කටුනායක ගුවන් හමුදා කඳවුරේ 2001 ත්‍රස්ත ප්‍ර&#

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    කටුනායක ගුවන් හමුදා කඳවුරේ 2001 ත්‍රස්ත ප්‍ර&#

    දිනය 2001 ජූලි 24 වෙනිදා.විනෝද ගමනක් යතැයි සිතිය හැකි තරුණ කණ්ඩායමක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ බටහිර සීමාවේ පිහිටි මේජර් රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයට ඇතුල්වෙත්දි
    වෙලාව රාත්‍රී නවයට විතර ඇති.
    සැහැල්ලු ඇඳුම්වලින් සැරසිල පෝරබෑග් මලු අරගෙන මාතර පුවරුව ගහපු රෝස්බස් එකකින් ක්‍රීඩාංගනයට ඇවිත් සිංහල සින්දු කියලිය විනෝද උනු මේ පිරිස හදිසියෙම අඳුරු පැහැ ඇඳුම් වලට මාරුවෙලා අතුරුදන් වෙනව.
    මේ පිරිස ගැන සක සිතුනු අසල්වාසීන් වන දයානන්ද හා ෆොන්සේකා යන දෙදෙනා ඒ බව පාමුර සංචාරයෙ යෙදුන ගුවන් භටයන් දෙදෙනෙකුට ඒ බව දැනුම් දෙනව.
    පිරිස ක්‍රීඩාංගනයට ගොස් සොයාබැලුවත් ආහර ද්‍රව්‍ය හා ඇන්දුම් පැලඳුම් හැරෙන්නට අන් කිසිවක් ඔවුන්ට හමුවෙන්නෙ නෑ.
    සරල පරීක්ශාවකින් පසු බියවීමට දෙයක් නැති බව පැවසූ ගුවන් භටයන් යන්නට යනව. කටුනායක ගුවන් තොටුපලට පහරදෙන්න පැමිණි මරාගෙන මැරෙන කොටි කල්ලිය ආරක්ශක අංශවල ඇස් වලට අසු නොවී නූලෙන් බේරෙනව.
    ගුවන් කඳවුරේ හුදකලා ස්ථානයකට පැමිනෙන ඔවුන් එහි ආරක්ශක කම්බි කපාදමා කඳවුරට පය තබනව.
    අක්කර හත්සීයක වර්ග ප්‍රමානයකින් හා 8000කට අධික පිරිසකගෙන් සමන්විත ගුවන් කඳවුර දැඩි ආරක්ශිත ප්‍රදේශයක්.
    වෙලාව රාත්‍රී 1.30ට පමණ වව්නියාව කඳවුරේ සිට නිවෙස් බලා යාමට පැමිණි ගුවන් සැරයන් වරයෙකු කඳවුරු පිටත ඉම ආසන්නයේ පාර මාරුවන නාඳුනන පිරිසක් දකිනව.ඒ විවාහක නිලධාරි නිල නිවාස ආසන්නයට වන්නට.තමන්ගෙ ගමන පසෙක තැබූ සැරයන් වරය ඒ බව අසල මුර කුටියක සේවයේ නිරත සෙබලෙකුට දන්වනව.නමුත් සෙබලා ඒ බව ඉහල නිලධාරීන්ට දැන්වීමෙන් වලකිනව.
    ත්‍රස්ත කල්ලිය දෙවන වරටත් නූලෙන් බේරෙනව.
    පැය භාගයකට පමන පසු ජෙට් යානා බලගණය ප්‍රදේශයේ රාජකාරියේ නියුතු සැරයන් වරයෙක් අවට සැරිසරන සන්නද්ධ පිරිස දැක වහා මෙහෙයුම මැදිරිය අමතනව.
    ඒඔවුන් කිසියම් විශේෂ ගිවන් භට කන්ඩයක් මුර සේවයේ යෙදෙව්වාදැයි දැන ගැනීමට.
    කෙසේ හෝ අවාසනාවකට ගුවන් භට කණ්ඩයක් ඒ මොහොතේ රැකසිට පහරදීමේ මුරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනව.
    සැරයන් වරයා මේ පිරිස එම ගුවන් භටයන්යැයි සිතා ඔහුට ලැබුණු පිලිතුරෙන් සෑහීමකට පත්වෙනව.
    කොටි කල්ලිය තුන්වන වතාවටත් හඳුනාගැනීමට ලක් නොවී නූලෙන් බේරෙනව.
    කිසි වෙකුටත් අසු නොවී කඳවුරු මධ්‍යයටම පිවිසි ත්‍රස්ත කල්ලිය ආරක්ශක කම්බි කපාදමා ජෙට් හා හෙලිකොප්ටර් බලඝණ පිහිටි ප්‍රදේශයට ඇතුල් වෙනව.අභිරහස් ලෙස කඳවුරු බෙමේ විදුලිය ඇණ හිටින්නෙත් මේ මොහොතෙයි.
    කණ්ඩායම් දෙකකට කැඩුනු පිරිස එක් පිරිසක් හෙලිකොප්ටර් අංගනය දෙසරත් සෙස්සන් ජෙට් අංගනය දෙසටත් ගමන් කරනව.
    විදේශ ගුවන්යානා සියල්ල ගුවන් තොටුපලෙන් පිටවන තුරු දෙපිරිස රැක සිටිනව.
    වෙඩි හඬින් කටුනායක දෙදරුම් කෑම ඇරඹෙන්නෙ පාන්දර 3.50ට විතර.දහ අට වසරක බෙදුම්වාදී යුද්ධයෙ විනාශකාරීම ත්‍රස්ථ ප්‍රහාරය ඇරඹෙන්නෙ එහෙනයි.
    ආරක්ශිට්ජ කුටීර වලින් පිටත රඳපු ගුවන් යානා ට්ජ්‍රස්තවාදීන් සතු ආර් පී ජී හා සැහැල්ලු යුධ ටැංකි නාශක අවි වල ප්‍රහාරයට ලක්වෙනව
    .ඉන් පසුව දෙපිරිසේ අවධානය යොමුවෙන්නෙ ආරක්ශිත කුටි තුල රඳවා ඇති ප්‍රහාරක යානා පිලිබඳව.
    ඒ මොහොතේ එහි ආරක්ශාවට සිටි ගුවන් භටයන් හා කොටි අතර වෙඩි හුවමාරුවක් සිදුවෙනව.
    ත්‍රස්තවාදීන් තමන්සතු ජී පී එම් ජී අවි වලින් දිගට හරහට පහර දෙනව.
    ආරක්ශිත කුටි වල ගැල්වනයිස් තහඩු විනිවිද යන උන්ඩ ඒ තුල තිබූ යානාවලට හානි සිදුකරනව.කුටීර දොරවල් පේනේර බවට පත්වෙනව.ගුවන් යානාවල බඳ සිදුරුවෙනව.
    ප්‍රභූ ප්‍රවාහන රාජකාරි සඳහා වෙන් කල හෙලිකොප්ටර් යානා පවා ප්‍රහාරයට ලක්වෙනව.
    කඳවුරේ අණදෙන නිලධාරී
    ආර් ඒ ආනන්ද ප්‍රහාරය පිලිබඳ ගුවන් හමුදාපති ජයකත් වීරක්කොඩි දැනුවත් කරනව.
    කොලඹ අවට රැඳවූ කමාන්ඩෝ හා සන්නහා සන්නද්ධ භටපිරිස් වහාම කටුනායක ප්‍රදේශට පිටත් කෙරෙනව.
    බස්නාහිර නාවික විධානයට අයත් සෙබල පිරිස්ද වහ වහා ප්‍රදේශයට පැමිණෙනවා.
    ආරක්ශක නියෝජ්‍ය ඇමති රත්වත්තේ,ආරක්ශක මාණ්ඩලික ප්‍රධානි රොහාන් දලුවත්ත ඇතුලු ඉහල නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියට රොක් වෙනවා.
    ඒවනවිටත් ආධාරක භටපිරිස් වල සහයක් නොලඹාම ජෙට් හා හෙලිකොප්ටර් අංගන අසල දරුණු සටන් ඇවිල යනව.
    ගුවන් යානා රන්දන කුටි දෙසට පැමිනීමට උත්සහකරන කොටින්ට ආරක්ශක ගුවන් භටයන්ගෙන් දැඩි ප්‍රතිරෝධයක් එල්ලවෙනව.
    ධාවන පථයෙ කෝණේ ඉඳන් මැශින් තුවක්කු වලින් පහරදෙන ත්‍රස්තයන් සමග රයිෆල් තුවක්කු වලින් සන්නද්ධ ගුවන් සෙබලු නිර්භීත ලෙස සටන් කරනව.
    ආරක්ශිත කුටීරයකට මුවාවී සටන් කල ගුවන් සෙබලු තිදෙනෙක් කොටි ප්‍රහාර හමුවෙ දිවි පුදනව.
    මිනිත්තු 45ක දරුණු වෙඩි හුවමාරුවට පසු කොටි ත්‍රස්තයන් 8 දෙනෙක් මරු වැලඳ ගන්නව.
    ආරක්ශිත කුටි දෙසට පිවිසීම අසීරු බව තේරුම්ගත්තු ඉතිරි ත්‍රස්තයන් හයදෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිවිල්.යානා දෙසට හැරෙනව.
    ගුවන් භටයන් හයදෙනෙක් පමණක් ආරක්ශාවට යෙදවුනු ප්‍රදේශය වෙත ත්‍රස්තවාදීන් කඩා පනිනව.
    හෙලිකොප්ටර් අංගනයට ඔබ්බෙන් ඵිටි ධාවන පථය හරහා මාරුවූ ත්‍රස්තයන් මැශින් තුවක්කු හා යුධ ටැන්කි නාශක අවි වලින් සිවිල් යානා වලට පහර දෙනව.ඒ 330 වර්ගයේ මගී යානවක් ප්‍රහාරයෙන් විනාස වෙනව.
    පියාසර ලුතිනන් සුලෝච්න අතපත්තු ප්‍රමුක භට කන්ඩායමක් එල්ලකල ප්‍රති ප්‍රහාරයෙන් කොටි දෙදෙනෙක් මරු වැලඳ ගන්නව.
    ජාත්‍යන්තර ගුවන් තොටුපල එකම ගාලගෝට්ටියක් බවට හැරෙනව.ආරක්ශක අංශ වහවහා සිවිල් වැසියන් ගුවන් තොටුපලෙන් පිටතර ගෙනියනව.
    මේ අතර හදිසියේ කඩා වැදුනු ත්‍රස්තයෙක් තවත් ඒ 330 ගුවන් යානාවක බෝම්බ අටවා පුපුරවා හරිනව.
    හිස් ටර්මිනල් ගොඩනැගිල්ල ඉතුරු ත්‍රස්තවාදීන් සිව්දෙනාහෙ ග්‍රහනයට පත්වෙනව.ත්‍රස්තයන් දෙදෙනෙකු ගොඩ නැගිල්ලේ වහල මතත් දෙදෙනෙකු ගොඩනැගිල්ල තුලත් ස්ථානගත වෙනව.
    යුධ හමුදා කමාන්ඩෝ සෙබලුන් හා ආධාරක කන්ඩායම් සිද්ධිය වූ ප්‍රදේශයට කඩා වැදීමත් සමගම දරුණු ගැටුම් ඇවිලයනව.
    කොමාන්ඩෝ සෙබලුන් විසින් කොටු කරනු ලැබූ ත්‍රස්තවාදියෙක් සිය මරාගෙන මැරෙන ඇඳුම පුපුරවා ගන්නව.
    සුලු මොහොතකට පසු තවත් කාල බෝම්බයක් ගොඩනැගිල්ල තුල පුපුරා යනව.
    ගොඩ නැගිල්ලට කඩා වදුනු කොමාන්ඩෝ සෙබලෙක් අවාසනාසන්ත ලෙස මිතුරු පාර්ශවයෙ ප්‍රාහාරයකින් මිය යන්නෙ මේ අතරයි.
    කොටුවීමට ලක්වූ තවත් ත්‍රස්තවාදියෙක් තමන් සතු මරාගෙන මැරෙන ඇඳුම පුපුරවාගෙන මිය යනව.
    ත්‍රස්ත ප්‍රහාර හමුවෙ තවත් ගුවන් සෙබලු තිදෙනෙක් දිවි දෙනව.
    උදෑසන 8.35ට පමණ ගොඩ නැගිල්ලෙ ඒහල මත සිට එල්ලවූ ආර් පී ජී ප්‍රහාරයකින් ඒ 340 මගී යානාවක් අලුවෙලා යනව.
    කෙසේ නමුත් අවට ස්ථානගතව සිටි සීයකට ආසන්න සෙබලුන්ට ඉන් කිසිඳු හානියක්.වන්නේ නෑ.
    පැය හයක ජවනිකාව අවසන් වන්නෙ ගොඩනැගිල්ලෙ වහලමත සිටි ත්‍රස්තයන් දෙදෙනා පිටත භට පිරිස් අතින් මැරුම් කෑමෙන් පසුව.
    ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමෙනව.
    ගැටුමෙන් ආරක්ශක අංශ සාමාජිකයන් හත් දෙනෙක් දිවි පුදනව.
    පහත දැක්වෙන දේපල හානි ලංකාවෙ ආර්ථිකයට මරු පහරක් එල්ල කරනව.


    Aircraft destroyed:
    1 Mi-17 attack helicopter,
    1 Mi-24 attack helicopter,
    3 K-8 jet trainers,
    2 Kfir fighter jets,
    1 MiG-27 fighter jet,
    2 Airbus A330s,
    1 Airbus A340

    Aircraft damaged:
    5 K-8 jet trainers,
    5 Kfir fighter jets,
    1 MiG-27 fighter jet,
    1 Airbus A340,
    1 Airbus A320
    1 other military aircraft


    Source

    main6pic1.jpg

    කඳවුර වටා ඇති ආරක්ෂක කම්බි කපා දමා ත්‍රස්තයන් ඇතුලු වූ ස්ථානය

    53e5b1c496b4.jpg


    airport_3.jpg


    6.jpg


    airport_2.jpg


    the-charred-remains-of-a-srilankan-airlines-airbus-sits-on-the-tarmac-picture-id51342994
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    නොසැළිමත්කම නිසා සිදුවූ විනාසයක්.ඕකෙන් පස්සේ ගොඩක් රටවල් ලංකාවට ඵයාලගේ ෆ්ලයිට් ඵව්වේ නැහැ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    නොසැළිමත්කම නිසා සිදුවූ විනාසයක්.ඕකෙන් පස්සේ ගොඩක් රටවල් ලංකාවට ඵයාලගේ ෆ්ලයිට් ඵව්වේ නැහැ.

    අනිවා.:yes:වෙන රටකනම් ඔය වගේ අතපසු කිරීම් කරපු ඔක්කොම අස් කරනවා.බලපන් රටට වෙලා තියෙන පාඩුව කොච්චරක්ද.:sorry:.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අනුරාධපුර එයාර් බේස් එකටත් ඔය වගේම කෙලියා නේ.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනිවා.:yes:වෙන රටකනම් ඔය වගේ අතපසු කිරීම් කරපු ඔක්කොම අස් කරනවා.බලපන් රටට වෙලා තියෙන පාඩුව කොච්චරක්ද.:sorry:.

    :yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මහින්ද නැත්නම් තාමත් යුද්දෙ. යුද්දෙ නවත්තන්න වෙන රටවල් කොච්චර උත්සහකරාද​. සරත් ෆොන්සේකා කියන්නෙත් සුපිරි නායකයෙක්. දේශපාලන ණක් හැදිලා දැන් යූන්පී කටු ලෙවකනවා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    TFS+++++
    මගේ ජීවිතේ වැඩියෙන්ම දුක්වෙච්ච දවස තමයි එදා 2001 ජුලි 24. එතකොට මම ඕලෙවල් කරල ඉවර වෙලා හිටිය කාලෙ, ඒත් මම හොඳටම දැනගෙන හිටියා වරායට හරි එයාර්පෝර්ට් එකට හරි කොටි ගැහුවොත් රට ඉවරයි ඒවගේම ඒ තැන් වලට ගහන්න උන් කුරුමාණම් අල්ලනව කියල. උදේ නැගිටිනකොටම අහන්න ලැබුනෙ ඒ මූසල ආරංචිය. දවල් වෙනකම් ටීවී රේඩියෝ වල ඕක ගැන සජීවි ව තිබුන ඒව බැලුව මතකයි. පස්සෙ ඒකේ ප්‍රතිවිපාක විදියට ලොයිඩ් වගේ රක්ෂණ සමාගම් වලින් ලංකාවට රක්ෂණ අධිභාර දාලා පුදුම ආර්ථික පීඩනයක් දැනුනෙ. ලංකාවට යුද්දෙ දිනන්න බෑ කියන මතේ තදින් එන්න මේ ප්‍රහාරය බලපෑව ඒකාලෙ. ඒකෙ ප්‍රතිථලයක් විදියට ඒ අවුරුද්දෙ අන්තිම තිබිච්ච මැතිවරණයෙන් ආණ්ඩුව පරාද කරල යූ එන් පී ආව. රනිල් වුනත් එතකොට ලංකා හමුදාවට කිසිලෙසකින්වත් කොටි පරද්දන්න බෑ කියල මතේ තමයි දැඩිව හිටියෙ. මේක පැහැදිලිවම ලංකා ඉතිහාසයේ turning point එකක්
     
    • Like
    Reactions: Koalabanti