කට්ටිය මේ හැට්ටය දැකල තියෙනවද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කට්ටිය මේ හැට්ටය දැකල තියෙනවද?

    මේක තවත් "අසහන" නුලක් නෙවි.:lol::lol:

    z_p26-Our5.jpg


    කොලබ museum එකට ගිහාම මේක දැකල ඇතිනේ? එකේ ලේ පැල්ලම් දැක්කද ? මට මතකයි එකක් හරි දෙකක් හරි තිබ්බ ලා දුබුරු පාටට. අපේ තාත්ත තමයි පෙන්නුවේ.

    මේ දිවයින ලිපිය කියෙව්වහම මේක මතක් උන. දුක හිතෙනවා අපි කරගත්තු මෝඩකම් ගැන



    http://www.divaina.com/2015/04/22/badada03.html

    සිංහලේ අන්තිම රජු අල්ලාගත් හැටි.... ඇසින් දුටු සාක්‍ෂිය....

    "රජුගේ කඩුව ඉල්ලා සිටිය ද එය නොලැබුන අතර මොහොට්‌ටාලගේ කීමට රැස්‌ව සිටි පිරිස විසින් අසල වූ වන්ගෙඩියක්‌ ගෙන ඉන් ගෙයි දොරට ගසා දොර කඩා බිඳ දමන ලදී. ඉන් පසුව සබරගමුවේ මිනිසුන් ගෙට වැදී එහි සිටියවුන් සමඟ කළහ කර අවසානයේදී රජුගේ දේවින් වහන්සේලා දෙදෙනා ගෙයින් පිටත දමා ඇත්තේ ඔවුන්ගේ රන් අබරණ හා වස්‌ත්‍රාදියද කොල්ලා කෑමෙන් පසුවය. ලේ පෙරාගෙන මෙම දේවින් වහන්සේලා බියපත් වී ඒ මේ අත වැටෙමින් සිටියදී දියෙස්‌ගේ කරේ එල්ලී ඇත.

    "විනාඩි ස්‌වල්පයක්‌ ඇතුළතදීs මගේ රෙදි බොහෝ සේම ලේ පෙවී තිබෙනවා දැක බැලූ විට බිසවුන් වහන්සේලාගේ කුණ්‌ඩලාභරණ කඩාගනිද්දී කන් ඉරා දමා තිබුණාය. ඒ තැන්වලින් ගිය ලේ වලින් මගේ ඇඳුම් තෙමුණාය. ඒ කෝලාහලය ඇතුළතදීම ඉඹුලන්වල ආරච්චිරාළ ලවා බෙහෙත් කොල වර්ගයක්‌ ගෙන්වා පොඩිකොට තබා ලේ සිටෙව්වෙමි..."


    මෙන්න මේ වෙලාවේ, කුණ්‌ඩලාභරණ කඩාගනිද්දී කන් ඉරා දම්මදී වැටිච්ච ලේ පල්ලම් කිහිපයක් බිසවුන් වහන්සේලාගේ හැට්ටය මතට පතිත උන. මේ හැට්ටය තමයි කොලබ museum එකේ තියෙන්නේ. මේක තවමත් ප්‍රදර්ශනයේ තියෙනවද කියල සැකයි. මොකද කාලයක් මේක සංරක්ෂණය කරන්න කියල අයින් කරලා තිබ්බ
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේ රටේ ඉතිහාසය ගෙන කියන්න එපා. ජතිවදේ අවිස්සෙන්ව ඕව කෙවම
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මට මතකයි දැනට අවුරුදු 3 කට විතර කලින් මම ගියපු වෙලේ දැක්ක. ඔය විස්තරේ එතන දාල තිබුනා. ඒ වෙලාවෙ කොහොම තත්තවයක් තියෙන්න ඇද්ද කියල හිතෙනව බන් පොඩි අවුල් ගතියක් හිතෙනව සුද්දො එක්ක එකතු වෙලා අපේ එවුන්ට එහෙම ගහනකොට .
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු:no::sorry::shocked:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගොඩාක් වටිනා ලිපියක්..
    රෙප් ++
    පොඩි කාලේ අම්මා එක්ක ගියාට පස්සේ ගිහින් නෑ museum එකට..මට දැන් වගේ මතකයි අම්මා ඕක පෙන්නලා ඒ තියෙන්නේ ආභරණ කඩාගනිද්දි ගිය ලේ පැල්ලම් කියලා කියනවා..ඒ කාලේ මෙලෝ තේරුමක් නෑ ඕවා ගැන..
    :)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    mokakda macahn uba ahanne? oka dakka da kiyalada?

    නැහැ. මම නිකම් කට්ටිය මේ ගැන දන්නවද කියල බැලුවේ.


    thanks machan...


    මේ රටේ ඉතිහාසය ගෙන කියන්න එපා. ජතිවදේ අවිස්සෙන්ව ඕව කෙවම
    :cool:;)

    රඹා;18235074 said:
    මට මතකයි දැනට අවුරුදු 3 කට විතර කලින් මම ගියපු වෙලේ දැක්ක. ඔය විස්තරේ එතන දාල තිබුනා. ඒ වෙලාවෙ කොහොම තත්තවයක් තියෙන්න ඇද්ද කියල හිතෙනව බන් පොඩි අවුල් ගතියක් හිතෙනව සුද්දො එක්ක එකතු වෙලා අපේ එවුන්ට එහෙම ගහනකොට .
    එකනේ. අපේ අවාසනාව. රාජසිංහගේ නෑදෑයන් ටිකක් මැතකදී ඉන්දියාවෙන් අව. ඒ ගොල්ලෝ රජ්ජුරුවෝ අල්ලපු තැන බලන්න ගිය. බයෙන්ලු අවේ. මිනිස්සු අල්ලන් ගහයි කියල.

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු:no::sorry::shocked:

    එක නම් ඇත්ත. රජකාලේ අදයි කියල වෙනසක් නැහැ

    ගොඩාක් වටිනා ලිපියක්..
    රෙප් ++
    පොඩි කාලේ අම්මා එක්ක ගියාට පස්සේ ගිහින් නෑ museum එකට..මට දැන් වගේ මතකයි අම්මා ඕක පෙන්නලා ඒ තියෙන්නේ ආභරණ කඩාගනිද්දි ගිය ලේ පැල්ලම් කියලා කියනවා..ඒ කාලේ මෙලෝ තේරුමක් නෑ ඕවා ගැන..
    :)

    මමත් පොඩි කලේ දැක්කේ. දෙවනිපාර යනකොට තිබ්බේ නැහැ.


    thanks everyone
    A dark shameful day in our history
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ රටේ ඉතිහාසය ගෙන කියන්න එපා. ජතිවදේ අවිස්සෙන්ව ඕව කෙවම
    ඔව් ඔව් මේ දවස් වල කතා කරන්න ඕන ලංකාවෙ මුස්ලිම් උරුමය අයිති වාසිකම් වගේ දේවල්