කටුනායක ගුවන් ගමන් වල ඉහළ වර්ධනයක්!
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගමන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. පසුගිය වසරේ දී ගුවන්යානා 61,537 ක ප්‍රමාණයක් මෙහෙය වූ ගුවන්තොටුපොළ ගුවන් මගීන් මිලියන 8.5ක් මෙහෙයවා ඇත. මෙහිදී පැසසිය යුතු කරුණක් වන්නේ ගුවන් මගීන් මිලියන 6 ක ප්‍රමාණයක් වාර්ෂිකව හැසිරවීම සඳහා පර්යන්ත ගොඩනැගිලි සහ අනෙකුත් ගුවන්තොටුපොල පහසුකම් සකස්කර තිබියදී මෙම මිලියන 8.5 ක ප්‍රමාණය හසුරවා තිබීමයි.
2016 පළමු මාස 6 නිම වන විට ගුවන් යානා 33,000ක් ඉක්මවූ ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළ මගින් හසුරවා ඇත. එය ගුවන්තොටුපොළ ඉතිහාසයේ මාස හයක් තුල මෙතෙක් මෙහෙයවූ වැඩිම ගුවන් යානා ප්‍රමාණය වාර්තා කරමිනි.
දිනකට ගුවන් ගමන් වාර 170ක් පමණ ක්‍රියාත්මක වන කටුනායක ගුවන්තොටුපොළ සඳහා විදෙස් ගුවන් සමාගම් 24 ක් පමණ පැමිනේ. එමෙන්ම රාජකීය KLM ගුවන් සේවය ද එළඹෙන ඔක්තෝබර් මස සිට කටුනායක වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.
lankaaviationnews