අනේ බං. බොරුවක් උනත් පිලිගන්න පුළුවන් විදියට කියපන්. එකපාරටම පිටින් ආපු මිනිස්සු ටිකක් කියපු පලියට පොලීසියට ගහන්න තරම් කලාපෙ ඉන්නෙ හරක් ද ?? එතන පොලීසියට ගහපු සේරම එවුන් ජෙප්පො ද ?? එතකොට ඔය පණත ඔය කියන තරමට සුපිරි නම් මේ වගේ මේකට විරුද්ධ වෙන්නෙ මිනිස්සුන්ට පිස්සුවට ද ? ආණ්ඩුව පොලිස්පති පිටින් දාලා ලැජ්ජ නැතුව අතපිහිද ගන්න යන්නෙ. විළි ලැජ්ජයි යකෝ![]()
මචන් ඔය පනත වෙළඳ කලාපේ අයට නැහැ කියලා තියෙද්දිනෙ ජෙප්පෝ අහිංසක සේවකයෝ උසි ගැන්නුවේ. අනිත් එක පනත ගෙනාවේ දීර්ග කාලීනව අනාගතේ ගැන හිතලා. එක ගැන ජනතාව නිසි ලෙස දැනුවත් කරන එකේ පොඩි අඩු පාඩුවක් ආණ්ඩුව පැත්තේ තිබ්බා. එකෙන් වාසි ගත්ත ජනතා විමුක්ති පෙරමුණ ඔය කලාපේ සේවකයෝ නොමග යැවුවා. වෙළඳ කලාප වල ඉන්නේ නුගත් අය නිසා ඉක්මනටම රැවටුනා. දැන් බලපන් වෙන පුද්ගලික ආයතන වල අය උබල අපි ඔහොම හැසිරුනේ නැහැනේ.
එදත් කාලපේ සේවකයෝ එක්ක පිටින් ආපු මැරයෝ ඉදලා කට්ටිය උසි ගන්නල මිනිස් බිල්ලක් ගන්න බලන්න පොලිසිය එක්ක වලියක් ඇදලා ගත්තා. සිංහලෙන්ම කියනවනම් ලංකාවේ පොලිසි වල ඉන්නේ පො-නයෝ නෙවේනේ පොලිසියත් උගුලට අහු වෙලා රිටන් එක දුන්නා. පොලිස්පති කියන්නෙත් ආණ්ඩුවේ තමා. පොලිසියෙන් වැරද්දක් උනා ඒක අපි හැමෝම පිලි ගන්නවා. ඒක නිසා තමා එතුමා ඉතාමත් නිහතමානිව වැරැද්ද පිලි අරන් අයින් උනේ.

තේරුනේ නෑ
උඹ සිරාවටම මොරටු ගිය එකෙක්ද කියලා සැකයි මෙහෙම කඩේ යන එකෙන්
නෑ බං මූ කියනවනේ මූ එහෙමයි කියලා

