කට්ටියගෙ කමෙන්ට් බලන්නකො

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මල් ගහක් පැල කරහම, ගහක් හැදිලා, මල් එනවා.
    මෙන්න මේ මල මේ තැන එනවා කියන්න බැහැ, හැබැයි මල් එනවා.
    හැබැයි ඕක අදාල නැහැ නිවන් දකින්න, කර්ම භූමියෙන් මිදෙන්න බලන්න ඕනේ, නැතුව ඒකෙ පල් වෙන්න නෙමෙයි.

    ලෞකික ධ්‍යාන ලැබුවා කියලා සුගතිගාමී වෙන්නැහැ, මැරෙන වෙලාවේ අදාල ධ්‍යානයට සමවැදිලා හිටියොත් විතරයි අදාල සුගතියක උපදින්නේ, ඒ නැතත් ධ්‍යානයක් "සමාපත්තියක්" දක්වා වර්ධනය කර ගන්න ගොඩක් අමාරුයි සහ ගොඩ කාලයක් නැවත් නැවත පුහුනු වෙන්න ඕනේ.

    භෞතික, අභෞතික, ඇති, නැති, ආත්ම, අනාත්ම.. වචන ඔක්කොම මිත්යා දෘස්ටිය තුලම තමයි. නිවන් දකින්න පුලුවන්, ඒත් වචන කියවලා තේරුම් අරන්, තේරුම් ගන්න නිවන තියෙන්නෙත් මිත්යා දෘස්ටික භූමියෙම තමයි.