කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    දන්න දන්න රෙසිපි දාන්නම් මචං.........හැබැයි ටිකක් කල් යයි...මොකද මම හදලා ෆොටෝ අරං තමයි දාන්නේ.....කරන්න වෙලාවක් නැහැ මගේ වෘත්තිය නිසා....ඉඩ ලද සැනින් අළුත් ත්‍රෙඩ් දානවා........!!!!:yes::yes:

    Ahh .. Ela :)
     

    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    මෙන්න ටිකක් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්.....රෑ කෑමක් විදියට නම් ඉතාමත් සුදුසුයි.....!!!!

    පැස්ටා සමග චීස් (Pasta & Cheese)

    අවශ්‍ය කරන දේ......(දෙදෙනෙකුට සෑහෙන ප්‍රමාණයක් සදහා)

    ing1.jpg

    ing2o.jpg

    1. පැස්ටා 150g
    2. චීස් 100g (සිහින් ව කපා ගන්න)
    3. මාගරින් 50g
    4. තිරිගු පිටි තේ හැදි 1ක්
    5.-6. රස අනුව ලුණු සහ ගම්මිරිස්
    7. හතරුස් ව කැපූ කැරට් 30g
    8. තරමක කෑලි වලට කැපූ ළූණු කොළ 30g
    9. තරමක කෑලි වලට කැපූ ළූණු 20g
    10. බඩ ඉරිගු පිටි තේ හැදි 1ක්
    11. ඔයිස්ටර් සෝස් තේ හැදි 1ක්
    12. ටෙරියාකි සෝස් තේ හැදි 1ක්
    13. පාස්ලි කොළ 10g(සිහින් ව කපා ගන්න)
    14. රම්පෙ 1cm පමණ(සිහින් ව කපා ගන්න)
    15. කරපිංචා ඉත්තක් (සිහින් ව කපා ගන්න)
    16. කොත්තමල්ලි කොල 5g පමණ(සිහින් ව කපා ගන්න)
    17-18 සැල්දිරි සහ සේර කුඩා පුමාණ වලින් (සිහින් ව කපා ගන්න)
    19. සුදුළූණු බික් 2ක් පමණ
    20. වඩා රත් පැහැති රතු ළූණු ගෙඩියක්.

    සාදන ක්‍රමය

    පැස්ටා තම්බා ගන්න. තම්බන වතුරට මාගරින් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එක් කරන්න. විනාඩි 10කට වඩා තැම්බීමෙන් වළකින්න.

    prep1.jpg

    තරමක කෑලි වලට කැපූ ළූණු,පාස්ලි කොළ 8g පමණ,රම්පෙ 0.5cm පමණ,කරපිංචා,කොත්තමල්ලි කොල 3g පමණ,සැල්දිරි සහ සේර,සුදුළූණු යන මේවා මාගරීන් ස්වල්පයක් ලිපතබා හොදින් බැදගන්න. (රූපයේ A)
    මෙයට ම චීස් එකතු කරන්න.(රූපයේ B) බැදුණු පසුව ජලය ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක දමා හොදින් ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.(රූපයේ C සහD)

    prep2.jpg

    ඉතිරි පාස්ලි, රම්පෙ, කරපිංචා, කොත්තමල්ලි කොළ, සැල්දිරි යන මේවා මාගරීන් ලිප තබා යන්තම් බැද ගන්න. (රූපයේ E)මෙයට ම ගම්මිරිස්, ලුනු,කැරට්, ළූනු කොල සහ රතු ළූණු එක්කරන්න. (රූපයේ F) මෙම කොටස බදුනේ පසෙකට කර තෙල් ටික බේරා වෙන් කරගෙන එයට පිටි තේ හැන්ද එක් කර බැදෙන්නට හරින්න.(රූපයේ G) මෙයට ම ජලය මදින් මද එක් කර ගන්න(රූපයේ H)

    prep3.jpg

    මෙම මිශුණයට ගසා ගත් චීස් මිශ්‍රණය එක් කරන්න.(රූපයේ I) මෙය හොදින් බුබුළු දමන තරමට තැම්බුණු පසුව එයට ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් සහ ජලය මදක් දිය කර ගත් කෝන් ෆ්ලාර් එකතු කරන්න.(රූපයේ J) මිශ්‍රණය මදක් ගනකම් (රූපයේ K)වන විට තම්බා ජලය ඉවත් කොට ගත් පැස්ටා එක් කරන්න.(රූපයේ L)

    පිලියෙල කර ගත් Pasta & Cheese මෙලෙස දිස්වේ........

    lastc.jpg


    මෙලෙස පිළිගන්වන්න........

    servey.jpg


    දැනට බම්ප් කරලා යන්න....හදලා බලලා රස ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න.....!!!!

    අනිත් කෑම සෑදිමේ ත්‍රෙඩ්ස් මේවා.....
    කටට රහට උයමු........සුප් -EK cookery class (1)
    කටට රහට උයමු.....මාළුපාන් -EK cookery class (3)


    ela machn digatama dapan
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kalama rep+ dennam
    :yes::yes:
    ela machn digatama dapan
    :yes::yes:
    එල මචන්
    :)
    patta patta... digatama karamu machan...:yes::yes::yes: this is good work... :yes::yes::yes:
    :):)

    මේ ත්‍රෙඩ් දාන එකේ මගේ අරමුණ මේකයි.......ඔබ මේව හදන්න...හදල පවුලේ අයට භුක්ති විදින්න දෙන්න...එය ඔබේ පවුලේ ආදරය,සහයෝගය සහ ළබැදියාව වර්ධන වීමට උපකාරී වෙයි........!!!!!:yes::):yes::):yes::);)
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ගොඩාක් වටිනව සහෝ
    එක පැත්තකින් ඔයා මෙ කරන්නෙ ලොකු සේවයක්
    හොදට තෙරෙන විඩියට ඔන පොඩි එකෙක්ට හදාගන්න පුලුවන් විහියට පැහැදීලි කරල තියෙනව
    ඇත්තට ගොඩාක් වටිනව
    බොහොම ස්තූතී අපිත් එක්ක බෙදා ගත්තට:yes::yes:

    එක නෙමෙයි එදා පොඩි එක්කෙනාට ඔයා හදල දුන්න නේද මෙව:):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩාක් වටිනව සහෝ
    එක පැත්තකින් ඔයා මෙ කරන්නෙ ලොකු සේවයක්
    හොදට තෙරෙන විඩියට ඔන පොඩි එකෙක්ට හදාගන්න පුලුවන් විහියට පැහැදීලි කරල තියෙනව
    ඇත්තට ගොඩාක් වටිනව
    බොහොම ස්තූතී අපිත් එක්ක බෙදා ගත්තට:yes::yes:
    එක නෙමෙයි එදා පොඩි එක්කෙනාට ඔයා හදල දුන්න නේද මෙව:):)
    :yes::yes::yes::yes::yes::yes::yes::love:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    elakiri machan maxxa...ada poddak weda thibba hinda balanna tikak late una :sorry: thanx honde :D
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Macho thanks, niyama thread eka, uba apita godak cookery class karanawa..... Rep denna ba macho, denna puluwan unu gaman denawa loweth nathi wenna....... Thanks again!!!
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    අනේ උබට පින් බන්.............ක්ල්ස් ගියත් උබේ අවන්ක තියරිය ගන්න බැ.......තැන්ක්ස් වෙවා.....දිගටම දාන්න..මම උබෙ රිසිපි දෙකක්ම් හැදුවා එල