කට්ටිය රටින් පනිනවා....

  • Dec 18, 2013
    535
    98
    28
    කට්ටිය රටින් පනිනවා....

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පවුල පිටින් රටින් පිටවෙයි

    IP-Nishantha-Silva-and-SSP-Shani-Abeysekera.jpg


    මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විදෙස් ගත වී ඇති බවට වාර්තා වෙයි.

    අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද දහවල් 12.50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ.0065 දරණ ගුවන් යානයෙන් නිශාන්ත සිල්වා මහතා සිය පවුලේ සාමාජිකයින් ද සමඟ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බවයි.


    අද දෙරණ....
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මොනවද බන් මේ මතබේදාත්මක ඒවා ?


    පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අවසරයකින් තොරව රට ගිහින්
    (ඉන්දිකා රාමනායක සහ ටී කේ ජී කපිල )

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි මිනිමැරුම් හා සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) පස්වරුවේ බිරිද හා දරු තිදෙනා සමග හොර රහසේ ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    දහවල් 12.50 ට ඩබ්ලිව් කේ 0065 නැමැති යානයෙන් ඒ මහතා ඇතුලු පවුලේ පිරිස දිවයිනෙන් පිටව ගොස් ඇති බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යටතේ වසර කිහිපයක්ම සේවය කර ඇති අතර , තරුණයින් 11 දෙනා අතුරු කිරීමේ නඩුව, ලසන්ත වික්‍රමතුංග නඩුව, සේයා සදෙව්මි ඝාතන නඩුව, ඩී ඒ රාජපක්ෂ සොහොන් කොත් සම්බන්ධ නඩුව, යාපනයේ විද්‍යා දැරිය ඝාතන නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය , ඔහු විසින් මෙහෙයවු ප්‍රධාන නඩු අතරින් කිහිපයකි.

    2018 නොවැම්බර් 18 මස නිශාන්ත මහතාට මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබා දී තිබු අතර පොලිස් කොමිසමේ මැදිහත් වීමෙන් එම ස්ථාන මාරුවීම අවලංගු කර තිබුණි.

    මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ පොලීසියේ අවසරයකින් තොරව නිශාන්ත ද සිල්වා මහතා රටින් පිටව ගොස් ඇති බවයි.
     
  • Dec 18, 2013
    535
    98
    28
    මොනවද බන් මේ මතබේදාත්මක ඒවා ?

    Navy D K P දසනායක කේස් එක.... Army intelligence එකේ අය බොරු චෝදනා දාල ඇතුලට දාපු ඒවා... ගෝඨා නියෝග දුන්නා කියල බොරු කිව්වොත් නිදහස් කරනවා කියලා බොරු සාක්කි හදන්න හදපු ඒවා... මේ ඔක්කොම ශානි කරේ මූත් එක්ක..... මූට තියෙන චෝදනා උසාවියේ ගොනු කරන්න කලින් මූ පැන්නා .... :(
     
  • Dec 18, 2013
    535
    98
    28
    අපිත් පැන්නා 17 පාන්දරම ඇමරිකාවට:P

    එදා කිව්වේ UK කියල නේද?.... UNP උඹල මිනිස්සු රවට්ටන්න තව තවත් බොරු කියල තව තවත් වල පල්ලටම යනවා....

    දැන් වත් මිනිස්සු රවට්ටන්න එපා..... UNP එකමයි කිච වෙන්නේ......
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ටීඅයිඩී ප්‍රධානී නාලක සිල්වා මෙන් අත් අඩංගුවට ගෙන සිර කිරීමට පෙර සීඅයිඩී ස්ථානාධිපති නිශාන්ත සිල්වා රටින් පලා යයි..!

    (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.24, ප.ව.6.25) ආගම්වාදයෙන් ජාතිවාදයෙන් උම්මත්තකභාවයට පත් කර හිරිවට්ටන ලද ජනතාවක් විසින් අධිකරණය ඉදිරියේ අපරාධ චෝදනා විභාග වෙමින් තිබූ ඇමරිකානු පුරවැසියෙකු රටේ විධායක ජනාධිපති ධූරයට පත් කිරීමෙන් දින 3 කට පසු, රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කරමින් ස්වාධීනව පරීක්ෂණ මෙහෙයැවූ පොලිසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීම ආරම්භ කරනවාත් සමග පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සිය දරු පවුලත් සමග ආරක්ෂාව පතා විදෙස් රටකට පලා ගොස් තිබේ.

    ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියාව සිටි නාලක සිල්වා සහරාන් අත් අඩංගුවට ගැනීමට පෙර සහරාන්ලාට වැටුප් ගෙවූ අය විසින්ම ව්‍යාජ චෝදනා නගා නාලක සිල්වා අත් අඩංගුවට ගෙන හිරේ දමා සහරාන්ලාට බෝම්බ පුපුරුවා ගැනීමට අවස්ථාව සලසා දුන් ආකාරයටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා ද අත් අඩංගුවට ගෙන සිරකර තැබීමේ භයානක කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමග නිශාන්ත සිල්වා ආරක්ෂාව පතා රටින් පළා යාමට තීරණය කර ඇත.

    ඔහුගේ දියණියක ලබන දෙසැම්බර් 2 දා අපොස සාපෙල විභාගයට මුහුණ දීමට නියමිතව සිටියදී පවා ඒ ගැන නොතකා දරු පවුලේ ජීවිතාරක්ෂාව පතා නිශාන්ත සිල්වාට මෙම තීරණය ගැනීමට සිදුව තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙ.නි.පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාම යෑමට තව ඇත්තේ මාස 4 ක් පමණක් නමුත් ඔහුද කලින් ඉල්ලා විශ්‍රාම ගොස් විදෙස් රටක පුද්ගලික අංශයේ රැකියාවක් කිරීමට නියමිත බවද නිල නොවන ආරංචි මාර්ග පවසයි.

    රාජපක්ෂලා ජයගැනීමට පෙර රාජපක්ෂලාගේ ගෝල බාලයන් ප්‍රසිද්ධියේ කියා සිටියේ ඔවුන් බලයට පැමිණි පසු අපරාධ පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරණ බවයි. ගෝඨාභය පත් කළ අලුත් ආරක්ෂක ලේකම් වරයාද එවැනිම කතා කී අයෙකි. ඔහු වියත් මග රැස්වීමක දී ප්‍රසිද්ධියේ කීවේ 19 වෙනි සංශෝධනයට සහාය දුන් සෑම අයෙක්ම දේශද්‍රෝහීන් බවත් ඔවුන්ට ගෞරවනීය මරණයක් හිමි නොවිය යුතු බවත් 88-89 කාලයේදී මෙන් දණහිසෙන් පහළට එල්ලාගෙන මිනිය ගෙන යෑමට සැලැස්විය යුතු බවයි.

    නීති ගරුක විනය ගරුක රටක් හැදීම ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ නමුත් ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා, නිශාන්ත සිල්වලා වැනි දශක ගණනාවක් පුරා කීර්තිමත් සේවයක් කළ අවංක පොලිස් නිලධාරීන් ගෙන් පළිගන්නේ නම් හදන්න යන නීති ගරුක රට ගැන සිතාගත හැකිය.

    ---------------------------
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ටීඅයිඩී ප්‍රධානී නාලක සිල්වා මෙන් අත් අඩංගුවට ගෙන සිර කිරීමට පෙර සීඅයිඩී ස්ථානාධිපති නිශාන්ත සිල්වා රටින් පලා යයි..!

    ගෝටගෙ සිටිසන්ශිප් එක ගැන බොරු නිවුස් දාපු ඊනිවුස් නේහ් ඔය?

    https://web.archive.org/web/20191115105158/http://www.lankaenews.com/news/9994/si