විතරක් ආවේණික වූ කකුළු විශේෂයක්.

    සුන්ඩයික් හා පිලිපීන කලාප අතර තමයි, පලවාන් පිහිටා තියෙන්නෙ. මේ පලවාන් යා කරන්නේ ලෝකයේ වඩාමත් වැදගත් ජෛව විවිධත්වයක් ඇති කොටස් දෙකයි.

    පලවාන්වල ජීවත් වන සත්ව විශේෂ අතරින් සියයට 50ක් ම වඳ වීයාමේ තර්ජනයට ලක් වෙලා. ඒ වගේ ම ඒ සත්ව විශේෂ ඒ දූපතට ම පමණක් අවේණික වූ ඒවායි.


    ”අක්වා පලවාන පර්යේෂණ වැඩ සටහන මගේ මූලිකත්වයෙන් සිදුවන්නක්. අපි මේ පලවාන දූපත ඇතුළේ මිරිදියෙහි ජෛව විවිධත්වය පිළිබඳ ව වසර 10ක් පමණ කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වනවා.”


    ඩෙ‍්‍රස්ඩන්හී (Dresden) සෙන්කෙන්බර්ග් ස්වාභාවික විද්‍යා ඉතිහාස කෞතුකාගාරයෙහි ආචාර්ය හෙන්රික් ෆී‍්‍රටැග් ඔහුගේ නායකත්වයෙන් පලවාන දූපත්වල පවත්වා ගෙන යන පර්යේෂණ කි‍්‍රයාවලිය ගැන කියන්නේ එහෙමයි.


    ”මෙහි දී අපට අවස්ථාව ලැබුණා ඉන්සුලමන් කකුළුවන් සමීපව පරීක්ෂා කරන්න. ඒ කි‍්‍රයාවලියේ දී අපට හැකි වුණා, නව සත්ව විශේෂ හතරක් සොයා ගන්න.”


    මේ දූපත්වල දී හමු වූ රතු මුසු දම්පැහැ ඉන්සුලමන් කකුළු ගණය මේ දූපතට හෝ අවට දූපත් කීපයකට පමණක් ආවේණික සත්ව විශේෂ වෙනවා.


    3.jpg


    මෑත දී සොයා ගත් ඉන්සුලමන් ජොහාන්කි‍්‍රස්ටියානි (Insulamon johannchristiani) නම් විශේෂය ජීවත්වන්නේ පලවාන්හි ම පමණයි.

    මුහුද නිසා මේ සතුන්ට වෙනත් ප‍්‍රදේශවලට යාමට හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් ජීවිතයේ වර්ධනිය අවස්ථා සියල්ල සිදු කරන්නේ මෙහි මිරිදියෙහියි.

    ඔවුන්ගේ නෑදෑයන්ගෙන් වසර දස දහස් ගණනක් තිස්සේ සම්පූර්ණයෙන් ම වෙන් ව ජීවත් වූ ඔවුන් දැන් නව විශේෂ හා සත්ව ගණ බිහි කර ගෙන තියෙනවා.


    ”අපට තහවුරු කරන්නට හැකි වුණා කලින් හඳුනා ගෙන තිබූ එකම ඉන්සුලමන් කකුළු වර්ගය පලවාන් දූපතට උතුරින් පිහිටි කැලමෙයින් දූපත් සමූහයට පමණක් සීමා වී ඇති බව. එසේ ම දැන් හඳුනා ගෙන ඇති අලූත් ම කකුළු විශේෂ ඉන්නේ මේ පලවාන් දූපතේ පමණක් ම බව.” ෆී‍්‍රටැග් වැඩිදුරටත් කියනවා.


    4.JPG


    ඉන්සුලමන් මැග්නම් මෑත දී සොයා ගත් මිරිදිය කකුළු විශේෂය.

    නමුත් මේ සුවිශේෂ වූ ජෛව විවිධත්වයට අද තර්ජන එල්ල වෙලා. මේ ප‍්‍රදේශවල කැණීම් ව්‍යාපෘති ගණනාවක් ම පවත්වා ගෙන යනවා. ඒවායින් මෙහි ජෛව විවිධත්වයට විශාල ලෙස හානි සිදු වෙනවා. ඒවාට දැඩි ජනතා විරෝධයක් පවා එල්ල වෙලා තියෙනවා.

    5.jpg


    මේ පලවාන් දූපතේ දී හමු වූ අලූත් කකුළුවන් සියලූ දෙනා ම ජීවත් වෙන්නේ මිරිදියේයි.

    ”අවදානමට ලක්ව ඇති සත්ව විශේෂවලට හා ශාකවලට ජීවත්වීමට ස්වාභාවික පරිසරයෙන් දැන් ඉතිරිව ඇත්තේ කුඩා ප‍්‍රදේශයක් පමණයි. මෙහි ඉතා සුළු වෙනසක් වුනත් ඒ සතුන් වඳ වී යන්න ඉඩ තියෙනව.” යැයි පැහැදිලි කරන ෆී‍්‍රටැග් තවදුරටත් මෙසේ කියනවා:

    ”මේ කලාපයේ පර්යේෂණ සිදු කිරීම වඩාත් වැදගත් වන්නේ මේ ¥පත්වල ජෛව විවිධත්වය ඒවාට ම ආවේණික සුවිශේෂ ඒවා වන නිසයි. ඒ නිසාමයි අප මීළඟ පියවර වශයෙන් පලවාන්හී මිරිදිය ඉස්සන් තෝරා ලෙන ඇත්තේ.”


    ඔවුන්ගේ මේ අධ්‍යයනය රැෆල්ස් බුලටින් ඔෆ් සූලොජි නම් සත්ව විද්‍යා පර්යේෂණ සඟරාවෙහි අලූත්ම කලාපයේ පළ වුණා.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කොහොමත් පිලිපීනෙ ඉන්නෙ ඔයවගේ පාට පාට විගඩන් උන් තමා බන්....:P:P:P
    කෙල්ලො දාන කෝලන් බලල කක්කුට්ටොත් make up දාන්න පටන් අරන් වෙන්නැති බං....:rofl:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7



    දැනුවත් කරාට තුති..


    මරු මචෝ




    කොහොමත් පිලිපීනෙ ඉන්නෙ ඔයවගේ පාට පාට විගඩන් උන් තමා බන්....:P:P:P
    කෙල්ලො දාන කෝලන් බලල කක්කුට්ටොත් make up දාන්න පටන් අරන් වෙන්නැති බං....:rofl:


    අංගුලිමාල;17840367 said:
    mama ehe Taal volcano eka balanna giya welawe dakka kakuluwo warga keepayak


    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලටයි ඇන්ඩ් බම්ප් වලටයි :yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    pattane ban...tfs :)

    අමුතු ලස්සනක් තියෙනවා:P tfs



    මං හිතන්නෙ ඔය වර්ගෙ කකුළුවො ආහාරයට ගන්න බෑ.

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලටයි ඇන්ඩ් බම්ප් වලටයි :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාරයි නේ මෙච්චර විස්තරයක් දැනන් හිටියේ නෑ ඩෝ කකුලුවෝ ගැන :nerd: