කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැර

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැර

    copyright: w3lanka by Ajith Parakum
    අන්තර්ජාලයේ හා සමාජ ජාල වෙබ් අඩවිවල කට කතා නිර්මාන මේ වන විට අතිශය විනාශකාරී තත්වයකට පත්ව තිබේ.

    එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන බව පෙනෙන වෙබ් අඩවි කීපයක් කලක සිට ම ආණ්ඩුවට හා විපක්ෂයේ තම සතුරන්ට එරෙහිව ප්‍රබන්ධ ලිවීම ජීවනෝපාය කරගෙන තිබිණි. මෑතක සිට හතු පිපෙන්නා සේ මෙවැනි ඕපාදූපකාරයන් බිහි වී තිබේ.

    ඔවුන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ තොරතුරු මූලාශ්‍රවල හිඟයයි. එහෙත්, ඔවුන්ට හොඳ පරිකල්පනයක් තිබේ. ඇසින් දුටුවා සේ අල්ලේ පැලවෙන බොරු ලියන්නට ඔවුහු සමත් ය.

    ඔවුන්ගේ ප්‍රවෘත්තිවල මූලාශ්‍රය ඔවුන්ගේ ම මනෝරාජික අපේක්ෂා ය. මේ වැඩි දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග බද්ධ වෛරයකින් පෙළෙති. එහෙයින් අතට හසු වන ඕනෑම දෙයකින් ඔහුට පහර දෙති.

    ඔවුන්ගේ මනෝ ලෝකය පොළවේ නැත. එහෙත්, ඔවුන්ට රැවටෙන ඇතැමෙක් ඒ ලෝකය භෞතික ලෝකය තුළ සොයන්නට දත කති. නැති තැන අපේක්ෂා භංගත්වයට පත් වෙති.

    විපක්ෂ පොදු අපේක්ෂකයා ඉදිරියේ තිබෙන ලොකු ම අභියෝගයක් වන්නේ මේ ඕපාදූප නිර්මානකරුවෝ ය. ඔවුන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධ යථාර්ථය බවට පත් වන තෙක් බලා සිටින එජාප පාක්ෂිකයෝ එසේ නො වූ කල පහසුවෙන් ඉච්ඡා භංගත්වයට පත් වෙති.

    මහින්දගේ ආශ්චර්යයන්ට ගැලපෙන දේශපාලන විජ්ජා පෙන්වන පොදු අපේක්ෂකයකු පිළිබඳ නිර්මානය කරන ලද අපේක්ෂා මේ වන විටත් බිඳ වැටී තිබේ. අහවල්ලු එති, අයවැය පරදියි, පළාත් සභා බලය අල්ලයි, පාර්ලිමේන්තුවත් හොල්ලයි ආදී වශයෙන් කියවෙන කටකතාවලින් ජනතාව නො මග යැවීම අතිශය භයානක ය.

    මේ ඕපාදූපකාරයන්ට මුදල් සපයන එජාපය එයින් තමන්ට වන හානිය ගැන දැන්වත් සිතිය යුතු ය.

    මාධ්‍ය දේශපාලනය කියන්නේ ඕපාදූප නිර්මානය නොවේ. ජනතාව තුළ අදහස් ගොඩනැගීමයි.

    විපක්ෂ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ ප්‍රගතිශීලී අදහස් ගොඩනැංවීමකි.

    ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, දූෂණයට එරෙහි අරගලය, යහපාලනය, සංහිඳියාව, නිදහස, සංවර්ධනය වැනි මාතෘකා ජනතාව අතරට ගෙන යා යුතු ය.

    ආණ්ඩුව මඩ දේශපාලනය ආරම්භ කර තිබේ. විපක්ෂය එයින් මිදිය යුතු ය. මෛත්‍රීපාල සිරිසේන මහනායක හිමිවරුන් හමු වීමෙන් පසු කළ ප්‍රකාශය තුළ වැදගත් කරුණක් තිබිණි. මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව, විනයගරුකව, හික්මීමකින් යුක්තව, ශීලාචාරව, කිසිවකුට අගෞරව නො කර, චරිත ඝාතනවලින් තොරව පවත්වාගෙන යන බව ඔහු නිවේදනය කළේ ය.

    විපක්ෂ පොදු අපේක්ෂකයකු ගොඩනැගීමට අප උත්සාහ කළ යුතු ය. ඔහු හැකි තරම් දුරට රාජපක්ෂ ක්‍රමයට විකල්පයක් බවට පත් කළ යුතු ය.

    මාධ්‍ය විසින් ජනාධිපතිවරණ සටන යොමු කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂ ක්‍රමයෙන් ඉවතට මිස තව දුරටත් එය තුළට නො වේ.

    2010 ජනාධිපතිවරණ සටනින් පාඩම් උගත යුතු ය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    තෝ මා තරවා මම් මුලු ලෝ තරවමි -බුත්සරණ

    copyright: rathurajarata blogspot
    මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වශයෙන් කරළියට පැමිණීම, දේශපාලනික සංචලනයන් පිළිබඳව වැඩිමනත් අවබෝධයක් නොතිබූ පක්ෂ,විපක්ෂ සියල්ලන් කම්පනයට පත් කළේය. මෛති තදබල දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි පූර්ව සැක සංකා ඇති කරගෙන සිටි රාජපක්ෂ රෙජීමය පවා මෛත්‍රීගේ නික්ම යාමෙන් දරුණු දෙදරීමකට ලක්ව සිටිනු බැව් පෙනෙයි.

    ඒ නිසාම මෛත්‍රී යනු ශී ලංකා නිදහස් පක්ෂය නොවන බව කියාපෑම සඳහා මෙන්න නියම ශී ලංකා බඬු යැයි ලේබල් කර පෙන්විය හැකි වර්ගයේ ඇමතිවරුන් කිහිපදෙනෙක් යොදා ගෙන අසාර්ථක පුවතපත් සාකච්ජාවක් ද පවත්වනු ලැබීය. සුසිල්ගේ ,අනුරගේ, ඩලස්ගේ සහ නිමල් සිරිපාලගේ මුහුණු වල හැගීම් විරහිත ස්වභාවය මොනවට කැපී පෙනුණේය.

    ජනාධිපතිවරයා මෛත්‍රී ගේ දේශපාලනික තීන්දුව ගණන් නොගන්නා තරමේ එකක් නම් ඔහු කළ යුතුව තිබුණේ තම දේශපාලනික පරිණතභාවය ප්‍රදර්ශනය කරමින් නිහඩව ඉදිරි දේශපාලනික කටයුතුවල යෙදීමයි . නමුත් ඒ වෙනුවට සිදුවූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රවේණිගත පිටිසර චණ්ඬි ස්වභාවය සහ පන්න පන්නා පළිගැනීමේ වියරුව ප්‍රදර්ශනය කරමින් පැය කිහිපයක් ගතව යන්නට මත්තෙන් මෛත්‍රීගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඇමතිධූරයන් සහ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර දැමීමයි . ඇමතිධූර කෙසේ වෙතත් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම ........? මේ මොකක් වුව කළ යුතුව තිබුණේ හෙමින් සීරුවේය.නොඑසේ නම් බොක්සිං වළල්ලක පහරට පහර න්‍යායෙන් නොවේ.නමුත් කටයුතු සිදුවූයේ එලෙසිනි.
    දැන් රාජපක්ෂවරුන් භීතියට හා සංශයට පත්ව සිටින්නේඉදිරි ජනාධිපතිවරණයේ දී අව්‍යාජ නිදහස් පාක්ෂීකයන්ගේ තීරණය කුමක් වනු ඇතිද යන සිතුවිල්ල නිසාවෙනි. මක්නිසාද යත් ,මෛත්‍රීපාල සිරිසේනත් ශී ලංකා නිදහස් පක්ෂයත් යනු එකිනෙකින් වෙන් කළ නොහැකි අවියෝජනීය ප්‍රපංචයක් දෙකක් වීම නිසාය. විශේෂයෙන්ම මෛත්‍රී සෑම අවස්ථාවකම පක්ෂය කෙරෙහි තම තදන්තර බැදීම ප්‍රකට කළ අයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්තීන්ද පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග ගැටගැසී තිබුණේය. නමුත් මහින්ද රාජපක්ෂ ට තම පක්ෂය සමග එවැනි ගනුදෙනුවක් කිසිදාක තිබුණාද යන්න ගැටළුවකි.තිබුණා නම් ශී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සමග අහසට පොළව තරම් පරස්පර සම්බන්ධතාවයන් තිබූ යූ.ඇන්.පී කාරයන් ගොන්නක් කැබිනෙට්ටුවට රිංගවාගන්නේ නැත. හොඳම උදාහරණය නම් ශී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය දීප්තියෙන් බබළවන්නට සිටි පහන් තාරකාවක් වූ නාලන්ද එල්ලාවල ඝාතනය කරන ලද සුසන්ත පුංචිනිලමේ හට නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාදෙමින් නොනැවතී තිකුණාමලයේ නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයක්ද ලබාදීමයි . එම්.ඬීකේ.එස් ගුණවර්ධන වැනි උපන් ගෙයි ශීලංකා කාරයින් සත පහකට මායිම් නොකරමින් පුංචිනිලමේ ලා වැද්ද ගැනීම ගැන සැබෑ ශී ලංකා කාරයින්ගේ කළකිරීම ගුණවර්ධනලා මෛත්‍රී සමග එක්ව එළියට බැසීමෙන් ප්‍රකට කළේය.

    ඒ නිසාම මෛත්‍රී ගේ නික්ම යෑම හුදු හුදකලා නික්ම යෑමක් නොව ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්දගේ සහයට පැරණි ලංකා නිදහස් පක්ෂ මතවාදයන් නියෝජනය කරන, වසර ගණනාවක් තිස්සේ යූ.ඇන්.පී මැර දේශපාලනයෙන් හෙම්බත්ව සිටි නමුත් තමනුත් එවැනි මැර දේශපාලනයක යෙදිය යුතු යැයි නොසිතූ අව්‍යාජ නිදහස් පාක්ෂිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැමැත්තද සංකේතාත්මකව හැර යාමකි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙරටේ හැම මාද්යක්ම මහින්දකරණය කරලා බලෙන්ම .විරුද්ද මත වලට ඉඩක් නැහැ .හොදම උදාහරනේ සි අකුරෙන් තියෙන සයිබර් නිවුස් එක .

    අර අල්ජසීරා එකේ ගිය කතාවෙන් මහින්දයව එල්ලන්න යන කතාව පට්ටපල් බොරු .මම ඉන්නේ කටාර්වල .මම ඕක බැලුව .ඔතන මද ඉන්න එකා කොටියෙක් .එකා කිව්වේ යුද අපරාද කතාව පුරුදු විදිහටම .හැබැයි unp එකේ හිටිය හර්ෂ කියන මන්ත්‍රී වරයා කෙලින්ම කිව්වා උගේ කටාවට එකග නැති බවත් යුද්දේ ඉවර කරපු එක ගැන ස්තුති වන්ත වෙනවා කියල .
    මේක මම පැහදිලිවම දැක්ක අහපු දේ .බලපන් අර තුප්පහි සයිට් එකේ දාල තියෙන විදිහ ...

    මේ කරන්නේ මිනිස්සුන්ව රවට්ල ආයෙමත් දිනන්න .තමන් නිවැරදි නම් ඔච්චර බොරු කරකර දිනන්න හදයිද ?
    මේකෙන් නම් මට මේ ආණ්ඩුව තිත්තම වුනා බන් .මුන් අපිව ගොනාට අන්දනවා නියමෙට .
    :no::growl::growl:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි
     
    රට වැඩියෙන්ම කෑවෙ උබ ඔය කඩේ යන හොරා තමයි .3 වතාවටත් ඇරගනින් දීල :lol:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මරුසිරා;17423270 said:
    රට වැඩියෙන්ම කෑවෙ උබ ඔය කඩේ යන හොරා තමයි .3 වතාවටත් ඇරගනින් දීල :lol:
    විපක්ෂයේ වෛරී දේශපාලනය හමුවේ නොසැලෙන
    පොදුජන හිතවාදී අපේ ජනපති
    මහින්ද රාජපක්ෂ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මරුසිරා;17423251 said:
    මෙරටේ හැම මාද්යක්ම මහින්දකරණය කරලා බලෙන්ම .විරුද්ද මත වලට ඉඩක් නැහැ .හොදම උදාහරනේ සි අකුරෙන් තියෙන සයිබර් නිවුස් එක .

    :no::growl::growl:

    Yes lankacnews is run by Wimal. How about lankaenews and other many websites from Mangala? are they too controlled by government?

    How about SIRASA?
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    Yes lankacnews is run by Wimal. How about lankaenews and other many websites from Mangala? are they too controlled by government?

    How about SIRASA?
    විකාශනය ඔවුන්ම නවතා රජයට අපකීර්තියක් කරන්නට
    විපක්ෂයේ දේශපාලන බලයට ගිජුවී සිටින
    කොටි සිරස
    මාධ්‍යසංදර්ශන අපිට එපා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවුන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ තොරතුරු මූලාශ්‍රවල හිඟයයි. එහෙත්, ඔවුන්ට හොඳ පරිකල්පනයක් තිබේ. ඇසින් දුටුවා සේ අල්ලේ පැලවෙන බොරු ලියන්නට ඔවුහු සමත් ය

    :lol::lol:

    මාධ්‍ය දේශපාලනය කියන්නේ ඕපාදූප නිර්මානය නොවේ. ජනතාව තුළ අදහස් ගොඩනැගීමයි.

    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.

    Source - Facebook
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මරුසිරා;17423251 said:
    මෙරටේ හැම මාද්යක්ම මහින්දකරණය කරලා බලෙන්ම .විරුද්ද මත වලට ඉඩක් නැහැ .හොදම උදාහරනේ සි අකුරෙන් තියෙන සයිබර් නිවුස් එක .

    අර අල්ජසීරා එකේ ගිය කතාවෙන් මහින්දයව එල්ලන්න යන කතාව පට්ටපල් බොරු .මම ඉන්නේ කටාර්වල .මම ඕක බැලුව .ඔතන මද ඉන්න එකා කොටියෙක් .එකා කිව්වේ යුද අපරාද කතාව පුරුදු විදිහටම .හැබැයි unp එකේ හිටිය හර්ෂ කියන මන්ත්‍රී වරයා කෙලින්ම කිව්වා උගේ කටාවට එකග නැති බවත් යුද්දේ ඉවර කරපු එක ගැන ස්තුති වන්ත වෙනවා කියල .
    මේක මම පැහදිලිවම දැක්ක අහපු දේ .බලපන් අර තුප්පහි සයිට් එකේ දාල තියෙන විදිහ ...

    මේ කරන්නේ මිනිස්සුන්ව රවට්ල ආයෙමත් දිනන්න .තමන් නිවැරදි නම් ඔච්චර බොරු කරකර දිනන්න හදයිද ?
    මේකෙන් නම් මට මේ ආණ්ඩුව තිත්තම වුනා බන් .මුන් අපිව ගොනාට අන්දනවා නියමෙට .
    :no::growl::growl:

    රූපවාහිනියේ නිව්ස් වලට දුන්නෙත් මචන් හර්ෂ ලංකාවට විරුද්ධව මාමව පාවා දුන්න කියලා..ඉතින් ආයෙත් කුමන කතාද..පාවා දුන්න නම් Audio tape එක දාන්න ඇපැයි එහෙම එකක් උනේ නෑ. ස්කයිප් කෝලින් ඉමේජ් එක දාලා ෂොට් එක දුන්නා.ඔය වගේ වැඩ වලින් වෙන්නේ ඔය වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් මිනිස්සුන්ගෙ ඡන්ද ටිඅත් මාමට නැති වෙනවා.මාමා දැන්වත් ඔළුව කල්පනා කරලා එක්කෝ කැම්පේන් වැඩ ටික මොලයක් තියෙන ඒකෙන් වැඩක් ගන්න පුලුවන් උන්ට භාර දෙන්න ඕන.නැත්තම් වෙන්නේ දවසට එක ගානේ හරි ලැබෙන්න තියෙන ඡන්දෙකුත් අඩු වෙන එක තමා.

    දැන් බලහන් මේ නිල් බලකාය කියල එක කොට්ටක් රතු කරන් ඉන්න එකා දඟලන දැඟලිල්ල දැක්කම මොකෝ වෙන්නේ මේ අවුරුදු ගානම පොයින්ට ඇතිව හෝ නැතිව මාමට කඩේ ගිය Erozan ගේ උත්සාහයක් චොර කරල දානවා.මං හිතන්නේ ඒ වෙනුවෙන් නැඟී සිටින්න ඕනෙත් Erozan මයි.මොකද ඌ අවුරුද්දට ත්‍රෙඩ් 100කට වඩා දාලා ඔප්පුකරන්න හදපු දේ එකෙක් ඇවිත් සතියක් රඟල ගියාම අරුත් නියුක් වෙනවා..

    මාමටත් එච්චරම තමා. කරපු හොඳ දේවල් ටිකත් බලු කරල දාන්නේ වටේ තමන්ගේ ළඟින් ඉන්න අය ඒ වගේ මිනිස්සු අඩුම කාලේ ඡන්දේ ඉවර වෙනකන්වත් පැත්තකට කරල තිබ්බොත් ඒක වාසි සහගත වෙයි. මිනිස්සු කුඩු කාරය කවුද එතනෝල් කාරය කවුද අපාචාර කාරය කවුද කක්කුස්සි කටා කවුද චේන් කඩපු එකා කියල දන්නවා.
     
    උබ අකමැති උනාට එකට කැමති පිරෙඉසකුත් ඉන්නව. උබ හදන්නේ මහින්ද හොද මිනිහෙක් කරලා තියගන්නද?? නැත්තම් විකල්පය?
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    lankacnews

    මුන් පොදුවෙ හිටියෙ. දැන් රෙදි නැතුව කඩේ යනව.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    :lol: :lol: :lol: