මං 650VA Prolink UPS (Pro701) එක ගත්තෙ 2021/11/01
අවුරුදු එකාමාරකින් විතර ඒකට ආපු Prolink බැටරියෙ චාජ් එක හිටින්නෙ නැතුව ගියා
sense එකෙන් අලුත් බැටරියක් ගත්ත නෝමල් එකක් 4500කට. ගිය අවුරුද්දෙ 07/05
මාස 11 තිස්සෙ තාම හොදට වැඩ
හැබැයි මෙහෙම වැඩක් වුණා Sense එකෙන් ගත්ත බැටරිය මාස 6 ක් විතර ගියාට පස්සෙ චාජ් එක හිටින්නෙම නැතුව ගියා. මම UPS එක ගලෝල බැලුව. බැටරි ටර්මිනල් එකක සුදු පාටට හුණු වගේ බැදිල තිබුණ. ඒක සුද්ද කරල ආයෙ හයි කළාමට මෙන්න බොලේ චාජ් එක හොදට හිටිනව දැං. ඒ කියන්නෙ කරන්ට් එක පාස් වෙලා නෑ බැටරියට.
Prolink UPS එකට දැං අවුරුදු 2 මාරක් විතර වෙනව
අවුලක් නැතුව සර්කිට් එක 100%ක් වැඩ