කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කව්රු මොනවා කිව්වත්
    පොලිසිය වෙඩි තිබ්බේ කාගේ උවමනවකටද???:growl:
    පොලිසිය වෙඩි තියද්දි කොල්ලන්ට කෙල්ලන්ට මහරජා කෝ???:growl:
    පොලිසිය වෙඩි තියද්දි CCTV කැමරා වල සටහන් උන ඒවා මාධ්‍ය මගින් පෙන්නුවාද???:growl:
    කඳුළු ගෑස්, ජල ප්‍රහාර නැතිව පොලිසියට වෙඩි තියන්න අයිතියක් කොහෙන්ද???:growl:

    මරු..

    කෝ "කඩේ BoyZ" ලා දෙන්න උත්තර..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මිනුවන්ගොඩ ජාඇල පොලීසි වලටත් හමුදා ආරක්ෂාව දීල. මිනුවන්ගොඩ ගල්ඔලුව ප්‍රදේශයට කමාන්ඩෝ ආරක්ෂාව.

    ඕකට කියන්නේ ආස්චර්යය කියලා..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    :lol::lol::lol:
    උඹ කියන්නෙ එදා ගල් ගහපු එවුන් ඔක්කොම ජෙප්පො කියල ද??

    මේක ජෝක් එකක්ද ??
    :rolleyes::rolleyes:

    ඔක්කොම ජෙප්පො නෙමේ , ඊට කලින් දවසක පොලීසියෙන් කටුණායක හංදියෙදි ඔය සේවකයන් වගේකට ගහල තිබ්බලු, ඒකෙත් වාඩුව ගන්නතව කීපදෙනෙක් ක්‍රියාත්මක වෙන්න ඇති. ගොන් ටැග් දැම්මට , රෙප් කැපුවට මට අදාල නෑ , එහෙම කරන්නෙ නිකන් කතාකරගන්න බැරි උනාම, උබට නෙමේ කියන්නෙ , දාපු උන්ට .මේක පොඩ්ඩක් සරලව කියන්නම් , මුලින්ම වැරැද්ද ආණ්ඩුවෙ ඒ ඉදිරිපත් කරන්න නියමිත පනත ගැන ජනතාව හරිහැටි දැනුවත් නොකිරීම, ඒ බව දැනගත්තු ජවිපෙ ගොඩයන්න විදියක් කල්පනා කරල මේකට හිමීට අත දැම්ම. ජවිපෙට අත දාන්න හොදම තැන ඔය කියන වෙළද කලාපය , මොකද බොහෝ පිරිසක් නූගත් වීම.
    ඒක එහෙම නෙමේනම් රට පුරා වෙනත් ආයතන වලින් ඔය කියන කැරලි මතුවෙන්න ඕන , ඒත් ඒක එහෙම උනේ නෑ , තවත් කාරනයක් ඔය කියන පනතෙන් කම්පණි අයිතිකාරයන්ගෙන් විශාල කොටසක් කපාගන්න නියමිතයි , සේවකයන්ගෙන් 1% වගේ කොටසක් , එතකොට කම්පණි අයිතිකාරයන්ට පාඩුයි , උනුත් වැඩේට අකමැතියි , ජවිපි ගොඩයන්න විදියක් හොයන කට්ටියනෙ. උනුත් වැඩේට සෙට්වෙලා කට්ටියට වැඩේ සෙට්කලා , පොලීසියට මුලින්ම ගල් ගැහැව්වෙ උන් , පොලීසියත් වැරදී මොකද ජීව උණ්ඩ භාවිතා කිරීම.ආණ්ඩුව වෙඩිතියන්න කියල කුණුගාගනී කියලනම් මම හිතන්නෑ .තවත් එකක් දැන් දවස් 4-5 ආයතන වහල තිබ්බ , අදත් උද්ඝෝශන , ප්‍රශ්නය කම්පණි වලට පාඩුවෙන නිසා එක විනාඩි පහකට සේවකයන්ට එලියට යන්න දෙන්නැති කොට ඇයි මෙච්චර පාඩු කරන් ඒ අයට උද්ඝෝශන කරන්න දෙන්නෙ , මේව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන , හැම දේකදිම ආණ්ඩුවට පමණක් අත දික් නොකර. අනිත් කුණුහරුප වලටනම් කමෙන්ට් දාන්න බෑ..
     
    • Like
    Reactions: perfectenamy

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අද නිවුස් වලට කිව්වා, ගුටිකාපු අයට පඩි හා වන්දි දෙන්න ඕනා කියලා JVP එක කෑගහනවාලු.
    බොරු විකාරනේ...
    පඩි දුන්නා කියමුකෝ, වන්දි දෙන්නේ මොන මඟුලකටද
     
    • Like
    Reactions: perfectenamy

    HunterzForums

    Member
    Jun 1, 2011
    101
    10
    0
    ඈ බොල ගොන් වස්සො. එතකොට වෙඩි තියපු පොලිස්කාරයො ජෙප්පො ද ?? ඕවා කියාපන් තෝ වගේ අට පාස් නැති ඔරුගොඩවත්තෙ තොගේ මුඩුක්කු පේලියේ එවුන්ට :growl::growl::growl:

    :yes: :yes: :yes: :yes: :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද නිවුස් වලට කිව්වා, ගුටිකාපු අයට පඩි හා වන්දි දෙන්න ඕනා කියලා JVP එක කෑගහනවාලු.
    බොරු විකාරනේ...
    පඩි දුන්නා කියමුකෝ, වන්දි දෙන්නේ මොන මඟුලකටද

    වන්දි දෙන්නෙ අසාධාරණයකට ලක්වුනු නිසා :nerd:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වන්දි දෙන්නෙ අසාධාරණයකට ලක්වුනු නිසා :nerd:

    ගැහුව නිසානේ ගුටිකෑවේ..
    පනත පිටින් දාලා JVP එක සේවකයන්ව ඉත්තෝ කරගන්න හදනවා කියලා නම් පේනවා,

    දැන් කටුනායක union හැදෙයි ඉස්සරහට, පඩි වැඩිකරන්න කියලා ඉල්ලීම් එයි.
    කර්මාන්ත වැහෙයි, ආයෝජකයෝ එන එකක් නෑ ලංකාවේ ආයෝජන කලාපවලත් union කචල් කියලා...
    මට පේන අනාගතය ඔයවගේ එකක්:baffled:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අද නිවුස් වලට කිව්වා, ගුටිකාපු අයට පඩි හා වන්දි දෙන්න ඕනා කියලා JVP එක කෑගහනවාලු.
    බොරු විකාරනේ...
    පඩි දුන්නා කියමුකෝ, වන්දි දෙන්නේ මොන මඟුලකටද

    ow aththa.padi deela gewanna bari pawak thama kare.maralay gahalay:dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගැහුව නිසානේ ගුටිකෑවේ..
    පනත පිටින් දාලා JVP එක සේවකයන්ව ඉත්තෝ කරගන්න හදනවා කියලා නම් පේනවා,

    දැන් කටුනායක union හැදෙයි ඉස්සරහට, පඩි වැඩිකරන්න කියලා ඉල්ලීම් එයි.
    කර්මාන්ත වැහෙයි, ආයෝජකයෝ එන එකක් නෑ ලංකාවේ ආයෝජන කලාපවලත් union කචල් කියලා...
    මට පේන අනාගතය ඔයවගේ එකක්:baffled:
    පොලීසිය සාමාන්‍ය නීතියට පිටින් ක්‍රියා කරල තියනවා කියලා ආණ්ඩුවත් පිලිගත්තා. ඒකෙන් අසාධාරණයට ලක්වුනු අයට වන්දි දීමේ වැරැද්දක් නෑ. කොහොම උනත් මේ පනතට විරුද්ධව අවශ්‍ය වෙලාවෙ දැනෙන තරමේ හඬක් නැගුවෙ JVP එක. මේ පනත ආණ්ඩුව ඔය කියන තරම් හොඳ නම් මෙච්ච්ර පිරිසක් එකතු කරන්න JVP එකට බෑ.
     
    supunsara

    Member
    Oct 14, 2010
    127
    4
    0
    ගැහුව නිසානේ ගුටිකෑවේ..
    පනත පිටින් දාලා JVP එක සේවකයන්ව ඉත්තෝ කරගන්න හදනවා කියලා නම් පේනවා,

    දැන් කටුනායක union හැදෙයි ඉස්සරහට, පඩි වැඩිකරන්න කියලා ඉල්ලීම් එයි.
    කර්මාන්ත වැහෙයි, ආයෝජකයෝ එන එකක් නෑ ලංකාවේ ආයෝජන කලාපවලත් union කචල් කියලා...
    මට පේන අනාගතය ඔයවගේ එකක්:baffled:

    :yes:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    he he he

    ow me matath msg enava.loku ayage thread walata reply laranna epalu.dapu post delete karannalu.naththan topa wage yanna wenavalu.kawda topa kiyanne??sunimal aiyanan wenna ba me msg karanne.eya tikak pissu natuwata mage yaluwane.mage kawi walata comment karannath enava .adahas praksha kireema waradakda??meka prajathanthra wadee ratak neweda doooooooooooooooooooooooooooooo :Pna ne .amathaka una ;)

    baya wenda epa mama innawa,sunimala monahari kiwoth kiyanda,me thred eke mama katha karala thiyana hati wadiya ganan ganda epa,mala panala dana coment thama
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com

    ඔක්කොම ජෙප්පො නෙමේ , ඊට කලින් දවසක පොලීසියෙන් කටුණායක හංදියෙදි ඔය සේවකයන් වගේකට ගහල තිබ්බලු, ඒකෙත් වාඩුව ගන්නතව කීපදෙනෙක් ක්‍රියාත්මක වෙන්න ඇති. ගොන් ටැග් දැම්මට , රෙප් කැපුවට මට අදාල නෑ , එහෙම කරන්නෙ නිකන් කතාකරගන්න බැරි උනාම, උබට නෙමේ කියන්නෙ , දාපු උන්ට .මේක පොඩ්ඩක් සරලව කියන්නම් , මුලින්ම වැරැද්ද ආණ්ඩුවෙ ඒ ඉදිරිපත් කරන්න නියමිත පනත ගැන ජනතාව හරිහැටි දැනුවත් නොකිරීම, ඒ බව දැනගත්තු ජවිපෙ ගොඩයන්න විදියක් කල්පනා කරල මේකට හිමීට අත දැම්ම. ජවිපෙට අත දාන්න හොදම තැන ඔය කියන වෙළද කලාපය , මොකද බොහෝ පිරිසක් නූගත් වීම.
    ඒක එහෙම නෙමේනම් රට පුරා වෙනත් ආයතන වලින් ඔය කියන කැරලි මතුවෙන්න ඕන , ඒත් ඒක එහෙම උනේ නෑ , තවත් කාරනයක් ඔය කියන පනතෙන් කම්පණි අයිතිකාරයන්ගෙන් විශාල කොටසක් කපාගන්න නියමිතයි , සේවකයන්ගෙන් 1% වගේ කොටසක් , එතකොට කම්පණි අයිතිකාරයන්ට පාඩුයි , උනුත් වැඩේට අකමැතියි , ජවිපි ගොඩයන්න විදියක් හොයන කට්ටියනෙ. උනුත් වැඩේට සෙට්වෙලා කට්ටියට වැඩේ සෙට්කලා , පොලීසියට මුලින්ම ගල් ගැහැව්වෙ උන් , පොලීසියත් වැරදී මොකද ජීව උණ්ඩ භාවිතා කිරීම.ආණ්ඩුව වෙඩිතියන්න කියල කුණුගාගනී කියලනම් මම හිතන්නෑ .තවත් එකක් දැන් දවස් 4-5 ආයතන වහල තිබ්බ , අදත් උද්ඝෝශන , ප්‍රශ්නය කම්පණි වලට පාඩුවෙන නිසා එක විනාඩි පහකට සේවකයන්ට එලියට යන්න දෙන්නැති කොට ඇයි මෙච්චර පාඩු කරන් ඒ අයට උද්ඝෝශන කරන්න දෙන්නෙ , මේව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන , හැම දේකදිම ආණ්ඩුවට පමණක් අත දික් නොකර. අනිත් කුණුහරුප වලටනම් කමෙන්ට් දාන්න බෑ..

    :yes:
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    ජවිපෙ හැමදාමත් අහිංසකයන් මැරුවා

    ජවිපෙ හැමදාමත් අහිංසකයන් මැරුවා
    Dilan-perera.jpg

    විවිධ ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ අහිංසකයන් මරා දමා තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළේද ජනතා විමුක්ති පෙරමුණ බව ඒ මහතා පවසයි. විදේශ රැකියාවන්හි නියුතු වූවන් සිටින ස්ථාන වෙත ගොස් ගැටුම් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව කී ඇමැතිවරයා එවැනි ස්ථානයන්හි ගැටලුකාරී තත්ත්වයක් ඇති කිරීමට රජය ක්‍රියා නොකළ බවද කීය.

    ඇමැති ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඔලිම්පික් නිවහනේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කටුනායක උද්ඝෝෂණයත් රොෂේන් ෂානකගේ මරණයත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මේ හමුව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පටු දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කරන අවස්ථාවක රටේ ආර්ථිකයට ශක්තිය දෙන විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පිරිනමන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇති වූ සිද්ධිය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා විරෝධතා පැවති ස්ථානයට ආයුධ රැගෙන යාමට කිසිවකුගේ අවසර ලැබී නැති බවද කීය. එවැනි අවසරයක් නොලැබුණු තත්ත්වයක් තුළ ආයුධ රැගෙන යාමේ වගකීම බාර ගනිමින් පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඉල්ලා අස්වූ බවද කීය. මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශයේ සාමාජිකයන් මරා දැමීමට ඔවුන් පාවා දුන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය උසස්වීමක් ලබා දෙමින් පොලිස් අධිකාරී තනතුරට පත් කළ බවත් උසාවියෙන් නියෝග කළ දඩ මුදල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගෙවා දැමූ බවත් සිහිපත් කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ හැම විටම ක්‍රියා කළේ පුද්ගලයින් මරා ලේ තවරාගෙන තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටය. කටුනායක සිදුවීමේදී ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල පොලිසිය ඉටු කර දුන් බවද පෙරේරා මහතා කීය. කටුනායක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කී ඒ මහතා තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවද ඒ මහතා කීය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය නවතා දැමීමට කටයුතු නොකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    දරුවන්ගේ ඔලුවලට බහුබූත දානවා මොළේ පෑදුණු

    දරුවන්ගේ ඔලුවලට බහුබූත දානවා මොළේ පෑදුණුදාට අපරාධ නැති වේවි

    මිය ගිය රොෂේන් ගේ පියා හඬමින් කියයි

    :(

    ‘දරුවන්ගේ ඔලුවට බහුබූත දාන ක්‍රියාවන් නිසා අපේ දරුවෝ විතරක් නොවෙයි අපිත් දුක් විඳීනවා. ඒ අයගේ මොළේ පෑදුනු දාට මේ වගේ අපරාධ සිද්ධ වෙන එකක් නැහැ.’කටුනායක වෙළෙඳ කලාප සේවක උද්ඝෝෂණයේ දී වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂේන් ශානකගේ (22) පියා වන ස්ටැන්ලි කුවින්ටස් රත්නසේකර තම පුතා ගැන එසේ කියා සිටී. මේ උද්ඝෝෂණයට තමන්ගේ පුතා සම්බන්ධ නැති බවත්, ඔහුට වෙඩි වැදී ඇත්තේ වැඩපළේ ඇතුළේ සිටියදී බවත් කියා සිටින රත්නසේකර මහතා ඒ වුණත් මගේ පුතා මට වීරයෙක් බව ද කියයි.

    මෙහිදී රොෂේන් කී කථාවක් හැඬූ කඳුලින් පියා මෙසේ සිහිපත් කරයි. පුතා කිව්වේ මම රස්සාවට ගිහින් මාස 04 යි. මට ලැබුණ දෙයක් ලැබුනාවේ. මගේ රස්සාව රැක ගන්න ඕන කියලයි මගේ රත්තරං පුතා කීවේ. මේ සිද්ධීන්ට සම්බන්ධ නොවූ බවට මට විශ්වාසයි. සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වැන්නා වූයේ රොෂේන් ය. ඔහුගේ පදිංචිය මිනුවන්ගොඩ, ගල්ඔලුවය. බුරුල්ලපිටිය මහ විදුහලේ දීප්තිමත් සිසුවෙකු වූ රොෂේන් උසස් පෙළ සමත් ය. ගේ දොර පිළිවෙළක් කර ගැනීමට ද ඔහු අදහස් කෙළේ ය. ආදායමක් නොතිබීම ඊට ගැටලුවය.

    මීට මාස 4 කට පෙර රොෂේන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සුදු යකඩ නිෂ්පාදනාගාරයක රැකියාවකට ගියේය. යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයට විරෝධය දැක්වුවත් රොෂේන් ඒවා ගණන් නොගෙන රැකියාවට මුල් තැන දුන්නේ ය. එහෙත් පසුගිය 30 වැනිදා සුපුරුදු පරිදි අක්කාගෙන් රුපියල් සීයක් ඉල්ලාගෙන රැකියාවට ගිය මේ මල්ලීට යළි නිවසට ඒමට තෙදිනක් ගතවිය. යළි නොනැගිටින නින්දක යෙදුනු ඔහු මේ දින තුනේදී සීදුව මෙන්ම රාගම මහ රෝහලේ ද ප්‍රතිකාර ලැබුවේ රටේම අවධානයට ලක්වෙමිනි. ඔහුගේ දෙපයට වෙඩි වැදී තිබුණේ ඔහුගේම සේවා ස්්ථානය තුළදීය.
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    කටුනායක සිද්ධිය දා උද්ඝෝෂකයෝ සමඟ ජවිපෙ ල&#3548

    කටුනායක සිද්ධිය දා උද්ඝෝෂකයෝ සමඟ ජවිපෙ ලොක්කන් දුරකථන සංවාදයේ

    කටුනායක නිදහස් වෙළඳ කලාප භූමියේ ඇති වූ කළහකාරී සිද්ධියට නායකත්වය දුන් පිරිස් සිද්ධිය වන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණු නායකයන් සමඟ සෘජු දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිරිස සංවිධානාත්මක ලෙස හැසිරුණු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ දේශපාලන ක්‍රියාකාරීන් මේ පිරිස හසුරුවා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී තිබේ.

    කටුනායක ආයෝජන මණ්ඩල සේවකයන්ගේ විරෝධතා ව්‍යාපාරය සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ දුරකථන කුලුනු හරහා හුවමාරු වූ දුරකථන පණිවිඩවලට සවන්දීමෙන් මෙම තොරතුරු හෙළිකර ගත හැකි වී ඇත. සේවක විරෝධතාවය දඩමීමා කරගෙන කළහකාරී ලෙස හැසිරෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එම පණිවිඩ හුවමාරු ඔස්සේ ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ අරඹා ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය හරහා ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වූ දෑ භීෂණයෙන් හා කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙමින් ඉටුකිරීමට මාන බලන දේශපාලන අවස්ථාවාදීන් පිළිබඳව ප්‍රවේශම් වන්නැයි වැඩකරන ජනතාවගෙන් රජය ඉල්ලා සිටියි.
     
    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    පිටස්තරින් ආ මැරයන් උද්ඝෝෂණයට රිංගුවා

    ඇමැති විමල්

    Vimal.jpg

    ඇතැම් දේශපාලන පක්ෂවල පටු අභිමතාර්ථයන් සපුරාලීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ප්‍රහාරවලට පිටස්තරින් පැමිණි මැර කල්ලි සම්බන්ධ වූ බව, ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.එම දේශපාලන පක්ෂවල අරමුණ වූයේ මේ සිද්ධිය පාදක කොට ගනිමින් නර බිල්ලක් ගැනීම බවද හෙතෙම අවධාරණය කළේය. පිටස්තරින් පැමිණි මැර කල්ලි විසින් නිරායුධ පොලිස් නිලධාරීන්ට පහර දීම සිදු කර නිදහස් හා සාමකාමීව පැවැත් වූ උද්ඝෝෂණය යුද පිටියක් බවට පත් කළ බවද ඒ මහතා කීය.

    ඇමැතිවරයා මෙසේ පැවසුවේ මොරටුව අඟුලාන නාගරික ජනතාව වෙනුවෙන් ඉදිකරන මහල් නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ සහභාගි වෙමිනි. මුහුදු ඛාදනයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ කටුනායක වෙළෙඳ කලාපයේ ඇතිවූ සිද්ධිය හේතු කොට ගෙන එහි වගකීම භාරගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස්වීම සියලු දෙනාටම ආදර්ශයක් වූ බවයි. මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ දෙයක් බවද හෙතෙම පැවසීය. පටු අරමුණු සහිත ඇතැම් පිරිස් මෙවැනි ක්‍රියාදාමයන් රට තුළ සිදු කර බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වන බවට ලෝකයාටම පෙන්වීම බවද වැඩිදුරටත් පැවසීය.
     
    • Like
    Reactions: coolkasun

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    මම JVP නෙවේයි.එත් මේ වෙච්ච දේ ගැන පොඩ්ඩක් හිතල බලපන්

    1.පොලීසියට මෙච්චර කට්ටියකට ගහන්න හයියක් තියෙන්නෙ කොහොමද කියල.

    2.ඉහල අණකිරීමක් නැතුව පොලීසිය ඔහොම බල්ලන්ට වගෙ ගහයිද?

    3.ඇයි බලෙන් මිනිස්සුන්ට විස්ශ්‍රාම වැටුපක් දෙන්න හදන්නෙ?

    4.මේක එප කියන්නෙ වැඩ කරන මිනිස්සු නම් කලපේ විතරක් මෙකෙන් නිදහස් කරන්නෙ මේ විස්ශ්‍රාම වැටුප් ක්‍රමයේ මොකක් හරි යටිකූට්ටුවක් ආණ්ඩුවේ තියනව.
     
    • Like
    Reactions: subspace

    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13